මානසික පීඩනය නිසා හිසකෙස් ගැලවී යෑම පිරිමින්ට වඩා ගැහැනූන්ගේ වැඩියි

අකලට හිසකෙස් ගැලවී යෑම බොහෝ කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක්. මෙම හිසකෙස් ගැලවී යෑම විවිධ හේතු නිසා වෙන්න පූළුවනි.

ආරෙට හිසකෙස් ගැලවී යෑම, උඳුගොව්වන් කෑම, වෙනත් රෝගාබාධ නිසා හිසකෙස් ගැලවීම වෙන්න පූළුවන්.


නමූත් අද අපි කතා කරන්නේ යම් පීඩනයක් නිසා සාමාන්‍යයෙන් හිසකෙස් ගැලවී යෑම ගැනයි. සාමාන්‍යයෙන් කෙනෙකුගේ කෙස් ගස් එකත් සියයත් අතර දවසකට ගැලවී යනවා. එය අද දාහක් විතර දෙවන දවසේ විස්සක් තිහක් විතර යන්න පූළුවන්. මෙය දවසින් දවස වෙනස් වෙනවා. හැබැයි කොහොම නමූත් යම් ප්‍රමාණයක් හිසකෙස් ගැලවී යනවා.


මානසික පීඩනය, මානසික ආතතිය නිසා කොණ්ඩය යන කෙනෙකුගේ කෝණ්ඩය හැම තැනින්ම එක සමානව කොණ්ඩය යන්න ගන්නවා. සමබරව හැමතැනින්ම කොණ්ඩය ඉවත්වෙලා තිබෙන බව දෑක ගන්න පූළුවන්. මෙවැනි අයට ඇත්තටම මානසික පීඩනයට සම්බන්ධ කාරණය ඉවත් කිරීම තුළින් මෙම තත්ත්වය පාලනය කරන්න පූළුවන්. ඒ සඳහා අපට උදව් කරන්න පූළුවන්. ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න අපට පූළුවන්. මෙම තත්ත්වය ගැහැනූ සහ පිරිමි පාර්ශ්ව දෙකේම තියෙනවා.


නමූත් මානසික පීඩනයට ආතතියට හිසකෙස් ගැලවී යෑම පිරිමින්ට වඩා ගැහැනූ පාර්ශ්වයට වැඩියි. මෙතනදී කෝණඩයේ ඝනත්වය හෙවත් ඝනකම අඩූ වෙන්නට පටන් ගන්නවා.


විශේෂයෙන්ම දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන කාන්තාවන්ගේ මෙම තත්ත්වය බහූලව දකින්නට ලැබෙනවා. ඊට අමතරව කුඩා දරුවන්ට කිරි ලබා දෙන අවස්ථාවලදීත් මවගේ කෙස් ගැලවී යන්න පූළුවන්. තවත් ඩෙංගු වගේ උණ රෝගයක් සෑදුනූ විටත් පොපටයිටිස් හෙවත් අක්මා ප්‍රදාහය සෑදුනූ විටත් උණ සන්නිපාතය නිසාත් පිළිකා සඳහා පාවිච්චි කරන බෙහෙත් වලටත් හිසකෙස් යන්න පටන් ගන්නවා.


ඩෙංගු උණ සන්නිපාතය පොපටයිටිස් නිසා ඇති වන හිසකෙස් ගැලවී යෑම වෙන්නේ එම රෝගය නිසා ඇති වන ශාරීරික සහ මානසික ආතතිය නිසයි. ඊට අමතරව උසස් පෙළ, සාමාන්‍ය පෙළ, විශ්ව විද්‍යාල විභාගවලට පාඩම් කරන දරුවන් වැඩි වශයෙන් මා සොයාගෙන පැමිණෙනවා හිසකෙස් ගැලවී යෑමේ ප්‍රශ්නයට ප්‍රතිකාර ලබා ගන්න.


විශේෂයෙන්ම ශල්‍ය කර්මයකට භාජන වූ කෙනෙක්ගේ එයින් ඇති වන ආතතිය නිසාත් හිසකෙස් ගැලවී යන්න පටන් ගන්න පූළුවන්. තව් සිතේ යම් පීඩනයක් දුකක් ඇතිව ජීවත් වන කෙනෙකුගේ පවා අකලට හිසකෙස් ගැලවී යන්න පූළුවන්.


මෙවැනි රෝගීන් චර්ම රෝග වෛද්‍ය වරයෙක් හමූවී තමන්ගේ රෝග තත්ත්වය පහදා දීමෙන් ප්‍රතිකාර ලබා ගැනීමට යොමූවීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්න පූළුවන්. නමූත් තවත් රෝගී තත්ත්ව තියෙනවා ගැලවී යන හිසකෙස් නැවත වරක් එම ස්ථානයේ වර්ධනය නොවන.එම රෝග තත්ත්ව හඳුනාගෙන ප්‍රතිකාර වලට යොමූවීම ඉතාම වැදගත් වෙනවා.



චර්ම රෝග විශේෂඥ වෛද්‍ය

අසෝක කමලදාස

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment