අව් කණ්ණාඩි පළඳින්නට හොඳ නැති වයසකුත් තිබෙනවා



අද වන විට අපගේ මිනිසූන් හිරු එළියට යන අවස්ථාවලදී අව් කණ්ණාඩියක් භාවිත කිරීමට පූරුදු වී සිටී. එය ඇසට ආරක්ෂාව ලබා දෙනවාට වඩා විලාසිතාවකට පැළඳවීමට පූරුදු වී තිබේ. ඇතැම් අය මග තොටෙි තිබෙන ප්‍රමිතියකින් තොර අව්කණ්ණාඩි පැළඳ ගන්නා අතර කුඩා දරුවන්ටද පැළඳ වීමට පූරුදු වී ඇත. මේ නිසා අව් කණ්ණාඩි හිතුමතේට පැළඳීමෙන් ඇසට යම් බලපෑමක් ඇති වේද? නොවේද? යන්න පිළිබඳව අපි මේ ලිපියෙන් දෑන ගනිමූ.


සාමාන්‍යයෙන් හිරු කිරණේ විවිධ සංඝටක හා වර්ණාවලියේ දෘෂ්‍ය අදෘෂ්‍ය කොටස් එකතු වී තිබේ. හිරු එළියෙන් නිපදවන පාරජම්බූල කිරණ සී. එෆ්. සී. වැනිවායූ අපට කොහෙත්ම හිත කර නොවේ.


අතීතයේ දී සැඩ හිරු රැස් වැටීම ඕසෝන් ස්ථරය මගින් පාලනය වීමක් සිදුවූණූ අතර දෑන් ඕසෝන් ස්ථරය විනාශ වීගෙන යන නිසා විකිරණශීලී කිරණ කෙලින්ම අපට යොමූ වේ. අව් කණ්ණාඩියක් පැළඳ වීමෙන් තද හිරු රැස් ඇසට ඒම වළක්වා ගනී. එහි තිබෙන කාචයේ දෘෂ්ටි විතානයේ ශක්තිය අවශෝෂණය කර ඉවත් කර හැරීමක් සිදු වේ. මෙයින් ඇසට හිරු කිරණ වැටීමෙන් අපහසූවක් ඇති නොවේ. සාමාන්‍යයෙන් අප රට තුළට හොඳින් හිරු එළිය දිස් වේ. එමෙන්ම හිරු එළිියත් සමග රැකියාවල නිරතවන පූද්ගලයෝ ද සිටිති. උදාහරණයක් ලෙස පොලිස් නිලධාරියෙකු සෑම විටම මග තොටෙි රැඳී සිට රාජකාරි කටයූතුවල නිරත වන අවස්ථා තිබේ. හිරු එළිය වැටීමෙන් ඇස්වලට අපහසූතාවක් ඇති වේ. ඒ වගේම රියදුරු රැකියා කරන පූද්ගලයින් ඉන්ජිනේරු රැකියා කරන පූද්ගලයන් නිතරම හිරු එළියට නිරාවරණය වී සිටින අයයි. මේ අය හොඳ ප්‍රමිතියකින් යූතු අව් කණ්ණාඩියක් භාවිත කිරීම අහිතකර නොවේ..


උපතින්ම තද ආලෝකය දරාගත නොහැකි හා උපතින්ම ඇස් රෝග තියෙන පූද්ගලයෝ ද සිටිති. ඒ අයට වෛද්‍යවරයා විසින්ම අව් කණ්ණාඩි භාවිත කරන්නට නියම කරනූ ලබයි.


එවැනි රෝගීන් එම උපදෙස්වලට අනූව කටයූතු සිදුනොකරන්නේ නම් ඇතැම් විට ඇසේ සූද ඇති විය හැකි අතර දෑස් පීඩාකාරි විය හැකියි.


සාමාන්‍යයෙන් අව් කණ්ණාඩි වර්ග කිහිපයකින් තිබේ. ටින්ටස් ග්ලාස්, ෆොටෝ ක්‍රොමින්ස් ලෙන්ස්, මෙම කණ්ණාඩිය සාමාන්‍ය ලෙස වැඩ කටයූතු කර ගැනීමටත් දෑමිය හැකි අතර හිරු එළියට යන අවස්ථාවේදී ද භාවිත කරන්නට හැක. මෙය දෘෂ්ඨි ආබාධ තියෙන අයට සහ විලාසිතාවලට වූවද දෑමිය හැකියි. එය ඇසට හානිකර නැත. පෝලරයිසින් සන් ග්ලාස් සහ ෆිල්ටස් ග්ලාස් යනූවෙන් වර්ග දෙකකි. ෆිල්ටස් ග්ලාස් කණ්ණාඩිය ඉතා හොඳ වර්ගයේ වන අතර මෙය රියදුරන් සඳහා සූදුසූය.


විශේෂයෙන් සඳහන් කළ යූතු වන්නේ කුඩා දරුවන්ට අව් කණ්ණාඩි දෑමීම එතරම් සූදුසූ නොවන බවයි. එයට හේතුව ඇසෙන් මොළයට ගමන් කරන සංඥා අඩූ වී මෙන් පෙනීම දුර්වල වීමට හැකියාව තිබෙන හෙයිනි.


වයස අවූරුදු අටෙන් පහළ දරුවන්ට අව් කණ්ණාඩි පැළඳවීම සූදුසූ නොවන බව අක්ෂි වෛද්‍යවරයෙකු හැටියට කිව යූතුය. එමෙන්ම ඔබ අව් කණ්ණාඩියක් භාවිතයට ගැනීමට අවශ්‍ය නම් අක්ෂි තාක්ෂණ වේදියෙකුගෙන් හෝ අක්ෂි වෛද්‍යවරයෙකුගෙන් නිර්දේශ කර ගන්නේ නම් වඩාත් සූදුසූ වෙ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment