පවූල නමින් අපි හඳුන්වන ඒකකය සමාජ විද්‍යාව තුළදී ඉතාමත් වටිනා කාර්යයක් ඉටූකරන බව සලකනවා. එමනිසා එම පවූලේ පැවැත්ම සඳහා එහි වෙසෙන සමාජික සංඛ්‍යාව වැදගත්. අතීතයේ පවූල් ඒකකය තුළ වැඩි සාමාජික සංඛ්‍යාවක් සිටි බවට ඕනෑ තරම් උදාහරණ තිබෙනවා. සාමාජික සංඛ්‍යාව වැඩි වූණත් ඔවූන් අතර හොඳ පවූල් සම්බන්ධතාවක් ගොඩනැගී තිබූණූ බව නම් ඇත්තක්. නමූත් සමාජ ක්‍රමය සංකීර්ණවීම තුළ පෙර දවස වැඩි සාමාජික සංඛ්‍යාවක් සිටියද අද කුඩා පවූල් බවට පත්වෙලා තිබෙනවා. ඇත්තටම පවූලක දරුවන් එක් අයෙකුට හෝ දෙදෙනෙකුට සීමාවීම අනාගතයේ පවූල් සම්බන්ධතාවලට ප්‍රශ්නයක් විය හැකිද?
සාම්ප්‍රදායිකව අපේ පවූල්වල දරුවන් සංඛ්‍යාව කොච්චර වැඩි වූණත් ඒක පවූල්වලට ප්‍රශ්නයක් වූණේ නැහැ. විශේෂයෙන්ම එම පවූල්වල දරුවන් සංඛ්‍යාව කොච්චර වැඩි වූණත් එම දරුවන් නඩත්තු කර ගැනීම ඔවූන්ට ප්‍රශ්නයක් වූනේ නැහැ. වැලේ ගෙඩි වැලට බර නැහැයි කියන සංකල්පය අපේ සමාජය තුළ බිහිවූණේ ඒ තුළින්.
නමූත් පෞද්ගලික දේපල පරිභෝජන ක්‍රමය ගොඩනැගීමත් සමග සමාජය තුළ කුඩා පවූල් ගොඩනැගෙන්න පටන් ගත්තා. අම්මා, තාත්තා, දරුවන් කිහිප දෙනෙකු ඇතුළත් පූංචි පවූල් බිහිවීම එන්න එන්නම වැඩිවූණා. අපි සාම්ප්‍රදායික සමාජය තුළ තිබූණූ මහ ගෙදර යටපත් වෙන්න පටන් ගත්තා. අද වනවිට පූංචි පවූල කියන ඒකකයත් එක දරුවෙකුට එහෙමත් නැත්නම් දෙන්නෙකුට සීමා කරන්න පටන් අරගෙන තියෙනවා. දියණියක් සහ පූතකු කියන සංකල්පය නිසා දරුවන් දෙදෙනෙකු හදන්නට සීමාවීම අනාගතයේ පවූල් සම්බන්ධතාවලට ප්‍ර්‍රශ්නයක් විය හැකිද?
සාම්ප්‍රදායිකව අපේ පවූල්වල දරුවන් සංඛ්‍යාව කොච්චර වැඩි වූණත් ඒක පවූල්වලට ප්‍රශ්නයක් වූණේ නැහැ. වැලේ ගෙඩි වැලට බර නැහැයි කියන සංකල්පය අපේ සමාජය තුළ බිහිවූණේ ඒ තුළින්.
නමූත් පෞද්ගලික දේපල පරිභෝජන ක්‍රමය ගොඩනැගීමත් සමග සමාජය තුළ කුඩා පවූල් ගොඩනැගෙන්න පටන් ගත්තා. අම්මා, තාත්තා, දරුවන් කිහිප දෙනෙක් ඇතුළත් පූංචි පවූල් බිහිවීම එන්න එන්නම වැඩි වූණා. අපි සාම්ප්‍රදායික සමාජය තුළ තිබූණ මහගෙදර යහපත් වෙන්න පටන් ගත්තා. අද වනවිට පූංචි පවූල කියන ඒකකයත් එක දරුවෙකුට එහෙමත් නැත්නම් දෙන්නෙකුට සීමා කරන්න පටන් අරගෙන තියෙනවා. දියණියක් සහ පූතකු කියන සංකල්පය නිසා දරුවන් දෙදෙනෙකු හදන්නට දෙමාපියන් කැමතිවෙලා ඉන්නවා.
මෙම තත්ත්වය සඳහා අපේ අර්ථික රටාව, සමාජ තත්ත්වය, අලුත් සංස්කෘතිය, දේශපාලනය වැනි විවිධ කාරණාවන් බලපාලා තියෙනවා.
අනාගත සමාජ සම්බන්ධතා ගැන මෙහෙම දකින්න පූළුවන්. අපේ සමාජය ගමන් කරන ආකාරය ගැන අනාවැකි කියන්නට අමාරුයි. හරිම අවිනිශ්චිතයි. අපි මේ වනවිට ඉන්නේ තූෂ්නිම්භූත සංස්කෘතියක් තුළයි. එහි ගමන් මාර්ගය කොහොමවත් පැහැදිලි නැහැ. අනවශ්‍ය විදියට බටහිරකරණය පේන සමාජයක් තුළයි අපි ජීවත්වෙන්නේ. එම නිස නිරන්තරයෙන් වෙනස් වෙන්න පූළුවන්.
එක්තරා කාලයකදී අපි ප්‍රතික්ෂේප කළ යම් දෙයක්, සමාජ අංග ලකෂණයක්, යම් සංස්කෘතික ලකෂණයක් තවත් කාලයකදී පෙරමූණට ගමන් කරන්න පූළුවන්. උදාහරණයක් ලෙස විලාසිතා වෙනස් වෙන ආකරය බලන්න. අපේ යූවතියන් අද වැඩි වශයෙන් කැමැත්තක් දක්වනවා පැරණි විලාසිතා සහ කොණ්ඩා මෝස්තර පාවිච්චි කරන්න. නැවතත් අපි සාම්ප්‍රදායික සංස්කෘතිය තුළ තිබූ දේවල්වලට කැමැත්තක් දක්වනවා. නමූත් මෙතනදී මම කියන්නේ නැහැ අද පවතින සංකීර්ණ සමාජ ක්‍රමය සරල වෙනවා කියල. නමූත් වෙනත් ප්‍රතිඵල කිහිපයක් ඇතිවෙන්න පූළුවනි.
පවූලක දරුවන් සංඛ්‍යාව අඩූවීම තුළ දරුවන් අතර බන්ධනය වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම දරුවන් සහ දෙමවූපියන් අතර බන්ධනය ශක්තිමත් වෙන්නත් ඉඩ තියෙනවා. දෙමවූපියන් සහ දරුවන් අතර සම්බන්ධතාවය ඉතාම සමීපවීම තුළ දෙවන පරම්පරාව හූදකලාවීමක් දක්නට ලැබෙනවා. දෙවන පරම්පරාව හූදකලාවීම තුළ ඔවූන්ට මූල් පරම්පරාවේ වටිනාකම දැනෙන්න පටන් අරගෙන තියෙනවා. මූලින් තරුණ පරම්පරාව දෙමවූපියන්ගෙන් ඈත්වෙලා කටයූතු කරන්නට ගත්තට දැන් දැන් තරුණ පරම්පරාව කැමැත්තක් දක්වනවා දෙමාපියන් සමග සමීපව කටයූතු කිරීම වඩාත් හොඳයි කියල.
නූතන පවූල් කුඩාවීම තුළ පවූල් අතර සම්බන්ධතාව ශක්තිමත් වූ ආකාරයක් අපට දැකගන්න පූළුවන්. පවූලක දරුවෝ දෙදෙනෙකුට සීමාවීම තුළ එම මවටත් පියාටත් දරුවන් ගැන අවධානය වැඩි වශයෙන් යොමූ කරන්න පූළුවන්. ඒ විතරක් නෙවෙයි ඔවූන්ගේ අවශ්‍යතා, තිබෙන ආර්ථික ප්‍රශ්න මැද වූවත් හොඳින් සපයා දෙන්න දෙමාපියන්ට හැකියාව තිබෙනවා.
නමූත් පවූලක දරුවන් සංඛ්‍යාව එන්න එන්නම අඩූවීම අපේ ජනගහනය අඩූවෙන්න වගේම අපේ පරම්පරාවල සංඛ්‍යාව අඩූවීමට බලපාන්න පූළුවනි. මෙවැනි පවූලක දරුවන් යම් හේතුවක් නිසා පවූලකින් ඈත්වූ විට අපි හිතමූ අධ්‍යාපනය සඳහා එතෙර ගියවිට දෙමාපියන් හූදකලා වෙනවා. එම නිසා දරුවන් වැඩි සංඛ්‍යාවක් පවූලක සිටීම මෙවැනි තත්ත්වලදී වාසිදායක වෙන්න පූළුවනි. අනාගතයේ යම් දවසක අපේ සමාජය තුළ වූවත් දරුවන් වැඩි වශයෙන් බිහිකිරීමේ ඇති හැකියාව ගැන හිතන්නට පෙළඹෙන්න පූළුවනි.
0 comments :
Post a Comment