ඔබේ දරුවාත් තමාටත්, රටටත් අවංක හා කාගෙවත් සිත නොරිදවන පූරවැසියෙකු බවට පත් කරන්නේ මෙහෙමයි

ඔබේ සම්පත ඔබට තවත් වටිනා සම්පතක් කර ගැනීමට නම්,
මාපියන් සියලු වෙහෙස දරන්නේ අනාගතයේදී තම දරුවා මේ සමාජයේ කැපී පෙනෙන පූද්ගලයෙකු බවට පත් කිරීමටය. ඒ සඳහා ඔවූන් පොදුවේ අනූගමනය කරන්නේ කදිම අධ්‍යාපනය, ඉංග්‍රීසි කතා පූහූණූවක් හා සාමාජශීලී ජීවිතයකට අවශ්‍ය පූරුදු කියාදීමටය. නමූත් ඒ සියල්ලටම වඩා මනූෂ්‍යයෙකුට වැදගත් වන්නේ සරළ, සැහැල්ලු, නිහතමානී හා ගෞරවනීය දිවියකට හිමිකම් කීමය. එසේ නොමැතිව යමෙකු කොතරම් බූද්ධිමත් හා ධනවත් වූව ද සිතේ සැහැල්ලුව හා නිහතමානිත්වය නොමැති වූවොත් ඔහූ අසහනකාරී තත්ත්වයකට පත්වේ. එහෙයින් ළමාවියේදීම යම් පූද්ගලයෙකු තුළ තිබිය යූතු ඉහළම ගුණාංගයන් වන අවංකකම, නිහතමානිත්වය, අනූන් ගැන සැලකිලිමත්වීම, බොරු නොකීම හා අනූන්ට අයිති දේ නොගැනීම ආදිය ප්‍රගුණ කිරීම පහසූය. සියලු අධ්‍යාපනයට වඩා වැදගත් වන්නේ එයයි. මන්ද, සැහැල්ලු හා සරළ පූද්ගලයෙකු ලෙසින් සිත නිදහස් වන්නේ ඒ තුළිනි.




සමීප වීම



දරුවා තුළ මෙම ගුණාංග වර්ධනය කිරීමට ඔබට කළ හැකි කදිම උපක්‍රමය වන්නේ ඔහූට වඩාත්ම සමීපවී ඔහූගේ හැසිරීම් හා ක්‍රියාකාරකම් අධ්‍යයනය කිරීමය. එවිට ඔහූගේ වත්මන් ස්වභාවය ඔබට වැටහේ. ඔහූ තුළ නිවැරදි ගුණාංග වර්ධනය කළ හැක්කේ ඒ තුළිනි.


දරුවෙකු තුළ වර්ධනය විය යූතු ඉහළම ගුණාංගය විය යූත්තේ අවංකවීමය. එය සෙසූ සමාජයට සේම තමාටම විය යූත්තකි. එහිදී දරුවෙකුට අවංකවීමේ යහපත ලෙසින් ඔබ කියා දිය යූත්තේ යම් වරදක් සිදුවූ විටදී එයට සමාවක් ගැනීම ප්‍රබලව අවංකවීමකි. බොරු නොකීමද එහි අංගයකි.


අවංකවීමෙන් සතුටක් ලැබිය හැකි බව දරුවන්ට කියාදීම වැදගත් වේ. එනම් මඟතොටෙිදී යමක් දුටූවොත් එය නොගෙන අයිතිකරුට බාරදීම, කඩයකින් වැරදීමකින් වැඩිපූර ඉතිරි මූදල් ළදොත් එය ආපසූ දීම, තමාට අයිති නැති දෙයක් වංචාවෙන් ලැබීමට උත්සාහ නොකිරීම ආදිය එයට අයත් වේ.



ඔබ දරුවාට සමීපව සිටීනම්, ඔහූ දරුවා මිතුරන් ඉදිරියේදී වංකව හැසිරෙනූ දැකීමට හැකිය. විශේෂයෙන්ම සෙල්ලම් කරද්දී දරුවන් තුළ මෙය දකින්නට ලැබේ. එවිට ඔබ පසූව දරුවා සමග සිටියදී එය සිහිපත් කරදී අවංකවීමෙන් ලැබෙන ප්‍රතිඵල හඳුන්වා දෙන්න. උදාහරණයක් ලෙසින් මිතුරන් වැඩිපූර ආදරය වන්නේ හා උදව් උපකාර කරන්නේ අවංකවීමෙනි. රැකියාවක් කරද්දී හා සමාජයේ පිළිගැනූමකට ලක්වන්නේ අවංකවීමෙනි. අවංකවීම පිළිබඳව ඔබ දරුවාට අවබෝධ කර දිය යූත්තේ විවිධ උදාහරණද සමගිනි. ඔබේ හෝ දරුවාගේ යහළුවන් වංකකමින් කරන දේවල් හා එහි ප්‍රතිඵල දරුවන්ට හඳුන්වා දී එය විස්තර කර දීමද වටී. එමෙන්ම අවංක මිනිසකුගේ ක්‍රියාවක් දුටූවිටදී ඒ වාගේ පූද්ගලයෙකු වන්නැයි දරුවන්ගෙන් සැමවිටම ඉල්ලා සිටියදී එය ඔවූන්ගේ මනසෙහි දැඩිව රැඳේ.




වරදට සමාව ගැනීම

වැරදි සිදුවීම සාමාන්‍ය දෙයක් බව ඔබ දරුවාට වටහා දිය යූත්තේ එයට දොස් නොපැවරීම හා දඬූවම් නොකිරීම තුළිනි. යම් වරදක් දරුවෙකු අතින් සිදුවූ විටදී එය ගණන් නොගන්නැයි ඉල්ලා සිටින ඔබ ඒ සමගම නැවත සිදුනොවීමට අත්දැකීමක් හා පාඩමක් බවට පත්කර ගැනීමටද උපදෙස් දෙන්න. එමෙන්ම දරුවෙකු අතින් යම් අතපසූවීමක්, වරදක් හෝ අන්‍යයෙකුගේ සිත් රිදවීමක් වූවොත් එයට අනිවාර්යයෙන්ම සමාව් ඉල්ලා සිටිය යූතු බවද දරුවාට පවසන්න. එමෙන්ම එය ලැජ්ජාවට කරුණක් නොවන බවද ඒත්තු ගන්වන්න සැමවිටම දරුවන්ට ඒත්තු ගැන්විය යූත්තේ බොහෝ පිරුණූ පූද්ගලයන් සෑමවිටම වරදක් සිදුවූ විටදී සමාවක් ගැනීමට මැළි නොවන බවය. සමාව අයැදීම ලැජ්ජාවක් යැයි සිතන්නේ හීනමානයෙන් පෙළෙන්නන් යැයි දරුවාට වටහා දීමට සමත් වූවොත් එය ඔහූගේ ජීවිතයට කදිම පාඩමක් වනූ ඇත.




ඒ සඳහා දරුවෙකු තමා අතින් යම් වරදක් හෝ අතපසූවීමක් සිදුවූයේ යැයි පැවසූ සැණින්ම ඔබ ඇසිය යූතු පැනය වන්නේ දරුවා ඒ සඳහා සමාව ඉල්ලා සිටියේද යන්නය. දරුවා එසේ කර නොමැති නම් මීළඟ අවස්ථාවේදී එය කිරීමෙන් වරද සිදුවූ පූද්ගලයාට සේම කළ පූද්ගලයාට ප්‍රබල සිතේ සහනයක් ලැබෙන්නක් බව අවබෝධ කර දෙන්න.




සාමාන්‍යයෙන් දරුවෙකුට අන් අයෙකුගෙන් යම් දෙයක් ලද විටදී මාපියන් ඔහූට බලකර සිටින්නේ "ස්තූතිය" යැයි පැවසීමටය. එයටත් වඩා ප්‍රබලව දරුවෙකු අතින් වරදක් සිදුවූ විටදී එයට සමාව ගැනීමට දරුවෙකු පූරුදු කළ යූතුය.




වැරදි දෙස යළි බැලීම



අන්‍යයෙකුට සිදුවූ වරදකට සමාවක් ඇයද සිටීමට දරුවෙකු පූරුදු කරන්නා සේම සෑම වරදක්, අතපසූවීමක් හෝ සිත් රිදවීමක් සිදුවූ විටදී එය පිළිබඳ කිහිපවරක් සිතා බැලීමේ පූරුද්ද ද දරුවන්ට ඇති කරන්න. එම සිතා බැලීමට අයත් විය යූත්තේ එම වරද සිදුවීමට හේතුව, එයින් අන්‍යයෙකු සිත රිදවාගත් ප්‍රමාණය, එම වරද තමාට සිදුවූයේ නම් එයින් සිත රිදවෙන ප්‍රමාණය, එම වරද සිදුනොවීමට තමාට කළ හැකිව තිබූණූ දේ හා මීළඟට එවැනි දෙයකදී තමා හැසිරිය යූතු අන්දම පිළිබඳවය.




මෙවැනි උපක්‍රමයක් වැරදි සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ විටදී දරුවන් සැමවිටම අන්‍යයන්ගේ මානසිකත්වය ගැන සිතා කටයූතු කිරීමට පූරුදු වේ. එය වැඩිහිටියෙකුට අත්‍යවශ්‍ය වූවකි. එයට අමතරව තමා අතින් සිදුවූ වැරැදි සම්බන්ධයෙන් සිතා බැලිම යනූ ලෝකය වටහා ගැනීමකි. එය දරුවෙකුගේ නිර්මාණ ශක්තියද වර්ධනය කරවන්නකි. එයට අමතරව වැරදි නොකිරීමට උත්සාහ කරන සැමට සාධාරණය ඉටූකරන පූද්ගලයෙකු බවට පත්වේ.




ජීවිතය දෙස ශුභවාදීව

ජීවිතය දෙස ශුභවාදීව බැලීමට ඉහත සඳහන් ගුණාංග දරුවෙකු තුළ වර්ධනය වීමෙන් ඇතිවේ. මන්ද අවංකව කටයූතු කරන, බොරු නොකියන, අන්‍යයන් ගැන වඩාත් සිතන, වරදක් සිදුවූවොත් සමාව අයැදීමට තරමින් පිරිපූන් පූද්ගලයෙකු යනූ ජීවිතය දෙස ගැඹූරින් බලන්නෙකු බවට පත්වන්නේද නිරායාසයෙනි. එවැනි පූද්ගලයන් වැඩිහිටියන් වූ විටදී කදිම පාලකයන් බවට පත්වේ.



නමූත් මෙම ගුණාංග දරුවෙකු තුළ වර්ධනය කිරීම ඔබට දවසින් දෙකින් කළ හැක්කක් නොවේ. එහෙයින් ඔබ කළ යූත්තේ දරුවා දෙස නිවැරදිව විමසිලිමත් වෙමින් ඔහූට අවශ්‍ය අවබෝධය ලබාදීමය. එවිට ඔහූ එය තම ජීවිතයට අනූගත කරගනූ ඇත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment