වෙන්වීම දරාගන්න අපහසූ ද? සිතින් දුක් විඳිමින් ලත වෙන ඔබට


සාංකාව හෙවත් පාළු ගතිය මානසික රෝගයක් විදිහට සලකන්නේ නැහැ. සාංකා ගතිය බොහෝ වෙලාවට සිත් තුළ ඇති වෙන්නේ තමන් ඉතාම ළඟින් ඇසූරු කරන කෙනෙකුගෙන් වෙන්වෙන්න වූණාම, එවැනි පූද්ගලයෙක් ජීවිතයෙන් සමූගත්තාම වැනි අවස්ථාවලදී තමයි


වෙන්වීම කියන කාරණාව විවිධ දේ නිසා වෙන්න පූළුවන්. සබඳතා බිඳීම තුළින්, කෙනෙකු හැරයාම තුළින්, තමන් දුරස්ථවීමෙන් පවා මේ දෙය වෙන්න පූළුවන්. මෙතනදී වෙන්නේ මෙම තත්ත්වයට මූහූණ දෙන පූද්ගලයා තුළ යම් කිසි නොසන්සූන්බවක් ඇති වෙනවා. මෙය මනෝ විද්‍යාව තුළදී වියෝ දුක ලෙස හඳුන්වනවා. වියෝදුක ඇතිවීම සොබාවිකයි. මෙය රෝගී තත්ත්වයක් නෙවෙයි කියලා අපි හඳුන්වන්නේ ඒ නිසයි. හැබැයි මේ තත්ත්වය දිගින් දිගටම පැවතුණොත් රෝගී තත්ත්වයක් ලෙස වර්ධනය වෙන්න පූළුවන්.


සාමාන්‍යයෙන් කෙනෙකුට වියෝවක් වූ විට වියෝ දුක දෑනෙනවා. ඔවූන් එයට විවිධ විදිහට ප්‍රතිචාර දක්වනවා. අපි දන්නවා මරණයකදී කෙනෙකු වෙන්වීම නිසා මූල් මාස හයක කාලය තුළ වෙන්වීම නිසා ඇති වූ කම්පනය හේතුවෙන් එම පූද්ගලයා තුළ නොයෙක් නොයෙක් වෙනස්කම් ඇති කරන්න පූළුවන්. මෙය අපි මනෝ විද්‍යාව අනූව අවධි තුනකට බෙදනවා. මූල් අවධිය අපි හඳුන්වන්නේ වෙන්වීම බාර ගැනීම ප්‍රතික්ෂේප කරන අවධිය විදිහට. ඒ කියන්නේ එහෙම දෙයක් සිදුවූ බව පිළිගන්න ලැහැස්ති නැහැ. එහෙම දෙයක් නොවූණා සේ තමයි ඔවූන් හිතන්න කැමති. මෙම තත්ත්වය එක්තරා විදිහකට අපේ මනස රැක ගැනීමට පාවිච්චි කරන සංරක්ෂණ ප්‍රයෝගයක් ලෙසත් හඳුන්වනවා.


මෙවැනි තත්ත්වයකදී කෙනෙකුට බලාපොරොත්තු වන හැඟීම් පවා ඇති වෙන්නේ නැහැ. හැඟීම්වල මොටවීමක් පවා ඇතිවෙන්න පූළුවන්. නැත්නම් අපි මෙම අවස්ථාවේදී චිත්තවේගවල හිරි වැටීමක් ඇති වෙනවා කියලා හඳුන්වනවා. මෙය කායික හිරිවැටීමක් වගේ දුක දෑනෙන්නේ නැති වෙනවා. දුක දෑනෙන්නේ නැතිව කටයූතු කරන්න පූළුවන්. මෙය මූල් අවධිය ලෙස හඳුන්වනවා. මෙම තත්ත්වය පැය කිහිපයක සිට දින කිහිපයක් දක්වා තියෙන්න පූළුවන්.


ඊට පස්සේ එළඹෙන්නේ, දෙවන අවධියට. දෙවෙනි අවධියේදී තමයි දුක දෑනිලා යථාර්ථය අවබෝධ වෙන්නේ. කෙනෙකුගේ නැතිවීමේ අඩූව තේරෙනවා. දෑනෙන්න පටන් ගන්නවා. එතනදී ඇතිවන ප්‍රධානම දේ තමයි දුක. දුක ඇතිවීම තුළ කෙනෙකු අඬන්න පූළුවන්. වැලපෙන්න පූළුවන්. බලාගත් අතේ බලාගෙන ඉන්න පූළුවන්. ඒ වගේම වෙන්වූණ කෙනා නැතිවූණ කෙනා තමා ළඟ ඉන්නවා වගේ දෑනෙන්න පූළුවන්. තමන්ට එම පූද්ගලයාගේ කටහඬ ඇහෙන්න පූළුවන්. නැත්නම් අනෙක් අය අතරේ ඡායාව දකින්නත් පූළුවන්. සමහර විට වෙනත් පූද්ගලයන් ඒ හැටියට වරදවා තේරුම් ගන්න පූළුවන්. හූඟක් වෙලාවට මෙම අවදියේදී නින්ද අක්‍රමවත් වෙනවා. නිතර නිතර වෙන්වූණ කෙනා නැත්නම් වියෝ වූණ කෙනා ගැන හිතන්න පටන් ගන්නවා. මතක් කරමින් වැළපෙන්න ගන්නවා. මෙය වරින් වර එන තත්ත්වයක්. හරියටම කිව්වොත් මූහූදේ


රැල්ල වගේ. උදාරහණයක් විදිහට මළ ගෙදරක ගියාම අපට මෙම තත්ත්වයේ ඉන්න අය බලාගන්න පූළුවන්. එක පාරටම බලාගත්ත අතේ බලාගෙන ඉඳලා ඒ සැනින් කෑ ගහලා හඬන්න ගන්නේ දෙවැනි තත්ත්වයේ පසූවන අය.


තුන්වන තත්ත්වයේදී වෙන්නේ කෙනෙකු යථා තත්ත්වයට පත්වීමයි. දෑන් එතනදී මිය ගිය කෙනා හරි වෙන් වූණ කෙනා හෝ නැතිවූණ කෙනා නැතිව තමන්ගේ ජීවිතය සකස් කරගන්න පෙළඹෙනවා. අපි එම තත්ත්වයට හැඩ ගැසෙනවා. මෙම තත්ත්වයේදී වෙන කෙනෙකුගේ දෛනික කටයූතු ක්‍රමක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම මිය ගිය පූද්ගලයා හෝ වෙන්වූන පූද්ගලයා ගැන හොඳ මතකයන් සිතමින් සතුටූවෙන්න පටන් ගන්නවා. එතකොට අනාගතය ගැන සිතමින් නැවත සැලසූම් සකස් කිරීම මෙම අවදියේදී සිද්ධ වෙනවා. අවසානයේදී තමන් වෙන්වීමට හැඩ ගැසිලා තමන්ගේ ජීවිතය නැවත සකස් කර ගන්නවා.


මෙම අවදි තුනම සූව වෙන්න පූළුවන්. විශේෂයෙන් වැදගත් වෙනවා දෙවැනි අවදියේදී දුක පිට කරගන්න එක. අඬන එක, වැළපෙන එක, ඒ ගැන කතා කරන එක, දුක තව කෙනෙක් එක්ක බෙදා ගන්න එක ඒ සියල්ලම වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට අපේ මළ ගෙදරක් වූණාම ඒ හා බැඳෙන චාරිත්‍ර සහ ආගමික කටයූතු හූඟක් උදව් වෙනවා වියෝ දුක පාලනය කරගන්න. ළඟපාත පිරිස එම නිවසට එකතු වෙන එක, ඥාතීන්ගේ පැමිණීම, මරණය ගැන සහ දුක ගැන කතාකිරීම, ආගමික කටයූතු කිරීම, දානමය පූණ්‍ය කර්ම බණ, පිරිත් වැනි දේවල් දුක තුනී කරගන්න හේතු වෙනවා.


මෙම තත්ත්වයම අපි දකිනවා සබඳතාවක් කැඩූනාමත්. මගේ ළඟට ළඟඳි ආවා විශ්ව විද්‍යාල ළමයෙක්. ඒ ළමයා විශ්ව විද්‍යාලයේම ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබිලා ඒක කැඩිලා. අන්තිමට ඔහූ කළකිරිලායි මාව හමූවෙන්න ආවේ. ඔහූ අධ්‍යාපන කටයූතු පවා අතහැර දමා තිබූණා. ඔහූ දෙවන අවධියයි පසූූකරමින් තිබූණේ. නමූත් ඔහූ දෙවන අවදියේ ඉදලා තෙවන අවදියට යනකොට තත්ත්වය තේරුම් අරගෙන කටයූතු කරන්න ගත්තා. වැදගත් වූණේ දුක පිටකරගන්න අවස්ථාව ලබාදෙන එක. දුක බෙදා ගන්න උදව් වීම තුළින් සහ ඔහූගේ දෛනික කටයූතුවල නිරතවෙන්න උදව් කිරීමෙන් තත්ත්වය හොඳ අතට ගන්න හැකියාව ලැබූණා. නින්ද නොයන තත්ත්වයක් නම් නින්ද යන්න බෙහෙත් ලබා දෙන්න ඕන. නැතිව විශේෂ බෙහෙත් අවශ්‍ය වෙන්නේ නැහැ. නමූත් මනෝ උපදේශනය ඉතාම හොඳයි. රෝගියා කෙරෙහි විශ්වාසනීයත්වය දිනා ගැනීම තුළින් ඔවූන්ගේ හැඟීම් තේරුම් ගෙන කටයූතු කිරීම ඉතාම වැදගත්. එම නිසයි අපි මනෝ උපදේශනයක වැදගත්කම පෙන්වා දෙන්නේ. මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමෙන් වියෝ දුකින් පෙළෙන කෙනෙකු යථා තත්ත්වයට පත් කළ හැකියි.


විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment