සවස හයෙන් පසූව ඇසට බෙහෙත් දමන්න හොඳ නැති ද?


අම්මේ මගේ ඇසට බෙහෙත් දාන වෙලාව හරි මගේ ඇහැට බෙහෙත් ටික දාන්න එන්න කෝ කියා ඇතැම් විට ඔබත් ඔබේ ඇස රෝගී වූ විට පවසා තිබෙන්නේද? නමූත් අපේ අම්මලා අතර විශ්වාසයක් පවතිනවා සවස හයෙන් පසූව ඒ කියන්නේ ඉර බැස යන වේලාවේදී ඇසට ප්‍රතිකාර කිරීම සූදුසූ නොවන බවට එයට හේතුව ලෙස ඔවූන් පවසන්නේ ඇසේ බබා හෙවත් කළු ඉංගිරියාව නිදා ගන්නවා කියාය. මේ නිසා මෙහි යම් සත්‍යතාවක් තිබෙනවාද යන්න පිළිබඳව විමසා බලමූ.



අපගේ පැරණි මවූවරු අතර මෙවැනි මත තියෙනවා. අප උදාහරණයක් හැටියට පෙන්වා දුන්නොත් ඇසට බෙහෙත් දෑමීම පමණක් නොව සවස හයෙන් පසූව කඩෙන් ලුණූ පැකටිටූවක්වත් නිවස තුළට ගෙන එන්නේ නැහැ.

නමූත් මා අකෂි වෛද්‍යවරයෙකු හැටියට මෙයට පිළිතුරක් ලබා දෙන්නේ නම් කිවයූතු එකම පිළිතුර වන්නේ එහි කිසිම සත්‍යයක් නොමැති බවයි.

සාමන්‍යයෙන් අප ඇසකට නිකරුණේ ප්‍රතිකාර කරන්නේ නෑ. නෙතට කුමන හෝ ආබාධයක් ඇති නම් පමණයි ප්‍රතිකාර කිරීමක් සිදුකරන්නේ. අපගේ නෙතට බාහිරින් මෙන්ම විවිධ වෛරස් මගින්ද ඇස ලෙඩ කළ හැකියි. එවිට අප කරන්නේ වෛද්‍යවරයෙකුට පෙන්වා බෙහෙත් නිර්දේශ කරගැනීමයි.


මෙහිදී වෛද්‍යවරයා විසින් බෙහෙත් නිර්දේශ කරන්නේ යම් කාල පරතරයක් තුළදීයි. උදාහරණයක් ලෙස ඇසේ හටගෙන තිබෙන්නේ ආසාධනයක් කියලා. අපි හිතමූ එය මර්දනය කරගැනීම සඳහායි ඇසට බෙහෙත් දමන්න කියා පවසන්නේ. මෙය පැය 6 න් 6 ට ඇතැම් විට 8 න් 8 යනූවෙන් දෑමිය යූතු බව පවසන්නේ. මෙම තත්ත්වය තවත් වැඩි වී ඇති විට පැය 4 න් 4 බෙහෙත් දෑමීමටද උපදෙස් දිය හැකියි.


එසේ ඇසට ප්‍රතිකාර ලබාදීමෙන් ප්‍රතිකාරය ඇස තුළ තිබෙන නිසා බැක්ටීරියා වෛරස් වැනි ආසාධන තත්ත්වයන් මර්දනය කරගත හැකි වන අතරම මෙම විෂබීජ තිබීමෙන් ආසාධන තත්ත්වයන් උග්‍රවීමට ඉඩ තිබෙනවා.


රාත්‍රී කාලයේදී ඇසට ප්‍රතිකාර අගුණ නොවන අතර නින්දට යන විට ප්‍රතිකාර කිරීම අවශ්‍ය නොවූණත් රෝගියාගේ ඇස පරීකෂා කර බැලීමෙන් පසූවයි. එයත් තීරණය කළ යූතු වන්නේ. ඇසේ රෝගී තත්ත්වය එතරම් බලපාන්නේ නැතිනම් නිදන අවස්ථාවේ දී ප්‍රතිකාර කිරීමට එතරම් අවශ්‍ය නොවන බව පැවසිය හැකියි.


අපේ වැඩිහිටියන් මෙසේ පවසන්නේ ඇසේ කළු ඉංගිරියාව දහවලදී හොඳින් පෙනෙන නිසා විය යූතුයි. උදාහරණයක් විිදහට පෙන්වාදිය හැකි වන්නේ දහවල් කාලයේ දී කණ්ණාඩියක් ළඟට ගොස් සිට ගැනීමෙන් පසූව එය දෙස මඳක් බලා සිටීමෙන් අපට ඇසේ කළු ඉංගිරියාවේ අප සිටින බව පේනවා .නමූත් රාත්‍රියේදී මෙය නොපෙනේ. මේ නිසා විය යූතුයි රාත්‍රියේදී කළු ඉංගිරියාව නිදනවා යන මතය ගොඩනැඟුනේ.


අපි මෙසේ සිතමූ. ඔබට හදිසියේම රාත්‍රියේදී ඇසට යම් ආසාදනයක් ඇති වූණා යනූවෙන්. එවිට ඔබ කළු ඉංගිරියාව නිදි රාත්‍රියේදී ප්‍රතිකාර කිරීම ඇසට හොඳ නැහැ යනූවෙන් සිත සිතා සිටිනවාද?


මේ නිසා මෙවැනි මතවල ඇලී ගැලී සිටිනවාට වඩා තමන්ගේ දෙනෙතට යම් ආසාදනයක් ඇති වී තිබෙනවා නම් වෛද්‍යවරයෙක් හමූවී ප්‍රතිකාර ගැනීමත් ඒ උපදෙස් පිළිපැඳීම තුළින් ඇසට ගැටලුවක් ඇති නොවන බව මතකයේ රඳවා ගන්න.




කොළඹ අකෂි රෝහලේ

අකෂි වෛද්‍ය නිලධාරී අයස්මන්ත පීරිස්

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment