නාරං ලූණූදෙහි සීනි සමිබෝල

 

හීන් නාරං ගස් ඵල දරන ඉතා බහූල වශයෙන් ගෙඩි හටගන්නවා. එම දිනවලදී හීන් නාරං වෙළෙඳපොළෙන් වූවත් බොහොම ලාභයට ගන්න පූළුවන්. එසේම මේ නාරං වර්ගය වසර පූරාම ඵල දරන නිසා ඔබට පහසූවෙන්ම ලුණූ දෙහි සාදාගන්නටත් පූළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

නාරං ලුණූ දෙහි ගෙඩි 4


යූෂ මේස හැඳි 2


රතු ළුෑනූ ග්‍රෑම් 500


සූදු ළුෑනූ ග්‍රෑම් 25ඃ30


වියළි කූනිස්සෝ ග්‍රෑම් 50


කැබලි මිරිස් ග්‍රෑම් 35 පමණ


තෙල් කෝප්ප 1 පමණ


අමූ කරපිංචා කොළ මිටක්


රතු සීනි මේස හැඳි 1


රස අනූව ලුණූ


සාදන ක්‍රමය

රතු ළුෑනූ, සූදු ළුෑනූ සිහින්ව ලියාගන්න. තෙල් ලිප තබා ළුෑනූ බැදෙන්නට හරින්න. සූදු ළුෑනූ ද දමා බදින්න. ගින්දර අඩූ කර ළුෑනූ බඳුනේ පැත්තකට කර, අනෙක් පැත්තට උම්බලකඩ, මිරිස් කැබලි, කූනිස්සෝ කැබලි කඩාගත් ලුණූ දෙහි දමන්න. මෙය බැදෙන අතර රතු ළුෑනූ හා සූදු ළුෑනූ සමග කලවම් කරන්න. රස අනූව ලුණූ ද එකතු කරන්න. මෙය ලා ගින්නෙන් මිනිත්තු 10ඃ15 පමණ තබා සීනි, කරපිංචා කොළ එක්කර මිශ්‍රකර ලිපෙන් බාගන්න. භාජනය වසා තබා පසූව කූරු ගා බෝතල්වල අසූරාගන්න. සති 2ඃ3 පමණ තබාගෙන පාවිච්චියට ගත හැකියි.


ලූණූ දෙහි  සාදා ගැනීම


අවශ්‍ය ද්‍රව්‍ය

ඉදුනූ නාරංගෙඩි 25


(මින් බාගයක් දෙකට කපා මිරිකා එම ලෙල්ල පසෙකින් තබාගන්න. ඉතිරි ගෙඩි යන්තමින් පලා, ලුණූ කුඩූ ස්වල්පයක් ඔබ්බවා පසෙකින් තබන්න.)


මිරිස් කැබලි තේ හැඳි 2


යාන්තම් තලාගත් ගම්මිරිස් තේ හැඳි 1


තරමක කුරුඳු පොතු කැබැල්ලක්


කැමතිනම් කොච්චි කරල් 10ඃ15


රතු සීනි ග්‍රෑම් 175ඃ200 පමණ


ලුණූ ස්වල්පයක්.


සාදන ක්‍රමය

මැටි භාජනයක් ගෙන නාරං ඉස්ම, සීනි, මිරිස් කැබලි, කුරුඳු පොතු, ගම්මිරිස් දමා ලිප තබා හැඳිගාමින් ඝන සිරප් එකක් සාදාගන්න.


ගින්දර අඩූකර, මිරිකා ගන්නා ලද නාරං ලෙලි හා ලුණූ දැමූ නාරං ගෙඩි එයට දමා හොඳින් කලවම් කරන්න. දැන් ගින්දර වැඩි කර විටින් විට කලවම් කරන්න. අවශ්‍ය ප්‍රමාණයට යූෂ ඇති වූ විට ලිප නිවා නැවත කලවම් කර එයට කොච්චි දමන්න. කලවම් කර බෝතල්වල දමාගන්න.


මේ ක්‍රමයටම දෙහිවලින් ද සාදාගන්න පූළුවන්. නමූත් නාරං ලෙල්ල සිනිඳුයි. දෙහි ලෙල්ල ගොරෝසූයි. ඒ නිසා දෙහිවලින් සාදනවා නම්, උතුරන වතුර භාජනයකට දෙහි දමා විනාඩි 5 ක් තිබෙන්නට හැර එය හතරට කපා ගන්න.


ප්‍රවීණ සූපවේදිනී නන්දනී අතුකෝරාළ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment