ලේසර් කිරණින් ප්‍රතිකාර කරන්න පූළුවන් වෛද්‍යවරයෙකුට පමණයි

කුරුළැ කියන්නේ බොහෝ යූවතියන්ට තියෙන ප්‍රශ්නයක්. මේ නිසාම ප්‍රතිකාර කරලා වදයක් වෙලා තියෙන කුරුළෑ හොඳ කරගන්න ඔවූන් පෙළඹෙනවා. නමූත් ඊළඟට ඔවූන් පීඩා විඳින්නේ කුරුළැ කැළැල් නිසා. තැනින් තැන හට ගන්නා තද පැහැති කුරුළෑ කැළැල් නිසා මූහූණේ පැහැය පවා අඳුරු වෙනවා. නමූත් මෙම කුරුළෑ කැළැල් අපි හිතන තරම් ලෙහෙසියට ඉවත් කරන්න නම් අමාරුයි. ඒ සඳහා විවිධ ක්‍රම සහ ආලේපන චර්ම රෝග විද්‍යාව තුළදී භාවිත කළත් දීර්ඝ කාලීනව තමයි ප්‍රතිඵල බලාපොරොත්තු විය හැක්කේ.

 
මෙම කැළැල් වූවත් ශරීරයේ ඇතිවන අනෙක් කැළැල්වලට සමානයි. කුරුළෑ නිසා සමේ ඇති වන හිදෑස පිරවීම සඳහා ශරීරයෙන් ස්වාභාවික ඇතිවන ප්‍රතික්‍රියාව තමයි කැළැලක් කියන්නේ. කුරුළෑ කැළැලක වූවත් අඩංගු වෙන්නේ කොලජන් කියන පටක තන්තු තමයි. කුරුළෑව නිසා සමේ හට ගන්නා හිදෑස තුළ කොලජන් කියන සම්බන්ධක පටක තන්තු තැන්පත් වෙලා හිදෑස පිරවීමක් තමයි වෙන්නේ. බොහෝ විට මෙම කොලජන් තන්තු හෙවත් කැළැල හැකිලීමකට භාජනය වීමක් වෙන්න පූළුවන්.


කැළැල හැකිලීමට භාජනයවීම තුළ අපි දකිනවා කුරුළෑව සූව වූ තැන ඇතිවන කැළැල ටිකක් අවපාතනයකට භාජනය වෙලා තියෙන ආකාරයක්. මෙම අවපාතනයවීම වෙන්නේ කුරුළෑ කැළැල සංකෝචනය වීම නිසා. නමූත් සමහර විට කුරුළෑ නිසා හටගන්නා ඇතැම් කැළැල් පවා තියෙනවා සමේ මටිටමට. එයට බොහෝ විට හේතු වෙන්නේ කැළලේ ඝනකම. තුනී කැළලක් නම් හැදිලා තියෙන්නේ සමේ මතු පිටට කරලා තියෙන නිසා සමේ යටට යන්න විදිහක් නැහැ.


කැළල ටිකක් සමේ ගැඹූරට අපිචර්මය චර්මය දෙසට නෙරා ඇතිවිට තමයි අපි හඳුන්වන කුරුළෑ වලවල් තත්ත්වය ඇති වෙන්නේ. මෙම අවපාත ලෙස ඇතිවන කුරුළෑ කැළැල් අපි වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වනවා අයිස්පික් ස්කාස් යනූවෙන්. ඒකට හේතුව තමයි මෙහි සොබාවය පෙන්නූම් කරන්නේ ඝන අයිස් කුටිටියකට ලී පතුරකින් හෝ වෙනත් තියූණූ දෙයකින් පහරදුන්විට ඇතිවන සිදුරු වගේ නිසා. ඊට අමතරව කුරුළෑ මගින් හට ගන්නා සමහර කැළල් විශේෂයෙන්ම පිටෙි, පපූවේ, හකු දෙපස සම මටිටමෙන් ඉදිරියට නෙරා වැඩෙන ලෙස දිස් වෙන්න පූළුවනි. යම් කැළලක් ඉදිරියට නෙරා වැඩෙන විට අපි එම කැළල "කිලොයිඩයක්" ලෙස හඳුන්වනවා. සමහර විට මෙය ගෙඩියක් ලෙස දිස් වෙන්න පවා පූළුවනි. කිලොයිඩ ලෙස කැළලක් පත් නොවී සමහර විට රෝම කූපය තියෙන ප්‍රදේශයේ පමණක් පොඩි වලවල් හැදෙන්නත් පූළුවන්. මෙය සමරහවිට ඇල් පෙනෙති තුඩකින් ඇනපූ සිදුරු ලෙස මූහූණේ දිස්වෙන්න පූළුවන්. මෙවැනි විවිධාකාරයෙන් හැදුනූ කුරුළෑ කැළල්වලට ප්‍රතිකාර කරන ක්‍රම කිහිපියක් තියෙනවා.


දෑන් කිලොයිඩ ලෙස ඇතිවන කුරුළෑ කැළල් සූව කිරීම සඳහා ලේසර් ප්‍රතිකාරය භාවිත කරන්න පූළුවන්. ඊට අමතරව ස්ටියරොයිඩ කියන රසායන ද්‍රව්‍ය එම කැළල තුළට නික්ෂේපනය කිරීම තුළින් හෝ විඳීමට සැලැස්වීම මගින් කැළල හැකිලීමකට භාජනය කළ හැකියි. ඊට අමතරව අලුතින් ඖෂධ හල්වලට පැමිණ ඇති ඇතැම් බෙහෙත් වර්ග ආලේප කිරීම මගින් පවා මෙම කැළල හකුලවා හරින්න පූළුවන්. මේ සියලු ප්‍රතිකාර සමෙන් උඩට නෙරා ඇති කිලොයිඩ ලෙස හඳුන්වන කුරුළෑ කැළල්වලට කරන ප්‍රතිකාරයි. නමූත් මේ සියලු ප්‍රතිකාර ඉතාම මිල අධිකයි. ලංකාවේ තවමත් මා දන්නා තරමින් වෛද්‍යවරු හෝ ඇතැම් පූද්ගලයන් ප්‍රචාරන කටයූතු සඳහා ලේසර් කිරණ භාවිත කිරීමෙන් කුරුළෑ කැළල් ඉවත් කරන බවට දෑන්වීම් පළ කරන බව පවසනවා. මා දන්නේ නෑ මෙහි සත්‍යතාවය නමූත් සමට මෙවැනි ප්‍රතිකාර කළ හැක්කේ ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපංදිචි වූ වෛද්‍යවරයෙකුට පමණයි. මෙවැනි ප්‍රතිකාර ක්‍රමයක් වැරදුන විට ඇතිවන ප්‍රතිඵලය ඉතාම භයානක විය හැකියි. එම නිසා රෝගීන් ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයෙක් තෝරා ගැනීමේදී ඉතාම සැලකිලිමත් විය යූතුයි.



විශේෂඥ චර්ම රෝග වෛද්‍ය

අසෝක කමලදාස

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment