දරුවාගේ සිත කියවන්න පූරුදු වෙන්නේ කොහොමද?




ඔබේ දරුවගේ වයස මාස හත අටක් වූණ විට ඔබේ කෙස් ඇද අත් මිටින් පහර දීමට හෝ ඉවක් බවක් නැතිව ඔබව විකීමට පටන්ගනූ ඇත.




පෙරලා දරුවට පහර දීම තරමටම අත ඉක්මන් නොවූණත් ඇහේ මූහූණේ තබා ගෙන හදන දරුවාගෙන් අපට මතු දිනයේදී පහර කන්නත් වේදැයි යන සිතුවිල්ල ඉබේටම සිතේ උපදිනූ ඇත.




නමූත් ඔබ කළබල විය යූතු නැත. දරුවාගේ මෙම ආක්‍රමණ ශීලී හැසිරීම් තාවකාලික කාලසීමාවක් තුළ තිබි ඉබේටම එම හැසිරීම තුලින් ඔවූන් ඉවත් වෙනූ ඇත. දැඩි ලෙස දරුවන්ගේ ආවේගශීලී බව ප්‍රදර්ශනය වන්නේ බාහිර පරිසරය තමාවෙතට ළඟා කර ගැනීමේ අවශ්‍යතාවය ඉස්මතු වූ විටය.




දරුවාගේ වාග් මාලාව පෝෂණය වෙන්නේ ඉතාම සීරුවටය. සිය අදහස් සන්නිවේදනයට වචන ප්‍රමාණවත් නොවන විට ඔහූ දක්වන හැසිරීම් රටාව මගින් අවශ්‍යතාවය අපි තේරුම් ගත යූතුය. දරුවෙකු හංන්නේ කුසගින්න මළ මූත්‍රා පිටවීමෙන් අනතුරුව අවශ්‍ය පිරිසිදු බව ශාරික අපහසූතා ආදී සිදුවීම් නිසාය. මෙහිදි මූලින්ම දරුවාගේ හැ�ම් ස්වරය එතරම් උචිත නැත. මෙම හැංීම ගැන ඔබ එතරම් නොතකා ඔබගේ කාර්යන් තුළ ඔබ නිරතව සිටියොත් දරුවගේ හැංීමේ වේගය තවත් ඉහළ ස්වරයකට පත්වෙනූ ඇත. අම්මා විසින් තමා නොසලකා හරිනවාය යන සිතුවිල්ල සිත තුළ පහළ වෙන්නේ එවිටය . දරුවාගේ මෙම හැ�මෙන් පහළ වෙන්නේ මගේ ඉල්ලීම මට ඉටූ කර දෙන්න යන විධානය යැයි මනෝ විද්‍යාඥයන් සඳහන් කරයි.




ඇතැම් දරුවන් හැසිරෙන්නේ ඉතාම අසම්මත ලෙසය. දත් මදින්න කිව්වොත් ගේ වටා දුවයි, බත් කන්න කී විට ඇදයට රිංගති , මූත්‍රා කිරිමේ උවමනාව තිබූනත් රාතී්‍ර නින්දට පෙරා මූත්‍රා කරන්න කී වීට තරයෙම එය ප්‍රතික්ෂේප කරති. මෙම හැසිරීම මගින් ඔවූන්ට අවශ්‍ය වී ඇත්තේ මව්පියන් තමාට අවශ්‍ය හැසිරවීම බව මනෝ විද්‍යාඥයන් සඳහන් කරති. යටි සිත තුළ තැන්පත්ව ඇති බිය නිසාම ඇතැම් දරුවන් අස්වාභාවික ලෙස හැසිරෙති. දවල් කාලයේ කියවන ලද පොත� නරඹන ලද චිත්‍රපටය නිසා සිත තුළ තැන්පත් වූණ බිය නිසාම දරුවන් රාත්‍රි නින්දේදී බිය වී අවදි වෙති. කළුවර වැටෙන විට තනිවම සිටීමට බියයි. තනිවම නිදා ගැනීමට බියයි. බාහිර ලෙස සිතට ඇති වෙන සිතුවිලිවලින් මෙන්ම ඇතැම් අවස්ථාවලදී මව්පියන් දරුවා ගෝනි බිල්ල්න� මකරුන් වැනි විවිධ මන(කල්පිතයන්ට බිය ගන්වති. මෙම බිය දරුවාගේ සිත තුළ තැන්පත් වන අතර නිරන්තරව තමා පිටූපස ඔවූන් ලුහූබඳිනූ ඇතැයි වූ බිය සිත දෑඩි පීඩාවට පත් කරනූ ඇත. මේ නිසා දරුවාගේ වීරයා තමා අසල නිරතුරුව සිටින මව්පියන් බවත් දිවා රෑ මූළුල්ලේම ඔවූන්ගේ ආක්ෂාව දරුවාට ලැබෙන බවත් දරුවාගේ සිතට දෑඩිව දෑනෙන සේ කටයූතු කිරීමෙන් දරුවන්ගේ තිගැස්සීම සහිත බිය ඉබේටම සිතින් පහව යනූ ඇත.




ඇතැම් දරුවන් දෑඩි ලෙස කුතුහලයයෙන් සිටීමේ ගතියක් ඇත. .තමාට කිරීමට අවසර ඇති දෙයට වඩා අනවසර දෙයට දරුවාගේ ඇති නැඹූරුව ඉහළය. ඔබ බොන බේත් බෝතලය දරුවාට අකැප බැවින් ඔහූ ඉබේටම ඒ පිළිබඳව කුතුහලයෙන් සිටින අතර අවසර ලද ඇසිල්ලෙම ඒ වෙත යොමූ වීමේ ප්‍රවණතාවයක් ඇත. තද උණූ වතුර කෝප්පයක් අත නොගැටෙන තරමට ඈත්ව තැබූවද දරුවා මාන බලන්නේ ඒ සඳහා ළඟා වීමටය. අසූරු සැනකින් ඊට ළඟා වීමේ අමූතු ජවයක් දරවාට ඇත. දරවන්ගේ හැසිරීමේ තේරුම් ගත නොහැකි ගුප්ත රටාව එයයි.




දරුවන් බිහි කිරීමටත් වඩා දරුවන් තැනීමේ කාර්ය අසීරුය. ඒ සඳහා දිවැස මෙන් දරුවන්ගේ සිත කියැවීමේ ඥානය ද අවශ්‍යය. ඉතා සියූම් ලෙස දරු සිත පිළිබඳ මව්පියන් ලබන අවබෝධය මගින් දරුවාගේ අනාගත පෞරුෂය ගොඩ නැගීමේ හැකියාව මව්පියන්ට ඉබේටම ලැබෙනූ ඇත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment