මූහූණට වඩා සිරුරෙ පැහැය අඩූවීම ඔබටත් ප්‍රශ්නයක්ද?





අද බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක් තමයි මූහූණේ බෙල්ලේ පැහැයට වඩා තමන්ගේ කකුල්වල සහ අත්වල පැහැය අව පැහැවීම. මෙම තත්ත්වය ප්‍රශ්නයක් කරගෙන අපේ යූවතියන් ඇතැම් විට නොයෙක් නොයෙක් ආලේප ගල්වන්නත් ප්‍රතිකාර කරගන්න පෙළඹෙනවා. ඇත්තටම මෙම තත්ත්වය කුමක්ද?


මෙය රෝගී තත්ත්වයක් නම් නොවෙයි. අපේ ශරීරයේ ආවරණය වූ තැන්වල සම පැහැපත් වගේම නිතර නිතර අව්වට නිරාවරණය වන තැන්වල සම ඊට වඩා තද පැහැයෙන් දිස් වීමත් සාමාන්‍ය තත්ත්වයක් ලෙස හඳුන්වන්න පූළුවන්.


අපේ සම හිරු එළියේ අල්ට්‍රාවයලටි කිරණවලට නිරාවරණය වීමෙන් ඇතිවන උත්දීප්තනය තුළින් ඇති කරන මෙලනින් වර්ණකය නිසා මෙම තත්ත්වය ඇති වෙන්න ඉඩ තියෙනවා. ඊට අමතරව සමේ ඇතිවන වියළි සොබාවය නිසාත් තද කළු පැහැයෙන් සම දිස්වෙන්න පූළුවනි.. මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නේ අත් සහ කකුල ප්‍රදේශවලයි. මෙම වියළි ගතිය නිසා සම පැලීමට භාජනය වෙනවා. එවැනි තැන් කසන්න පටන් ගන්නවා. අපිචර්මයේ පැලීම නිසා එහි තියෙන ස්නායූ අග්‍ර බාහිර වායූ ගෝලයට විවෘත වෙලා බාහිර වාතය සමග ගැටීමෙන් උත්දීපනවීම තමයි අපි කසනවා ලෙස හඳුන්වන්නේ. එම වියළි වීමෙන් තමයි මෙම තත්ත්වය ඇති වෙන්නේ. කැසීම නිසා සම ක්‍රමයෙන් ඝනකම් වෙන්න ගන්නවා. මේ නිසා අපිචර්මය ඝනකම්වීම තුළ එහි පැහැය තද පාට වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි බාහිර පරිසරයට නිරාවරණය වන වියළි තැන් කලූ පාටට පෙනෙන්න පටන් ගන්නේ.


නමූත් අපේ ශරීරයේ සෑම තැනක්ම එකම වගේ දිස් වෙන්නේ නෑ. සමේ විවිධ තැන් විවිධ වර්ණ ගන්න පූළුවන්. සමේ රැළි ගැසූණූ තැන් ටිකක් කලු පාට ගන්නවා. ඒ වගේම සම ඇදිලා තියෙන තැන් සූදු පැහැයක් ගන්නවා.


උදාහරණයක් විදිහට අපේ අත්වල නැවෙන තැන් විශේෂයෙන්ම වැලමිට, කිහිලි ප්‍රදේශය කලු පාටින් දිස් වෙනවා.


නමූත් බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා මූහූණේ සම හැම තැනකම එකම පාටක් වෙනවා කියලා. නමූත් එහෙම වෙන්නේ නැහැ. වෙනස්කම් ඇති වෙන්න ඉඩ තියෙනවා. මූහූණේ සෑම තැනම එකම පැහැයෙන් තබා ගැනීම ඒ තරම්ම යථාර්ථවාදී දෙයක් නොවෙන්නත් පූළුවනි.


මෙම කලු පැහැය නැති කරන්න උත්සාහ කිරීමේදී අපි විවිධ ආලේප වර්ග ගාන්න පටන් ගන්නවා. වෙනස්කම් ඇති කරන්න අපි පාවිච්චි කරන විවිධ රසායන ද්‍රව්‍යවලින් යම් හෝ තරමක අතුරු ආබාධයක් සමට ඇති වෙන්න ඉඩ තියෙනවා. අපි කලින් කතා කළා වගේ හරිහැටි හඳුනාගෙන ප්‍රතිකාරවලට යොමූවීම වැදගත් කියන කාරණාව ඔබට මතක් කළ යූතු වෙනවා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment