ඔබේ ජන්ම පත්‍රයේ ලග්නය අනූව යොමූවිය යූතු අධ්‍යාපන ක්ෂේත්‍රය හඳුනාගන්න

වත්මන් දරු පරපූරට දෙමවූපියන්ගෙන් ඉටූවිය යූතු යූතුකම් අතර වඩාත්ම වැදගත් යූතුකම වියයූත්තේ ඔවූන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයූතු කෙබඳු අරමූණක් යටතේ ඉදිරියට යායූතුදැයි තෝරා බේරා දීමයි.

 
විභාගයෙන් සමත් කිරීම තුළින් උගතෙකු ඇති වූවේ යැයි සිතිය නොහැකිය. විවිධ පොත පත කියවා ඇසූ පිරූ තැන් දෑනගත් අයෙකුට පවා උගතෙකු විය හැකියි.


එක් එක් කාල තුළ දරුවාට ලබා ඇති ග්‍රහ බලපෑම අනූව අධ්‍යාපනයේ ඵලයන් වෙනස්වන බව පසූගිය සතියේ ලිපියෙන් පවා සටහන් කළා ඔබට මතක ඇති.


මෙවර අවධානය යොමූ කරවන්නේ ජ්‍යොතිෂය අනූව උපන් ලග්නය හෙවත් රාශිය අනූව කෙනකු අධ්‍යාපනයේ දකෂතා පෙන්වන ක්ෂේත්‍ර පිළිබඳ දෑනූමක් ලබාදීමටයි. මෙම තත්ත්වයන් තේරුම් අරගෙන දරුවන් එම ක්ෂේත්‍ර කෙරෙහි යොමූ කරවීමෙන් වඩාත් සූබ ඵල ලැබීමට හැකි බව ජ්‍යොතිෂයේ සඳහන් වේ.


මේෂ


සියූම් කාර්මික දේ ඉගෙනීමට, යූද්ධ පූහූණූවට, යූද්ධ උපක්‍රම සඳහා, තර්ක ශාස්ත්‍රයට, ශල්‍ය වෛද්‍ය අංශය, මනෝ වෛද්‍ය විද්‍යාව, වෛද්‍ය අංශය, සර්වාංග වෙදකම, භූත විද්‍යාව, රසායන සහ සත්ත්ව විද්‍යාව කෙරෙහි මෙන්ම මායා ශාස්ත්‍රය කෙරෙහිද දකෂ වේ.


වෘෂභ


කාව්‍ය, නෘත්‍ය අංශ ඉගෙනූමට, චිත්‍ර කර්මය, නළුනිළි පූහූණූ කරවීම් වලට, ගෘහ අලංකාර කිරීමේ කටයූතුවලට, මැණික් විද්‍යාව, තෘණ විද්‍යාව, නීති ශාස්ත්‍රය, ආර්ථික විද්‍යාව, උයන්වතු සකස් කිරීමේ කලාව වැනි ඉගෙනීම් කටයූතුවලට දකෂ වේ.


මිථූන


සියලුම අංශයේ ගණිත ශාස්ත්‍ර, සංගීත සාහිත්‍ය, ගී පබැඳුම් කලාවන්ට, කාව්‍ය ග්‍රන්ථකරණයට, පූවත්පත් කලාව, නීති ශාස්ත්‍රය, මූද්‍රණ අංශය, ශ්‍රව්‍ය�දෘශ්‍ය සන්නිවේදන කටයූතුවලට දකෂ වේ.


කටක


වෙළෙඳ, චිත්‍ර කර්මය, කාව්‍ය නාට්‍ය සිනමා මෙන්ම සාහිත්‍ය අංශවලට, සත්ත්ව විද්‍යාව, පූවත්පත් සඟරා කටයූතු පර්යේෂණාත්මක අංශ, ඉතිහාසය� පූරාවිද්‍යා අංශවලට සමත්කම් දක්වයි.


සිංහ


ඉන්ජිනේරු කර්මාන්තය, නීති ශාස්ත්‍රය, කැලෑ වැවීම, වතු වැවීම, සත්ත්ව විද්‍යාව, භූගර්භ ශාස්ත්‍රය, අධ්‍යාත්ම විද්‍යාව කෙරෙහි යොමූවීම සූබයි.


කන්‍යා


සියලු ගණිත අංශ, තෘණ විද්‍යාව, විද්‍යාත්මක පර්යේෂණ, බෙහෙත් සහ රසායන ද්‍රව්‍ය සම්බන්ධ අංශ, දේශපාලනය, රාජ්‍ය පරිපාලන කටයූතු, ගුරු වෘත්තිය වැනි වෘත්තීමය කටයූතු කෙරෙහි ඉගෙනූම යෝග්‍ය වේ.


තුලා


ආර්ථික විද්‍යාව, ගෘහ නිර්මාණ ශිල්පය, ජ්‍යොතිෂ ශාස්ත්‍රය, වෛද්‍ය අංශ, නීති අංශය, ඡායාරූප ශිල්පය, වෙළෙඳ උපක්‍රම, දර්ශන විද්‍යාව, අලංකාර ශාස්ත්‍රය, චිත්‍ර කලාව, මෝටර් කර්මාන්ත අංශය, මැහූම් කර්මාන්තය කෙරෙහිද යොමූවීම හොඳයි.


වෘශ්චික


ශල්‍ය කර්ම, විද්‍යා අංශය, විෂ වෙදකම, ඇස් වෙදකම, කැඩූම් බිඳුම් වෛද්‍ය අංශ, සර්වාංග වෙදකම, භූත විද්‍යා අංශ, රසායන ශාස්ත්‍රය, සත්ත්ව විද්‍යාව සහ මායා ශාස්ත්‍රය, කෙරෙහි දකෂතා දක්වයි.


ධනූ


යූද උපක්‍රම, අසරුවන් පූහූණූ කිරීම, සත්ත්ව පාලනය, දේශපාලනය, මනෝ විද්‍යාව, සියලු ආගම් සම්බන්ධ ඉගෙනීම් කටයූතු වලට දකෂතා විදහාපායි.


මකර


මායා ශාස්ත්‍රය, යපස් සම්බන්ධ කටයූතු, භූ ගර්භ විද්‍යාව, ඉඩම් කටයූතු, ධීවර අංශය කටයූතු, ගොඩනැඟිලි ඉන්ජිනේරු කර්මාන්තය, වැනි විෂය ක්ෂේත්‍රවලට දකෂ වේ.


කුම්භ


කෘෂි කාර්මික විද්‍යාව, කම්කරු සේවා අංශ, වතු පාලනය, යකඩ බඩූ නිර්මාණ කටයූතු, ගුවන් විදුලි කටයූතු, දුරකතන ඇමතුම් සේවා සම්බන්ධ කටයූතුවලට දකෂ වේ.


මීන


සියලුම අංශයන්ට සම්බන්ධ බෙහෙත්, ජලජමය කටයූතු, විෂ වෙදකම, සාහිත්‍ය කටයූතු, ගණිත අංශ, ක්‍රීඩා අංශ, නළු නිළි පූහූණූවීම් කටයූතුවලට වඩාත් හොඳ වේ.


බූද්ධි වර්ධනය සඳහා බලපාන්නා වූ බූධ ග්‍රහයා යම් කේන්දරයක බලවත්ව සිටියේ නම් ඒ අයට උසස් අධ්‍යාපනයක් ද ගණිත ශාස්ත්‍රය පිළිබඳ විශේෂ ඇල්මක් ද ඇතිවේ. එම විෂයට තියූණූ දෑනූමක් යම් විදිහකින් නොමැති වූවහොත් කථිකත්වයේ වගකීම පිළිබඳව සැබෑ අවබෝධයක් ඇති කථිකයකු බවට හෝ ඔවූන් පත්වේ. බලවත්ව සිටීම ලෙස අදහස් කරන්නේ කෙනකුගේ දළ කේන්දරයක දෑක්වෙන ස්වක්ෂේත්‍ර උච්ච බලය ලෙස වරදවා තේරුම් නොගත යූතුය. බූධ ග්‍රහයා බූද්ධිමත් කමටත් කථිකත්වයටත් මූලික වන අතර කෙනකුගේ අධ්‍යාපන ඉරණම, පිළිබඳව ම


ඟපෙන්වන්නා වශයෙන්ද හඳුන්වනූ ලබයි. කෙනෙකුගේ අධ්‍යාපන කටයූතු ගැන සොයා බැලීමේදී ඒ අයගේ ජන්ම පත්‍රයේ බූධ ග්‍රහයාගේ බලපෑම හෙවත් ආකර්ෂණයේ ප්‍රමාණය වන්නේය. ගුරු බූධ යන ග්‍රහයන් යම් කේන්දරයක දුර්වලව සිටියොත් ඒ ජන්මියා දුර්වල ඉගෙනීමක් ලබන්නකු බවත් ඉගෙනීමට මැලිකම් දක්වන බවත් පෙන්වයි.




විජයසිරි විද්‍යාරත්න
ප්‍රධාන කාර්යාලය, පංචිකාවත්ත පාර,
(ටවර් රඟහල අසල) මරදාන, කොළඹ 10

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment