ගුවන් සේවිකාවක් වන්නේ කොහොමද?




මොනර පිළක් වැනි කොළපාට ඔසරියකින් ඇය සැරසී සිටින්නීය. කොණ්ඩය උඩට කර පිටූපසට පීරා ගෙඩියක් ආකාරයට සකසා ඇත. ඉතාම සූන්දර සිනහවකින් මූව සරසාගෙන ගුවන් යානයේ ඔබ මොබ සැරිසරමින් දෙස් විදෙස් මගීන් සමග සූහදව වැඩ කරන ඇය සූන්දරය, එනමූදු කඩිසරය.

මැය නෙත ගැටෙන ඕනෑම යූවතියක් තමාටත් ගුවන් සේවිකාවක් වන්නට ඇත්නම් යයි සිතනවා නොඅනූමානය. ඕනෑම මවක් වූවද තම දියණිය ගුවන් සේවිකාවක් ලෙස සේවය කරනවා දකින්නට කැමති වනූ ඇත.

"අපි සාමාන්‍යයෙන් අපේ ගුවන් සමාගමට ගුවන් සේවිකාවන් ලෙස බඳවාගන්නේ තරුණ සූන්දර පිරිසක්. සූන්දරත්වය යූවතියගෙන් යූවතියට වෙනස් වෙනවා වගේම සියලුදෙනා තුළම හොඳ පෞරුෂත්වයක් තිබීම අත්‍යාවශ්‍ය වෙනවා." මෙසේ නවලිය සමග සංවාදයට මූල පිරුවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන්සේවා කළමණාකරු රෂ්මෝ ෆර්ඩිනන්ස් මහතා හා ගුවන්සේවා කළමණාකරු (පරිපාලන හා පූහූණූ) සේනක බණ්ඩාරනායක මහතායි.

"අපි ගුවන් සේවක සේවිකාවන් සඳහා ගැහැණූ පිරිමි දෙපකෂයම බඳවා ගන්නවා. එසේ බඳවා ගන්නේ පිරිමි 35% හා ගැහැණූ 65% වශයෙනූයි.

ගැහැණූ පිරිමි දෙපාර්ශවයේම බඳවා ගැනීමේ සූදුසූකම් හාත් පසින්ම වෙනස්. ගුවන් සේවිකාවක් ලෙස අපි බඳවා ගනූ ලබන්නේ වයස අවූරුදු 18 ත් 29 ත් අතර අවිවාහක යූවතියන්. උස අඩි පහයි අඟල් දෙක සම්පූර්ණ කළ අ.පො.ස (සා·පෙ) සමත් ඉංග්‍රීසි විෂයට "සී" සාමාර්ථයක් ලබාගෙන සිටින ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස කතා කළ හැකි ඕනෑම යූවතියකට ගුවන් සේවිකා තනතුර වෙනූවෙන් අයඳුම් කළ හැකියි.

ඊළඟට ඔබ හිතනවා ඇත්තේ ගුවන් සේවිකාවක් ලෙස අයඳුම් කරන්නේ කොහොමද කියලනේ. අපි අපේ ආයතනයේ ගුවන් සේවිකාවන් සඳහා පූරප්පාඩූ තියෙන අවස්ථාවල සතියේ සහ සති අන්තයේ ජාතික පූවත්පත්වල දෑන්වීම් පළ කරනවා. ඒ වගේම වෙබ් අඩවිය හරහාද අයඳුම්පත් ඉදිරිපත් කළ හැකියි. අප වෙත එවන සියලු අයඳුම්පත් අදාල සූදුසූකම් සපූරා ඇත්නම් පළමූවටයේ සම්මූඛ පරීකෂණය සඳහා තෝරාගන්නවා. පළමූ සම්මූඛ පරීකෂණයේදී අයඳුම්කරුවන් සැරසිය යූත්තේ ඔසරියකින්. එතනදී අයඳුම්කරුවෙක් විසින්

රැගෙන ආ යූතු ලිපි සහ සහතික ගැන අපි දෑනූවත් කිරීමක් කරනවා. ග්‍රාම සේවක සහතිකය, පාසල් හැරයාමේ සහතිකය, ජාතික හැඳුනූම්පතේ පිටපතක්, සහ අධ්‍යාපන සහතික තමයි බොහෝ වෙලාවට අපි අයඳුම්කරුවෙකුට අරගෙන එන ලෙස දෑනූම් දෙන්නේ.

විශේෂයෙන්ම පළමූ සම්මූඛ පරීකෂණයේදී අපි සැලකිලිමත් වෙන්නේ අපේ අයඳුම්කරුවන් අදාල උස ප්‍රමාණය සපූරා තිබේද? එම උසට අදාල බර ප්‍රමාණය සහ අධ්‍යාපන සූදුසූකම් සපයා තිබේද යන්න පමණයි. විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව පිළිබඳව දෑනූම සම්මූඛ පරීකෂණයේදී තිබීම අනිවාර්ය වෙනවා වගේම යූවතිය තුල මනා පෞර්ෂයක් තිබිය යූතුයි.

පළමූ සම්මූඛ පරීකෂණයෙන් තෝරා ගන්නා යූවතියන් දෙවන සම්මූඛ පරීකෂණයට යොමූ කරනවා. එතනදී අපි මූලික අවධානය යොමූ කරන්නේ යූවතියන්ගේ ඉංග්‍රීසි දෑනූම පිළිබඳ පරීකෂාවටයි. මෙතනදී දෙවන පරීකෂණයට තෝරා ගනූ ලබන යූවතියන්ට අපි විසින් නිර්දේශ කරන ලද පොතක, විශේෂයෙන්ම ආරකෂාව සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රමිතියක් ඇති පෙතකින් ඔවූන්ට කැමති පිටූවක් තෝරාගෙන එය ශබ්ද නගා තේරුම් ඇතිව කියවන්නත් එයින් කියවෙන දේ විස්තර කරන්නත් අවස්ථාව දෙනවා. මෙම සම්මූඛ පරීකෂණය සාමාන්‍යයෙන් සිදුවන්නේ අප ආයතනයේ විධායක නිලධාරී මඩූල්ලක් ඉදිරිපිටයි. මෙම සම්මූඛ පරීකෂණයෙන් සමත්වන යූවතියන් සියලු දෙනාම පූර්ණ වෛද්‍ය පරීකෂණයකට භාජනය කර එහි වාර්තාවක් ලබා ගැනීමක් සිදු කරනවා. මේ සියල්ල සම්පූර්ණ කරන යූවතියන් පූහූණූ ගුවන් සේවිකා තනතුර සඳහා බඳවා ගනූ ලබනවා.

අපි දෙවන සම්මූඛ පරීක්ෂණයේදී වැඩි අවධානයක් යොමූ කරන ඉංගී්‍රසි විෂය ගැන එහි චතුරත්වය පිළිබඳව යමක් කිව යූතුයි.

අද අපේ රටෙි ඉන්න තරුණ පිරිස නොයෙක් නොයෙක් නම් වලින් හඳුන්වන ඉංගී්‍රසි පන්ති වලට යනවා. විභාගවලට ලියලා නොයෙක් නොයෙක් ඩිප්ලෝමා සහතික ලබා ගන්නවා. පාසල් අධ්‍යාපනය තුළත් බාලාංශ පන්තියේ ඉදලා උසස් පෙළ දක්වාම සතියේ දින පහ තුළමත් විෂයක් ලෙස ඉංගී්‍රසි ඉගෙන ගන්නවා. නමූත් තමන් ඉගෙන ගත්ත ඉංගී්‍රසි දෑනූම ප්‍රායෝගිකව යොදවා බලන මෙවැනි සම්මූඛ පරීක්ෂණ වලට මූහූණ දුන්නාම ඔවූන් හිර වෙලා බය වෙනවා. නමූත් සම්මූඛ පරීක්ෂණවලට පැමිණෙන්නේ ඩිප්ලෝමා සහතික මිටි ගණන් අරගෙනයි. මෙම තත්ත්වයට හේතුව වෙන්නේ භාෂාව භාවිතය ගැන ඔවූන් තුළ පෙර පූහූණූවක් එහෙමත් නැත්නම් හූරුවක් නොමැතිකමයි. නමූත් බැලුවොත් ඔවූන්ගේ දෙමාපියන් උපයන මූදලින් වැඩි මූදලක් වියදම් කරලා තියෙන්නෙත් මේ ඉංගී්‍රසි දෑනූම දියූණූ කරගන්න සහ පරිගණක අධ්‍යාපනය සඳහායි. නමූත් ප්‍රතිඵලය බිංදුවයි.

මෙම තත්ත්වයට හොඳම උදාහරණයක් තමයි දෑන් මම කියන්න යන්නේ. පසූගිය අවූරුද්දේ අපි අලුතින් ගුවන් සේවිකාවන් බඳවා ගන්න පූවත්පත් දෑන්වීම් පළ කළා. අපට හොඳ ප්‍රතිචාර ලැබූණා. එතනින් අයදුම්පත් 8000 ක් පමණ අවශ්‍ය සූදුසූකම් සපූරා ඇති නිසා සම්මූූඛ පරීක්ෂණය සඳහා කැඳවූවා. නමූත් ඉතාම කණගාටූයි කියන්න අපට එයින් නවක ගුවන් සේවිකාවන් ලෙස බඳවා ගන්න පූළුවන් වූණේ යූවතියන් 131 ක් තරම් ඉතාම සූළු සංඛ්‍යාවක් පමණයි.

අද ලංකාවේ සිටින තරුණ පිරිසට ඉංගී්‍රසි දෑනූම සාමාන්‍ය පරිදි තිබූණත් පන්ති කාමරය තුළ විෂයක් වශයෙන් ඉගෙන ගැනීමෙන් එය තවදුරටත් ප්‍රගුණ කලත් පාසල් කාලයෙන් පසූ නිවසේදී සහ සමාජය තුළදී භාවිත නොකරන නිසාවෙන් සමාජය තුළ භාවිතා කරන්න අපහසූයි. භාෂාවක් කතා නොකර කොහොමද හොඳ පූහූණූවක් ලබන්නේ. ඒ වගේම තවත් දෙයක් තමයි අපි ජාත්‍යන්තර භාෂාවක් විදිහට ඉංගී්‍රසි භාවිත කළත් එයට සජීවි බවක් එහෙමත් නැත්නම් හැඟීම් ප්‍රකාශ කරමින් ඉදිරිපත් කරන්න අපට හැකියාවක් නැහැ. අපි කුඩා කාලයේ ඉදලා පන්ති කාමරය තුලදී පවා අපි කතා කරන ඉංග්‍රීසි වචනේ වැරදුණොත් අපට සමාජයේ පිරිස හිනාවේවිද කියලා හිතනවා. නැත්නම් සබකෝලය සහ අනියත බියක් ඇති කරගෙන පසූබසින්න ගන්නවා. මේවා අපේ පෙරදිග සංස්කෘතියෙන් එකතු වූ දේවල්. මේ නිසා ගුවන් සේවිකාවක් වගේ නිතරම ජාත්‍යන්තරය සමග ගනූදෙනූ කරන වෘත්තියකදී වූවත් භාෂාව හසූරවන්න යූවතයන් බය වෙනවා. මේ තත්ත්වය දෙවන සම්මූඛ පර්යේෂණයෙන් හැලෙන යූවතියන් තුළින් අපට පැහැදිලිව බලාගන්න පූළුවනි. එම නිසා මම දෙමාපියන්ගෙන් සහ අද වල්මත් වෙලා එක එක ටියූෂන් පන්තිවලට යන අපේ තරුණ දූ දරුවන්ට කියන්නේ විදිමත්ව ඉංග්‍රිසි ඉගෙන ගන්න. ඒ විතරක් මදි සමාජය සහ නිවස තුළදී පූළුවන් සෑම අවස්ථාවකදීම භාෂාව පාවිච්චි කරන්න. මූලින් වරදියි. වැරදි වැරදි ඉගෙන ගන්න. ඔබත් නොදෑනූවත්වම පසූ දිනෙක ඔබ ඉංගී්‍රසි භාෂාව චතුර ලෙස කතා කරන්නට පෙළඹේවි.

මෙයට හොඳම උදාහරණයක් සේනක කියාවි. ඔව්... අපේ මූලික සම්මූඛ පරීක්ෂණය සමත් වෙලා ගුවන් සේවිකාවක් ලෙස බඳවා ගන්නා යූවතියන් පළමූ දවසේ ඉංගී්‍රසි කතා කරන සහ ඇඳුම් ඇදලා එන ආකාරය අපි වීඩියෝ කරනවා. අපි ලබා දෙන පූහූණූවෙන් පසූව එම යූවතිය දිනෙන් දින ලබන දියූණූව ඔවූන්ට බලා ගන්න අපි අවස්ථාව ලබා දෙනවා. එවිට ඔවූන්ටම තීරණය කරන්න පූළුවන් ගුවන් සේවිකාවක් ලෙස වැඩ කටයූතු කිරීමට පෙර අපේ ආයතනය විශාල මූදලක් වැය කරලා ලබාදෙන පූහූණූවේ ඇති වැදගත්කම පිළිබඳව."

ඉංගී්‍රසි භාෂාවට අමතරව වෙනත් භාෂා, ප්‍රංශ, චීන, හින්දි, දෙමළ, ජපන් භාෂා හොඳින් කතා කිරීම සහ තේරුම් ගැනීමේ හැකියාව අමතර සූදුසූකම් ලෙස භාවිත කරන්න පූළුවන්.

ගුවන් සේවිකාවන් වශයෙන් අපි වැඩි ප්‍රතිශතයක් යූවතියන් තෝරා ගනූ ලබන්නෙත් එක් ප්‍රවණතාවක් උඩයි. අපේ සංස්කෘතිය තුළත් ඕනෑම කෙනෙක් කාන්තාවක් අතින් වර්ණනා වෙනවට කැමතියි. කාන්තාවක් නිතරම සූහදශීලියි. ඉක්මනින් මිත්‍රත්වයක් ගොඩ නගා ගන්න දකෂයි. උදාහරණයක් විදිහට අපි හිතමූ ගුවන් මගියෙක් හොඳට ඇඳලා පැළඳලා ඉන්නවා කියලා. අපේ ගුවන් සේවිකාවක් ගිහිල්ලා කියනවා සර් ඔබේ ටයි පටිය ඉතාම ලස්සනයි කියලා" අර මගියාට එම ප්‍රකාශයෙන් පූංචි උද්දාමයක් සහ ආකර්ශනයක් එතනදි ඇති වෙලා ඔහූ මේ ගැන හිතන්න ගන්නවා. තමාගේ ඇඳුම ගැන වර්ණනා කළේ කාන්තාවක් වීම ඔහූට විශේෂයක්. ඒ තුළින් ඔහූට සමීපත්වයක් දෑනෙන්න ගන්නවා. නමූත් පිරිමි කෙනෙකු මෙම වර්ණනාව කළා නම් ඒක ඒ තරම් ගාණක් නැති වෙන්න තිබූණා. එම නිසා තමයි අපි ගුවන් සේවිකාවක් ලෙස සූන්දරත්වය, ලාලිත්‍ය රැඳී හොඳ පෞරුෂයක් තියෙන යූවතියන් තෝරා ගනූ ලබන්නේ. විශේෂයෙන්ම ගැමි යූවතියන්ගේ චාම් බව අපේ ගුවන් සමාගමේ ඔසරියට හරිම ලස්සනයි. ඒ විතරක් නෙවෙයි දිගු කොණ්ඩය ගොඩක් හැඩයි.

ඒකයි අපි කියන්නේ ගුවන් සේවිකාවක් වෙන්න කැමැත්තෙන් ඉන්න යූවතියන්ට කෝණඩය අනවශ්‍ය ලෙස පාට කරන්න, ශරීරයේ පච්ච කොටන්න ඔසරියට නිරාවරණය වන තැන්වල කරාබූ දාන්න යන්න එපා කියලා. ඒවා සියල්ල අපේ යූනිෆෝම් එකට නූසූදුසූකම් වෙනවා.

උස ප්‍රමාණය ගැන සැලකිලිමත්වීමේදී අපට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඇතැම් යූවතියන් අපි බලන ඉහත සූදුසූකම් සියල්ල සම්පූර්ණ කලත් උස අඩි පහයි අඟල් 2 ප්‍රමාණය සපූරා ගන්න නොහැකි වීම. මෙතනදී අපෙන් බොහෝ යූවතියන් අහන ප්‍රශ්නයක් තමයි ඇයි මේ උස මීට වඩා අඩූ නොකරන්නේ කියලා. ඒකට උත්තරේ මේකයි. මූලින් අපි අපේ ගුවන් සමාගමේ ගුවන් සේවිකාවන් සඳහා යූවතියන් බඳවා ගත්තේ උස අඩි පහයි අඟල් හතරක් උස අයයි. නමූත් අපේ රටෙි එවැනි උසක් තියෙන යූවතියන් ඉන්නේ ඉතාම අතලොස්සයි. ඒ නිසා අපි පසූ කාලෙක බඳවා ගන්නා උස ප්‍රමාණය සංශෝධනය කළා. ඒ අනූවයි දෑන් උස අඩි 5 අඟල් 2 ක් උස යූවතියන් බඳවා ගන්නේ. ඉතිරි අඟල් දෙකක ප්‍රමාණය අපි සකසා ගනූ ලබන්නේ ගුවන් සේවිකාවන් විසින් පළඳිනූ ලබන සපත්තු වලින්. දෑනට ඇය පළඳින සපත්තුවේ අඩියේ උස අඟල් දෙකක් ලෙස අපි සකසා ගන්නවා.

නමූත් බොහෝ යූවතියන් කරන ඉල්ලීමට අනූව උස අඩි 5 අඟල් 1 ලෙස උස ප්‍රමාණය අඩූ කරලා හිල් එකේ උස අඟල් තුන කළොත් එක පැත්තකින් ගුවන් සේවිකාවකගේ ආරක්ෂාවට සහ සෞඛ්‍යයට තර්ජනයක් වෙනවා. ඔබ නොදන්නවා ඇති ගුවන් යානයක් අහසේ පියාසර කරන්නේ සෘජූව නොවෙයි. එම නිසා උඩ අවකාශය තුළ ඉඳගෙන ලොකු හිල් එකක් දාගෙන වැඩ කටයූතු කරන්න අපහසූයි. බොහෝ විට ගුවන් සේවිකාවක් තමන්ගේ ගුවන් ගමන් යෙදෙන අතරතුරේ මූළුමනින්ම කටයූතු කරන්නේ හිටගෙනයි. එම නිසා ශරීරයේ සමබරතාවය රඳවා ගනිමින් කටයූතු කිරීම ඉතාම වැදගත් වෙනවා. නැත්නම් වෙන්නේ එක ගමනක් අවසානයේ කොන්දේ අමාරුව හැදුන වෙනත් ආබාධවලට ලක්වූ ගුවන් සේවිකාවක් රැගෙන එන්නයි. අනෙක් කාරණාව තමයි ගුවන් සේවිකාව පළඳින සපත්තුවල බර අනියත ලෙස වැඩිවීම නිසා ඔවූන්ට යානය තුළ කටයූතු කරන්න අපහසූයි. එම නිසා අපි නියම ප්‍රමිතියකට ඒ සියල්ල සකස් කරලයි තියෙන්නේ.

ගුවන් සේවිකාවගේ උස ගැන කතා කිරීමේදී මේ ගැනත් සඳහන් කළ යූතුම වෙනවා. ගුවන් යානයක් තුළ රඳවා අති හදිසි ආපදා ආම්පන්න සහ මෙවලම් ගබඩා කර ඇත්තේ අඩි හයයි අඟල් පහක උසකින්. ආරකෂක උපකරණ සහ ඔක්සිජන් ටැංකි හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනය ගැනීම සඳහා ගුවන් සේවිකාව ගුවන් යානය තුළ එම කවූන්ටරය මතට උස විය යූතුයි. මොකද හදිසි අවස්ථාවකදී එක් ගුවන් සේවිකාවකට අවම වශයෙන් ගුවන් මගීන් 35 පමණ බලා ගන්න වෙනවා. මේ සියලු දෙනාවම හදිසි අවස්ථාවකදී මගීන් බේරාගන්න ඇයට තියෙන කාලය තත්ත්පර 90 ක් පමණයි. මගීන් බේරා ගන්න ගමන් ඇය තමාගේ ජීවිතය බේරාගත යූතුයි. එම නිසා ඇය බූද්ධිමත් සහ කඩිසර විය යූතුයි. එම නිසා අපි නිතරම ගුවන් යානයකට ගුවන් සේවිකාවන් තෝරාගැනීමේදී වයස මටිටම් කිහිපයක් නියෝජනය වන පරිදි සහ පළපූරුදු අතින් ඉහළ නිලධාරිනියන් ඇතුළු අඩූම වශයෙන් ගුවන් සේවිකාවන් අට දෙනෙකුගෙන් යූතු කණ්ඩායමක් ගුවන් යානය සඳහා යොදවන්නේ මෙය ජාත්‍යන්තර නීතියක් අනූවයි.

ගුවන් යානයක් අවධානම් අවස්ථාවක මූහූණ දීම සඳහා අවශ්‍ය සියලු ආරකෂක උපක්‍රම ප්‍රථමාධාර වැනි සියලු පූහූණූවීම් දින 57 ක නෛතික සහ ප්‍රයෝජගික පූහූණූවක් තුළින් අපි නවක ගුවන් සේවිකාවන් ලෙස බඳවා ගන්නා යූවතියන්ට කටූනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටූපල පරිශ්‍රයේ පිහිටා තිබෙන ශී්‍ර ලංකන් ගුවන් සමාගමේ පූහූණූවීමේ මැදිරිය තුළදී ලබා දෙනවා. නවක ගුවන් සේවිකාවන් ඉගෙන ගන්නා විෂය කොටස් පිළිබඳ දෑනූම මැන බැලීමට පන්ති පැවැත්වෙන දිනවල ලිඛිත පරීක්ෂණ පැවැත් වෙනවා. ඒවා ප්‍රායෝගිකව අත්හදා බලන්න ඔවූන්ට අවස්ථාව ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි සෑම ගුවන් සේවිකාවක්ම වසරක් තුළ විවිධ පූහූණූවීම්වලට යොමූ කර පවත්වන විභාගවලින් ලකුණූ 90%ක් ලබාගැනීම අනිවාර්ය වෙනවා. ගුවන් සේවා ඉතිහාසය තුළ අපේ ගුවන් සේවිකාවන්ගේ මැදිහත්වීම මත ගුවන් යානය තුළදී දරුවන් දෙදෙනෙකු ප්‍රසූත කළා. එවැනි කටයූතු සඳහාද ගුවන් සේවිකාවන් විශේෂ පූහූණූවීම් ලබනවා. එම නිසා ගුවන් සේවිකාවක ලෙස කටයූතු කිරීම අපි හිතන තරම් ලෙහෙසි නැහැ.

ගුවන් සේවිකාවක් කියන්නේ ලස්සනට ඇඳගෙන රට රටවල සංචාරය කරන එක විතරයි කියලා අපේ යූවතියන් හිතනවා නම් ඒක වැරදියි. ඇයට ඊට වඩා බාරදූර කාර්යයන් රැසක් පැවරී තිබෙන බව අමතක නොකළ යූතුයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment