තමන් ආදරය කරන කෙනෙක් ඈත් වූ විට ඇතිවන වියෝ දුක සිතින් මවාගත් දෙයක් නොවෙයි



කිසිසේත්ම නොසිතූ මොහොතක තමන් දෑඩිව ආදරය කළ තමන්ගේ ආදරණීය පියා ලොවෙන් සමූ ගැනීම ගැන සමන්ති හිටියේ කියාගන්න බැරි දුකකින්.


ඇය වරෙක ඇඬූවා. තවත් විටෙක බලාගත් අතම බලාගෙන හිටියා. ඒ විතරක් නෙවෙයි රෑට බයවෙලා කෑ ගහගෙන නින්දෙන් නැගිටින්න පටන් ගත්තා.

"සමන්ති ඇයි මේ බයවෙලා දහඩියත් දාලා. අදත් ඔයාට තාත්තා කතා කළාද?" නිල්මිණි නිදි යහනේ ඉඳගෙනම ප්‍රශ්න කළා.

ටික වෙලාවක් තෝන්දුමාන්දුවෙලා හිටිය සමන්ති ඔළුව වනලා ඒ බව සනාථ කළා.

"හ්ම් අදත් තාත්තා මට එයාගේ කටහඬින් කතා කළා. මොනවද කියවගෙන යනවා. මට තේරුම් ගන්න බැහැ. නින්ද යන්නෙත් නෑ. මම මොනවද කරන්නේ නිල්මිණි යැයි" ඇය කඳුළු පිරුණූ දෙනෙතින් ප්‍රශ්න කළා.

කෙනෙක් මැරුණූ අලුත මෙවැනි දේවල් සිද්ධ වෙන්න පූළුවන්. මිය යාම නිසා ඇති වන වියෝ දුක නිසා. තමන්ට වටිනා කෙනෙක් අහිමි වූ විට ඇතිවන දුක ස්වභාවිකයි. වියෝ ්දුක එක්තරා විදිහක කම්පනයක් නිසා ඇති වන තත්ත්වයක්. මෙම තත්ත්වය විවිධ ආකාරයට බලපාන්න පූළුවන්.

මිය ගිය කෙනා තමන්ට කතා කරනවා වගේ ඇහෙන්න පූළුවන්. තමන්ගේ ළඟ ඉන්නවා වගේ පෙනෙන්න පූළුවන්. දෑනෙන්න පූළුවනි. සමහර විට බය වෙන්නත් පූූළුවනි. තවත් විටෙක තමන්ගේ කල්පනාව නැති වෙනවා කියලා හිතෙන්න පූළුවනි. මේවා මානසික ප්‍රයෝග නෙවෙයි මෙවැනි තත්ත්වයක්. අපි මනෝ විද්‍යාව තුළ හඳුන්වනවා මානසික ප්‍රතික්‍රියා කියලා. මේ සියල්ල තාවකාලිකයි.

වියෝවීම නිසා ඇතිවන කම්පන තත්ත්වයයි මෙයට හේතු වන්නේ. මෙයට විශේෂ ප්‍රතිකාරයක් අවශ්‍ය වෙන්නේ නෑ. ක්‍රම ක්‍රමයෙන් මෙම තත්ත්වය නැතිවෙලා යනවා. වියෝදුක තුනිවීමත් සමග එම තත්ත්වය අඩූවෙලා යනවා. මෙය මානසික රෝගී තත්ත්වයක් නොවෙයි. හැබැයි එහෙම නැතිව නිකම් කටහඬවල් කෙනෙකුට ඇහෙන්න පටන් ගත්තොත් එය මානසික රෝගී තත්ත්වයක ලක්ෂණයක් ලෙස හඳුන්වන්න පූළුවන්.

ඇතැම් විට කෙනෙක් තමන්ට විරුද්ධව කතා කරන්න පටන් ගත්තොත් තමන් ගැන කතා කරනවා වගේ ඇහූණෙත් එය අපි මනෝ විද්‍යාව තුළ හඳුන්වනවා ග්‍රස්ථිය කියලා. එය උග්‍ර මානසික රෝගයක රෝග ලක්ෂණයක් ලෙස හඳුන්වන්න පූළුවන්. එය සයිපෝසියාව කියන රෝගයේ රෝග ලක්ෂණයක්. සිහි කල්පනාව තියෙන කෙනෙක්ට උත්තේජනයක් නොමැතිව ඇති වන සංයෝජනයක් ලෙස අපි මෙය හඳුන්වනවා. සාමාන්‍යයෙන් සංයෝජනයක් ඇති වෙන්න උත්තේජනයක් තිබිය යූතුයි. මෙතනදී උත්තේජනයක් නොමැතිවීම නිසා. ග්‍රස්ථිය ඇති වෙන්න පූළුවන්. එක විදිහක් තමයි කටහඬ ඇසීම. මෙය වෛද්‍ය විද්‍යාව තුළ ශ්‍රවණ ග්‍රන්ථිය ලෙස හඳුන්වනවා. මෙය ඕනම කෙනෙකුට ඕනෑම වයසකදී හැදෙන්න පූළුවන්. නොයෙක් රෝග තත්ත්වයන් නිසා ඇති වෙන්න පූළුවන්. එම රෝග තත්ත්වය අනූව එයට ප්‍රතිකාර තියෙනවා.

ලංකාවේ තවමත් ඇතැම් ජනයා විශ්වාස කරන මළවූන් සමග කතා කිරීම වැනි කාරණා අපට කතා කළ හැක්කේ විශ්වාස සහ ඇදහිලි මතයි. මෝහනය තුළ කරනූ ලබන්නේ ඊට සමාන දෙයක්. අපේ සිහි කල්පනාව එක දෙයකට යොමූ කිරීම තුළින් නොයෙක් කටහඬවල් ඇසීමට සලස්වන්න පූළුවන්. විශ්වාසය උඩ කෙනෙකුට ග්‍රස්ථි තත්ත්වය ඇති කරනවා. අපි එයට කියනවා මනෝ ජනක තත්ත්වයට පත් කිරීමක්. මෙතනදී මනස යෝජනා කිරීමක් තමයි කරන්නේ. මෙය මනෝ විද්‍යාව තුලදී වෙනසක් ඇති කිරීම තුළින් යම් සහනයක් ඇති කිරීමයි මෙතනදී කරනූ ලබන්නේ.



විශේෂඥ මනෝ වෛද්‍ය
නීල් ප්‍රනාන්දු

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment