කාර්ය බහූල හා කඩිසර කාන්තාවන්ට හදිසියේ ඇතිවන සින්ඩ්‍රෝමතත්ත්වය ගැන ඔබ දැන සිටියාද?



වර්තමානයේ රැකියාවට යන මවූවරුන් සේම යූවතියන්ගෙ ජීවිත බොහෝ කාර්යබහූලය. එයට එක් හේතුවක් වී ඇත්තේ රාජකාරි බහූල වීමෙන් විවේකයක් නොගෙන එක හූස්මට සේවය කිරීමට සිදුවීමය. දෙවනූව රැකියා ස්ථානයේ කැපී පෙනෙන චරිත බවට පත්වීමට ප්‍රධානියාගේ සිත දිනා ගැනීමට හා එහි කැපී පෙනීමට නිවාඩූවක් නොගෙන රෑ බෝ වනතුරු සේවය කිරීමට යූවතියන් ප්‍රිය කරනූ ඇත.


තවද රැකියාවට යන මවූවරුන්ට පාන්දර පහේ සිට රාත්‍රි 12 තෙක්ම එක හූස්මට වැඩ කිරීමට සිදුවන්නේ ආහාර පිසීම, දරුවන්ගේ ආහාර සකස් කිරීම, පොත්පත් ඇඳුම් ලැහැස්ති කිරීම, දරුවන් පාසලට ඇරලීම හා ආදී කටයූතුවලද රැකියාවට අමතරව යෙදීමට සිදුවීමය. එම කතුන් දෙතුන් දෙනාම සවිමත් සූපිරි කාන්තා චරිත බවට පත්ව පවූලට ආලෝකයක් වෙමින් සාර්ථකත්වයට පත්වීමට වෙහෙස දරන්නෝය.


මීළඟට මෙසේ සූපිරි කාන්තාවන් බවට පත්වීමට බොහොමයක්ම වෙර දරණ නමූත් එහි සැබෑ ස්වභාවය නොදත් තත්ත්වයක් ගැන සඳහන් කරමි.


කාර්යාල හා ගෘහමය ජීවිතයේ බොහෝ වෙහෙසට පත්වන මවූවරුන් සේම යූවතියෝ බොහෝ ඉක්මනින්ම දුර්වල අකාර්යක්ෂම හා විඩාපත් පිරිසක් බවට පත් වෙති. සැදෑවේදී ඇඟට පණ නැතිකමක් නිදිමතක් ආහාර රුචියක් නැතැයි පවසන බොහෝ කතුන් සියලු දේ අත්හැර දමා නින්දට යෑමට උත්සාහ කරනූ ඇත.


රැකියාව හා ගෘහ ජීවිතය සම්බන්ධයෙන් බොහෝ උනන්දු හා කාර්යක්ෂම කතුන් හා යූවතියන් මෙසේ හදිසියේම දුර්වලවීම, සියල්ල කෙරෙහි කල කිරුණූ ස්වභාවයක් ලයෙහි වේදනාවක් හා සූව නොවන හිසරදයක් ඇති වීමක් ගැන පැවසීමට ඉඩ තිබේ. කාර්යබහූල හා කඩිසර කතුන්ට ඇතිවන මෙම තත්ත්වය නිදන්ගත විඩාපත් වීමේ සින්ඩ්‍රොම (ක්‍යසෘධභෂක ත්ඔෂඨඹෑ තශභෘසෘෑඵෑ ඃයනූවෙන් දෑන් හඳුනාගෙන ඇත. වර්තමාන ලංකාවේදී කාර්යබහූල බොහෝ කතුන් හා යූවතියන් අතර මෙම තත්ත්වය දක්නට ලැබේ.



එහෙම වෙන්නේ ඇයි?

වර්තමානයේ කාර්යාල සේවයේ යෙදෙන කතුන් හා යූවතියන් බොහොමයක්ම කටයූතු කරන්නේ හා වෙහෙසෙන්නේ තම සිරුර අනූමත නොකරන තරමිනි. එහෙයින් මේ සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්වතුන් මෙම දුර්වලතාව හඳුන්වා දෙන්නෙ "සූපිරි කතුන්ගේ සින්ඩ්‍රොමය ලෙසිනි. මන්ද අධි සාර්ථකත්වයට හා කැපී පෙනෙන පසූබිමකට පත්වීමට අනවශ්‍ය වෑයමක් දෑරීම මෙම තත්ත්වයට හේතු වේ.


මෙම කතී හෙවත් නිදන්ගත විඩාපත් වීමේ සින්ඩ්‍රොමය ඇතිවන පළමූවන කතුන් කණ්ඩායමේ ලක්ෂණය වන්නේ සියලු කටයූතු ඉතා සූපිරිව හා තමා විසින්ම කළ යූතු බවය. එයට අමතරව ඔවූන්ට සෙසූ අය කරන කුමන දෙයක වූව අංග සම්පූර්ණ බවක් නොදකින අතර සෑහීමකට පත් නොවේ. නිවසේදී හා කාර්යාලයේදී ඔවූන් සිතන්නේ තමන් පිරිමින්ට හොඳ වටිනාකමක් විය යූතු බවය. තමන් නිවසේදී හෝ කාර්යාලයේදී සියලු වගකීීම් නොදෑරුවොත් සියල්ල අවූල් වෙන්නේ යැයිද ඔවූහූ සිතති. ඒහෙයින් කාර්යාලය නිවස


දරුවන් ආදී සියලු දේම ඇය තම හිස ඇතුළට පූරවා ගනී. බලාපොරොත්තු හා ප්‍රාර්ථනාවන්ද අහස තරමටම උස් වූ ඒවාය. මෙම කතුන්ට අන්‍යයන්ව පාලනය කිරීමට හා සැමට ඉදිරියෙන් බලවත්ව සිටීමටද ද වූවමනා වේ. සෙසූ අය ඉදිරියේ උදව් ඉල්ලීමට සිදුවීම ඔවූහූ නූරුස්සති.


බොහෝ විට ඔබටද මෙම මානසික ස්වභාවයන් පිිහිටනූ ඇත. ඒ හෙයින් ඔබ මෙම කරුණූ මැනවින්ම අධ්‍යයනය කර එයට අදාළව පිළියම් යෙදීමට උත්සාහ කරන්න.



මෙය එතරම් වැරැදි මානසික තත්ත්වයක් නොවන බව ත්ඡෑසෘ උධඵ්භ ග්‍රන්ථය රචනා කරමින් ලේඛිකා ෂර්ලි කොන්රන් පවසන්නීය. ඇය පවසන පරිදි තමාටද වසර 30 ක් පූරාම මෙම මානසිකත්වය තිබී ඇත. ඇය පවසන පරිදි එය ගැහැනියක ශක්තිවන්ත වීමට අත්‍යවශ්‍ය වූවකි.


මෙම නිදන්ගත විඩාපත්වීමේ සින්ඩ්‍රොමය බටහිර රටවල කතුන්ට පමණක් සීමාවූවක් යැයි නැගෙනහිර කලාපයේ විද්වතුන් සිතූහ. නමූත් ආසියානූ රටවල කතුන් හා යූවතියන්ද කාර්යබහූලත්වයට පත්වීමත් සමගම මෙය බහූලව දක්නට ලැබෙන බව පර්යේෂණවලින් සනාථ වී තිබේ. ඉන්දියාවේ පමණක් වයස අවූ. 30 ඃ 50 අතර කතුන්ගෙන් සියයට 65 කට තම සිරුර දෑවෙන සූළු බවක්ද සියයට 77 කට නින්ද නොයෑමේ තත්ත්වයක්ද සියයට 68 කට මාංශ පේශීන්වල වේදනාවක්ද සියයට 2 කට හිසේ බර ගතියක් හා සියයට 86 කට සාමාන්‍යයෙන් ඇඟට පණ නැති බවක් පැමිණිලි කර ඇත්තේ මෙම කතී බල බලපෑමෙනි. ඒ හෙයින් මෙම ස්වභාවය ලංකාවේද ප්‍රබලව දක්නට ලැබීම අනිවාර්ය වේ.



සීමාවන් අවබෝධ කර නොගැනීම


බොහෝ කතුන් නිදන්ගත විඩාපත් වීමෙන් දුර්වලත්වයට බලපාන ප්‍රධානතම හේතුව වන්නේ තමාට දෑරිය හැකි සීමාවන් වටහා නොගැනීමය. ඇය මවක බිරිඳක ඥාතියෙකු ලෙසින් බොහෝ දේ කරට ගෙන කටයූතු කරන්නා සේම රැකියාව ගැනද එයට සමානව සිතන්නීය. පිරිමියා අභිබවා යමින් සාර්ථකත්වයට පත්වීමේ යටි සිතේ වූවමනාව මතම ඇය ඉක්මනින්ම විඩාපත් වීමකට ලක් වේ. පිරිමින් මෙම මානසික තත්ත්වයට පත් නොවන්නේ ඔහූ බාර ගන්නේ සීමා සහිත වගකීම් ප්‍රමාණයක් පමණි. නිවසේ සිටියද ඔහූ එහි කටයූතු සොයා නොබලන්නේ එය තමාට අයිති නැතැයි සිතමිනි. නමූත් කතුන් සියලු වගකීම් තම කරට පටවා ගනීමට ප්‍රිය වේ. පර්යේෂණ වාර්තා පෙන්වා දෙන පරිදි සාමාන්‍යයෙන් බිරිඳක් තම නිවසේ කටයූතුවලින් සියටය 60 ක ප්‍රමාණයට උරදෙන අතර දික්කසාද හෝ වෙන් වූ බිරිඳක තම පවූලේ කටයූතුවලින් 80 ඃ 100 % දක්වා ප්‍රමාණයකට වගකියනූ ඇත. එයට හේතුවන්නේ තමා විසින්ම සියලු දේ ඉටූ කළ යූතු යැයි බොහෝ කතුන් සිතීමය. එය වරදකි. පිරිමින් ඒ වෙනූවට කරන්නේ වගකීම් අන් අයට බාර දී අධීක්ෂණය කිරීම පමණි.




යූවතියන්ටද පූරුදු කිරීම

පමණට වඩා සියලු වගකීම් කරට ගැනීමේ පූරුද්ද මවූවරුන් විසින් තම දියණියන්ටද පූරුදු කිරීමෙන් ඔවූන්ද තම කාර්යාලයේදී එසේ වගකීම් දැරීමට ඉදිරිපත් වේ. දක්ෂ ශිෂ්‍යාවන් 18 දෙනෙකු සම්බන්ධයෙන් වර්ජිනියා සරසවිය කළ අධ්‍යයයකදීද ඔවූන් තමාගේ වූවමනාවන්වලට වඩා අන්‍යයන්ගේ වූවමනාවන් කෙරෙහි අවධානය යොමූ කරන බවක් පැහැදිලි වී තිබේ.



ඔබටත් නිදන්ගත විඩාපත් වීමේ සින්ඩ්‍රොමය තිබේද?


පහත සඳහන් ලක්ෂණ 4 ක් සය මසකට වඩා ඔබ තුළ පවතී නම් එය නිදන්ගත විඩාපත් වීමේ තත්ත්වයක් ඉඟි කරන්නකි.




1. මතකය හා අවධානය බොහෝ කෙටි බව. ඔබ ඔබටම දොස් පවරා ගැනීම. එයට අමතරව රැකියාව සමාජ කටයූතුවලට හා අධ්‍යාපනයට පෙර තරම් උනන්දුවක් නොදෑක්වීම.




2. ගෙලෙහි හෝ ශරීරයේ අන් ස්ථානයන්හි සැරව ගෙඩි මතුවීම.




3. රතුවීමකින් හෝ ඉදිමීමකින් තොරව හන්දිවල වේදනාවක් ඇතිවීම හා මාංශපේශි වේදනාවක් ඇතිවීම.




4. අලුත් ස්වරූපයක දෑඩි හිසරදයක් ඇතිවීම.




5. නින්දක් ලැබූවද එය විඩාපත් බව ගිලිහී නොයෑම




6. සැමදා පවතින විඩාපත් බවක් හැඟීම.




මෙම තත්ත්වය වළක්වා ගන්නේ කෙසේද?


1. විශේෂිත ඖෂධයක් මේ සඳහා නොමැති අතර තම ජීවන රටාව වෙනස් කිරීමෙන් සහනයක් ලැබිය හැකියි.



2. දවසකට උදේ හවා පැය කාලක් ව්‍යායාමවල යෙදීම



3. රාත්‍රියේ නින්දට යෑමට පෙර උණූසූම් ජලයෙන් ඇඟ සෝදා ගෙන අලුත් ඇඳුමෙන් සැරසී නින්දට යෑම.



4. ් "මා දෑන් නිදහස් හා සැහැල්ලු කෙනෙක්" යන්න නින්නදට යෑමට පෙර මෙනෙහි කරන්න.



5. නින්දට යෑමට පෙර උණූසූම් කිරි වීදුරුවක් පානය කරන්න. නින්නදට යෑමට පෙර සැම දිනකම දත් මදින්න.



6. ප්‍රමාණවත්ව ජලය පානය කරන්න.



7. දිනකට කි. මී. 4 ක් හෝ විනාඩි 40 ක් ඇවිදින්න.



8. සිත විඩාවට පත් වූ විටදී ගැඹූරු හූස්ම ගැනීම කරන්න.



9. සෑම දිනකම සංගීතයට සවන් දෙන්න. නැත්නම් ග්‍රන්ථයක් කියවන්න.



විඩාපත්වීම මඟහරවා ගැනීමට මෙම ආහාර ගන්න.


1 සීනි හා පැණි රසැති ආහාර ගැනීමෙන් වළකින්න. එය මෙය කතක වලට හේතු වේ. සැමවිටම ස්වල්පය බැගින් කිහිපවරක් ආහාර ගන්න.



2. පලතුරු යූෂ හා ජලය වීදුරු 8 ක් දිනකට පානය කරන්න.



3. හැකි තරමින් මාළු ආහාරයට ගන්න.



4. අමූ පලතුරු හා එළවළු ආහාරයට ගන්න.



5. ගැලපෙන විටමින් විශේෂයක් සෑම දිනකම පානය කරන්න.



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment