හිතුමතේට ෆ්ලෝරයිඩ් ගැනීම දත්වලට වගේම සිරුරටත් අහිත කරයි

නියමිත මාත්‍රාවලින් ෆ්ලෝරයිඩ් ලබාගැනීම දත් ශක්තිමත් වීමට හේතුවක් වන අතර දත් දිරායාම අඩූ කරයි. ෆ්ලෝරයිඩ් වල ක්‍රියාකාරීත්වය සැසදීමේදී ඔධඡෂක්ඛ ෑතතෑකඔ එනම් දත් මත ගැල්වීම මගින් ඇතිවන ක්‍රියාකාරිත්වය, එනම් ශරීරයට ලබා ගැනීමෙන් ඇතිවන ක්‍රියාකාරිත්වයට වඩා ප්‍රබල බව සොයා ගෙන ඇත. ෆ්ලෝරයිඩ් ලබාගත හැකි ප්‍රභවයන් ලෙස ජලය, ඊට අමතරව කෘතිමව ෆ්ලෝරයිඩ් එකතු කර ඇති දන්තාලේප, පෙති, දියර ජෙල් වර්ග දෑක්විය හැකිය. සාමාන්‍යයෙන් ජලයේ ෆ්ලෝරයිඩ් ප්‍රමාණය ජලය ලීටර් 1 ක ෆ්ලෝරයිඩ් 1 පට ට වඩා බොහෝ අඩූ නම් ෆ්ලෝරයිඩ් ලබා ගැනීමට වෙනත් ක්‍රම භාවිතය වැදගත් වේ. නමූත් සමහර ප්‍රදේශවල විශේෂයෙන්ම අනූරාධපූරය, කුරුණැගල, මොනරාගල, කැකිරාව වැනි ප්‍රදේශවල ජලයේ අධික ලෙස ෆ්ලෝරයිඩ් පවතින නිසා වෙනත් ප්‍රභව වලින් ෆ්ලෝරයිඩ් ලබා ගැනීම නූසූදුසූ වේ. මන්ද නියමිත ප්‍රමාණවලට වඩා වැඩිපූර ෆ්ලෝරයිඩ් භාවිතයෙන් විෂ වීමක් සිදුවිය හැකි අතර දත් අවපැහැ වීමද දෑකිය හැකි වේ. එම ප්‍රදේශවල ජලයේ ෆ්ලෝරයිඩ් ප්‍රමාණය අඩූ කර ඉවත් කර පානය සඳහා සූදුසූ නවීන ක්‍රමද සොයා ගෙන තිබේ. 


දත් මැදීම සඳහා භාවිත කරන දන්තාලේපවල ෆ්ලෝරයිඩ් අඩංගු නම් එය ෆ්ලෝරයිඩ් ලබා ගැනීමට කදිම ක්‍රමයකි. මෙයට අමතරව දත් දිරා යාමට අධික වශයෙන් නැඹූරුවක් ඇති අයෙක් නම් හෝ දත් මැදීම නිසි ආකාරව සිදු කරගැනීමට නොහැති අයෙක් නම් (ඵෑෘෂක්ඛඛශ කධඵඡසෘධඵෂීෑෘල ඵෑභඔ්ඛඛශ කධඵඡසෘධඵෂීෑෘල ඡ්‍යශීඛක්ඛඛශ කධඵඡසෘධඵෂීෑෘඃ නිසි දන්ත වෛද්‍ය උපදෙස් මත වෙනත් ක්‍රමවලින් ෆ්ලෝරයිඩ් ලබාගැනීම යෝග්‍ය වේ. නමූත් නිවැරදි දන්ත වෛද්‍ය උපදෙස් වලින් තොරව දත් ශක්තිමත්වීම සඳහා යැයි කියමින් තම හිතුමනාපයට අවශ්‍ය ආකාරයට විවිධ ක්‍රම මගින් ෆ්ලෝරයිඩ් ලබා ගැනීම දන්ත සෞඛ්‍යයට මෙන්ම ශරීර සෞඛ්‍යයට ද අහිතකර වන බව මතක තබා ගත යූතුයි.




බොහෝ විට දත් අවපැහැ ගැන්වීම විශේෂයෙන්ම කාන්තාවන්ට බලපාන ගැටළුවක් ලෙස දෑක්විය හැකිය. දත් අව පැහැ ගැනීම විවිධ වූ හේතු සාධක නිසා සිදුවිය හැකිය. අප බාහිරින් ලබා ගන්නා යම් යම් ද්‍රව්‍ය නිසා දත් අවපැහැ විය හැකි අතර ඒ අවපැහැය පහසූවෙන් ඉවත් කරගත හැකියි.(දත් සූද්ද කිරීම මගින්) උදාහරණ ලෙස විවිධ කෑම වර්ග ගැනීම නිසා, දුම්පානය නිසා, බූලත්විට කෑම නිසා, වෛද්‍ය උපදෙස් වලින් තොරව කට සේදීමට විවිධ බෙහෙත් වර්ග දීර්ඝ කාලීනව භාවිතය නිසා දත් අවපැහැ වීම දෑක්විය හැකියි. මෙයට අමතරව දත් අවපැහැවීමට බලපාන තවත් සාධකයක් ලෙස ඖෂධ වර්ග භාවිතය දෑක්විය හැකියි. උදා ඃ ඔෑඔසෘකශකඛෂභෑ දරුවෙකු ලැබීමට සිටින අවස්ථාවේදී හෝ මව් කිරි දෙන අවස්ථාවලදී හෝ දරුවාට වයස අවූ. 12 ඉක්මවීමට පෙර මෙම ඖෂධ භාවිතය නිසා දත් අවපැහැ වීම සිදුවිය හැකියි. තවත් ප්‍රබලව බලපාන සාධකයක් ලෙස ෆ්ලෝරයිඩ් දෑක්විය හැකියි. ෆ්ලෝරයිඩ් දත් ශක්තිමත් කිරීමට බලපාන බව සත්‍යයකි. නමූත් ප්‍රමාණය ඉක්මවා අධිකව භාවිතය නිසා විශේෂයෙන් ෆ්ලෝරයිඩ් අධික ලෙස ඇති ජලය භාවිතය නිසා දත් අවපැහැ වීම දෑකිය හැකියි. මෙලෙස දත්වල ඇති වී ඇති අවපැහැයද ඉවත් කර ගත හැකියි. නමූත් එය සාමාන්‍ය සූද්ද කිරීමකින් ඉවත් නොවන අතර ඒ සඳහා නූතනයේ විවිධ නවීන ක්‍රම භාවිත කරයි. දත් අවපැහැවීමට බලපාන තවත් සාධකයක් ලෙස ජානමය හේතූන් මත ඇතිවන විවිධ රෝගී තත්ත්ව දෑක්විය හැකියි.


ඉහත කවර හෝ හේතුවක් නිසා ඔබගේ දත් අවපැහැවීම සිදුවිය හැකි අතර විශේෂයෙන්ම කාන්තාවන් වන ඔබට මෙය ප්‍රබල වශයෙන් බලපායි. නමූත් නිසි දන්ත වෛද්‍ය උපදෙස් ලබා ගෙන ඔබගේ දත් අවපැහැවීමට හේතුව දෑන ඊට ගැලපෙන දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම මගින් ඔබට ඇති වී ඇති ගැටළුවලින් අත්විඳීමට ඔබට හැකි වේ.




දන්ත වෛද්‍ය මනෝරි ධනප්‍රියංකා

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment