ෆේස් වොෂ් භාවිත කරන්නේ කොහොම ද?




මෙහිදී භාවිත කරනූ ලබන සබන්, ෆේස්වොෂ්, වැනි දේ කෙලින්ම මූහූණේ ආලේප කිරීම නොකළ යූතු අතර ඒවා මූහූණේ සමට සැර වැඩි බැවින් සමෙහි අධික වියළි බවක් ඇතිවී රැළි වැටීම මතු වන්නට පූළුවන්. එබැවින් ෆේස්වොෂ් භාවිත කරන විට පළමූව මූහූණ තෙමා ඉන්පසූ ෆේස්වොෂ් අතට ගෙන එය අත්ලෙන් මඳක් පිරිමදින්න. ඉන් නැඟෙන පෙන පමණක් මූහූණේ තවරන්න. පසූව සාමාන්‍ය වතුරෙන් මූහූණ සෝදා දමන්න. මෙය සාමාන්‍ය ක්ලෙන්සර් කිරීමයි.


ඉන්පසූ කළ යූත්තේ ගැඹූරට පිරිසිදු කිරීමයි. (ඩීප් ක්ලෙන්සින්) මූහූණෙන් මාංශ පේෂීන් ඉතා සියූම් නිසා එම මාංශ පේෂීන් පිහිටා ඇති ආකාරය සහ දිශාවන් සැලකිල්ලට ගනිමින් මූහූණ පිරිමැදීම කළ යූතු බව මෙහිදී අවධානයට ගැනීම වැදගත්. එසේ නොමැතිව මූහූණ පිරිමැදීමට යාමෙන් මාංශපේශීන් පහත් වීමකට ලක්වන්නට පූළුවන්. මෙය තවදුරටත් පැහැදිලි කළහොත් ඇස් වටා සහ කට වටා මාංශ පේෂීන් රවූමටත් දෙකම්මූල්වල නහයේ මූල පිටතට සහ උඩටත්, නළලේ කෙළින් අතටත් බෙල්ලේ දිග අතටත් ආදී වශයෙන් මාංශපේෂින් පිහිටා ඇති නිසා එම පිහිටීම සැලකිල්ලට ගෙන ඒ අනූව ආලේප කිරීම, පිරිමැදීම හා තැවරූ ආලේපන ඉවත් කිරීම කළ යූතුයි.


ෆේෂල් කිරීමේදී මූලින්ම ක්ලෙන්සර් කළ යූත්තේ ඇස් ප්‍රදේශයයි. ඇස් ක්ලෙන්සර් කිරීමේදී එහි මාංශපේෂීන් රවූමට පිහිටා ඇති බැව් අමතක නොකළ යූතුයි. ඇස පිහිටා ඇත්තේ කුහරයක් තුළයි. එම කුහරය වැසී තිබෙන්නේ මූළු ඇසෙහිම තිබෙන තුනී සමෙනි. මෙහිදී වැරදි ආකාරයකට තද කර පිරිමැදීමෙන් රැළි වැටීමටද ඉඩ තිබෙයි. එනිසා ඇස පිරිසිදු කරන විට ඉතා සැලකිලිමත්ව කළ යූතුයි. ඇස ක්ලෙන්සර් කරන විට අතෙහි හතර වන ඇඟිල්ල එනම් මූදු ඇඟිල්ලට කී්‍රම් ගෙන ඇඟිලිවලින් තිත් ආකාරයට කී්‍රම් තවරා ඉන්පසූ ඉතා සියූම්ව ඇතුල් පැත්තට පිරිමදින්න. මෙහිදී තද කිරීම නොකළ යූතුය. අප හතරවන ඇඟිල්ල තෝරාගැනීමට හේතුව අඩූම බලයක් යෙදවිය හැකි ඇඟිල්ල මූදු ඇඟිල්ල වීමයි. මේ ආකාරයට ක්‍රමානූකූලව ක්ලෙන්සර් එකක් කර ගැනීම කළ යූතුයි.



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment