විදුරුමස්වලින් ලේ ගැලීම ඔබටත් ප්‍රශ්නයක් ද?




මෙයට ප්‍රධානම හේතුව ලෙස විදුරුමස් ආසාදනය දෑක්විය හැකිය. ඊට අමතරව වෙනත් රෝගී තත්ත්වයන් නිසාද විදුරුමස් වලින් ලේ ගැලීම සිදුවිය හැකිය. මෙම ලිපියෙන් විස්තර වනූයේ විදුරුමස් ආසාදනය නිසා සිදුවන ලේ ගැලීම පිළිබඳවය. මෙහිදී බොහෝ විට මූල් අවස්ථාවලදී දත් මැදීමේදී පමණක් ලේ ගැලීම සිදුවන අතර පසූව එය ඉබේම සිදු වීම දෑකිය හැකිය.




විදුරුමස් ආසාදනය වීමට ප්‍රධානම හේතුව ලෙස දත් හා විදුරුමස් අතර බැඳී ඇති මැලියම් නිසි ලෙස ඉවත් නොවීම දෑක්විය හැකියි. මැලියම් යනූ ක්ෂූද්‍ර ජීවින් ඔවූන් ආහාරමත ක්‍රියාකාර නිපදවන ද්‍රව්‍ය හා ෙ€ටයේ අඩංගු ද්‍රව්‍ය වල එකතුවකින් සෑදෙන සූදු පැහැති දෙයකි. එය දත් බූරුසූවක් භාවිතයෙන් ඉවත් වේ. නමූත් නිවැරදිව එම මැලියම් ඉවත් නොවූ විට ඒ මත තව තවත් බැක්ටීරියා වර්ධනය වේ. එමෙන්ම එම මැලියම් කැල්සීභවනය වේ. එවිට දත් බූරුසූවක් භාවිතයෙන් ඉවත් කර ගත නොහැකි වේ.




මෙම කැල්සීභවනය වූ මැලියම් ඇති රළු ස්ථානවල මැලියම් බැඳීම වැඩිපූර සිදු වේ. මෙම ක්‍රියාවලීන් නිසා විදුරුමස් ආසාදනය සිදුවන අතර එවිට ඒ ආශ්‍රිත රුධිර සැපයූම වැඩි වේ. එවිට විදුරුමස් ඉදිමී රතු පැහැයක් ගනී, එහි සාමාන්‍යයෙන් ඇති පෙනූම නැති වී යයි.




මැලියම් හා කැල්සීභවනය වූ මැලියම් පැවතීමට අමතරව විදුරුමස් ආසාදනයට බලපාන තවත් සාධක අතර දත් පිහිටා ඇති ආකාරය එනම් මැලියම් ඉවත් කිරීම අපහසූවන ලෙස අපිළිවෙලට පිහිටා තිබීම කෘතිමව භාවිත කරන දත් කුටිටම් නිසි ලෙස පිරිසිදු කොට භාවිත නොකිරීම ශරීර ප්‍රතිශක්තිකරණ මටිටම, මානසික ආතතිය නොයෙක් බෙහෙත් ද්‍රව්‍ය භාවිතය හා වෙනත් පූරුදු උදාහරණ ලෙස දුම්බීම වැනි සාධකද පවතී.




එමෙන්ම එම තත්ත්වය උග්‍ර වූ විට දත් සෙලවීමටද පටන් ගනී. එනම් සාමාන්‍ය ව්‍යවහාරයේ දත් මූල් දියවීම ලෙස හැඳින්වෙන තත්ත්වය ඇති වේ. මේ සමගම මූඛ දුර්ගන්ධයක්ද ඇති විය හැකියි.




මෙම තත්ත්වය වළක්වා ගැනීමට මැලියම් නිසි ලෙස ඉවත් කිරීම සිදුකළ යූතුය. දත් අක්‍රමවත්ව පිහිටා ඇති විට දත් බූරුසූවට අමතරව වෙනත් ක්‍රමද යොදා ගත හැකිය.


මෙම තත්ත්වය දැනටමත් ඇති වී ඇති නම් දන්ත වෛද්‍යවරයෙකු හමූවී නිවැරදි උපදෙස් හා ප්‍රතිකාර ලබා ගත යූතුය. එවිට ඔබේ විදුරුමස් ආශ්‍රිත ලේ ගැලීමට හේතුව විදුරුමස් ආසාදනයද නැතිනම් වෙනත් රෝගී තත්ත්වයක් ද ය්න්නද පැහැදිලිවම නිරාකරණය වනූ ඇත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment