එදා අම්මලා බය වූණේ දියණියන් රැකගන්න, ඒත් අද.......?



අහිංසක දරුවන්ගේ ජීවිත පිළිබඳ වඩාත් කල්පනාකාරී විය යූතු යූගයක් මේ...
මේ විසි එක්වෙනි ශත වර්ෂයයි. ගෝලීයකරණය විශ්ව ගම්මාන පිළිබඳව කතා කරන යූගයක ජීවත් වන අපට තිබෙන ප්‍රශ්න බොහොමයකි. ඒදිනෙදා ජීවිතයේදී මතුවන ප්‍රධානම ගැටලුව බඩවියත රැක ගැනීමට රැකියාවකි.


රැකියාවට ගැළපෙන වැටූපකි. පවූලක එක් අයකු පමණක් නොව දෙදෙනකු හරිහම්බ කළත් වෛද්‍ය නියමයට අනූව පෝෂණ ගුණයෙන් යූත් දෛනික ආහාර වේලක් පවා ලබා ගතහැකි වන්නේ කීයෙන් කීදෙනාටද?


"කුසගින්නට රස ආහාර වේලක්, අධ්‍යාපන සූදුසූකම්වලට රැකියාවක්,රැකියාවට නිසි වැටූපක්, විවාහක යූවලක් නම් දරු සම්පතක්" මෙවන් සිහින අපි කා තුළත් අඩූ වැඩි වශයෙන් තිබෙනවා. මේ සියල්ල රුපියල් ශත මගින් ආවරණය කර තිබීම මොනතරම් නම් ශෝචනීයද?


1978 බලයට පත් රජය විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වාදීමත් සමගම රට රැකියා දොරටූ විවෘත වීම, නිදහස් වෙළෙඳ කලාපය හරහා රැකියා විවෘත වීමත් යම් තරමකට සහනයක් ලැබූණා යයි කීම අතිශෝක්තියක් නොවේ. ඒත් ඒ හරහා අපට ලැබූණූ අයහපත් දේද නැතුවාම නොවේ.
සැමියත් බිරිඳත් දෙදෙනාම රැකියාවක් කරන්නට පෙළඹෙන්නේ සිය දුවා දරුවන්ගේ අනාගතය තමන්ට වඩා සූරක්ෂිත කරන්නටය.

එහෙත් එමගින් දරුවෙකු සම්බන්ධයෙන් එම සූරක්ෂිත බව රැකෙන්නේද යන්න පැන නගින ගැටලුවකි.


මන්ද දෙමාපියන් සේවයට යාමේදී දරුවා රැකබලා ගැනීම අදවන විට මහත් ගැටළුවකි. පෙර මෙන් සීයලා ආත්තම්මලාටද දෑන් දුවා දරුවන්ගේ දරුවන් බලා ගන්නට කාල වේලාවක් නැති සෙයකි. ඒ සඳහාද බොහෝ හේතුන් ඇත.


මේ සියලු දෙයෙහි අවසන් ප්‍රතිඵලය නිවසේ වැඩට මෙහෙකාරියක් සොයා ගැනීමයි.


කොහෙන් හෝ සොයාගන්නා ගෘහ සේවිකාවක් නිවසට එන්නේ ඒ හරහාය. ගෘහ සේවිකාව පිළිබඳව කිසිදු සොයා බැලීමක් නැත. වැඩිපූර විස්තර සොයන්නට ක්‍රමයක් ද නැත. ඇගෙන් අපේක්ෂා කරන්නේ දරුවා බලා ගැනීමත් ගේ දොර වැඩ ටික කරවා ගැනීමත්ය. එයිනූත් ප්‍රධාන වන්නේ දරුවා බලාගැනීමය. බිරිඳ රැකියාවක් කරන්නේ නම් වෙහෙස මහන්සි වී නිවසට එන ඇය පසූවදාවත් සිය රාජකාරි සඳහා යා යූතුව ඇත. පවතින ආර්ථිකය හමූවේ ණය නොවී සාමාන්‍ය ජීවිතයක් ගෙනයාමට සෑහෙන මූදලක් අවශ්‍යය.


එසේ නොගියහොත් පවූලේ අවශ්‍යතා ඉටූ කරගන්නට මගක් නැත. එදිනෙදා ජීවිතය පවත්වා ගෙන යාමටද අවූලකි. මේ සියලු දැ දම්වැලක පූරුක් ලෙස එකිනෙකට බැඳී පවතියි.


එය එසේ වූවද ගෘහ සේවිකාවකගේ සහය තවදුරටත් ලබාගත හැකි තත්ත්වයක් අද අප සමාජයේ තිබේද යන්න සිතා බලන්නට පසූගියදා සිදු වූ ෙ€දවාචකයක් අපට ඉඩහසර ලබාදී ඇත.


ඒ නම් පෑලියගොඩ ප්‍රදේශයේ නිවසක මෙහෙකාරකමට සිටි යූවතියක් කුඩා පිරිමි දරුවෙකු අපහරණයට ලක් කිරීමයි.

ඇය පාපොච්චාරණය කරමින් කියා ඇත්තේ තම සිතට ඇති වූ ආවේගය පාලනය කරගත නොහැකිව කුඩා දරුවාට අතවර කර එම සිද්ධිය සිදුකළ බවයි.


වෛද්‍ය පරීක්ෂණවලින් සනාථ වී ඇත්තේ මෙහෙකාර තරුණිය මානසික ව්‍යාධියකින් පෙලෙන බවකි. ඒ බව පසූගියදා මාධ්‍යද අනාවරණය කරන ලදී.


මෙම දරු සිඟිත්තා මෙම ලිපිය ලියන මොහොත වනවිටත් බොරැල්ල ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

දරුවාට සිදුවූ මේ අනතුර තව කෙනෙකුට තවත් එක් සිද්ධියක් වූවද එහි වේදනාව ඇත්තේ දරුවාගේ මවට හා පියාටය. දරුවා බොරැල්ල ළමා රෝහලේ ප්‍රතිකාර ගන්නා හෙයින් අප එහි අධ්‍යක්ෂ වෛද්‍ය ආර්. විමල් ජයන්ත මහතාගෙන් අදහස් විමසීමක් කළෙමූ.


ඇත්තම කියන්න ඔය තත්ත්වයට මූහූණදුන් දරුවට අපි දෑන් ප්‍රතිකාර ලබා දෙමින් සිටිනවා. දරුවාගේ ජීවිතයට අනතුරක් නැහැ. අනාගත කටයූතු සඳහාත් අපි දරුවාගේ දෙමාපියන් හා වෛද්‍යවරුන් සමග සාකච්ඡා කරමින් ඉදිරි ප්‍රතිකාර කටයූතු කරගෙන යනවා.


එහෙම වූණත් අපි මෙහිදී අවධානය යොමූ කළ යූත්තේ ගෘහ සේවකයෙකු ගන්නේ කුමටද ඒ සඳහා අපට හැකියාවක් තිබෙනවාද යන්න පිළිබඳවයි.


මින් මා අදහස් කරන්නේ අපේ අවශ්‍යතා සඳහා ක්ෂණික තීරණ මත ගෘහ සේවක සේවිකාවන් ලබා ගැනීම පිළිබඳවයි.


මේ තැනැත්තන් තැනැත්තියන්ගේ පවූල් පසූබිම ඔවූන්ගේ පෞද්ගලික ගතිගුණ අප සොයා බලන්නේ නැහැ. මෙසේ ක්ෂණික තීරණමත ලබා ගන්නා ගෘහ සේවිකාවන් මානසික ව්‍යාධියෙන් පෙලෙන අය හෝ වෙනත් රෝග තිබෙන අය රහස් සංවිධානවලට බැදුණූ අය වෙන්න පූළුවන්. මෙවැනි අයගෙන් කුමන හෝ අගතියක් මිස යහපතක් වෙන්නේ නැහැ.


තම පවූලේ ඥාතියෙකු හිතවතෙකුගේ සහය ලබාගත හැකි නම් හොඳයි. එහෙම නැත්නම් යහපත් ප්‍රමිතියකින් යූතුව ක්‍රියාත්මක වන දිවා සූරැකුම් මධ්‍යස්ථානයක සහය ලබා ගත යූතුයි. විදේශ රටවලට යන ගෘහ සේවිකාවන්ට එහි යෑමට පෙර සම්මූඛ පරීක්ෂණ වෛද්‍ය පර්යේෂණ සිදු කරනවා. එහෙනම් අපේ රටෙි අපේ ගෙවල්වලට ගෘහ සේවිකාවන්ගේ සහය ලබා ගනිද්දී එවැනි තත්ත්වයක් සමාජ සේවා දෙපාර්තමේන්තුව හෝ කෙළින්ම රජය මැදිහත් වීමකින් සිදුකළ යූතුයි. මොකද අහිංසක දරුවන්ගේ ජීවිත ආරක්ෂා කළ යූතු නිසා. එවිට මෙවන් තත්ත්වයන් අවම කර ගත හැකියි. කරන්නට අමාරු වැඩක් වූණත් ඇත්තටම ඒ සඳහාත් ක්‍රියාත්මක විය යූතුයි.


මෙවන් ශෝචනීය අපරාධ නොවූණත් මෙහෙකරුවන් නිසා දරුවන්ට සිදුවන අතවර අපයෝජන කොතෙක් වාර්තා වෙනවද? තවත් වාර්තා නොවන දේ කොපමණ ඇතිද? හෙළිවන අතලොස්සක් දේ පමණයි අපට දෑනගන්න ලැබෙන්නේ.


පවූලක් සැලසූම් කිරීමේදී සිතිය යූතු කරුණූ අතර දරුවන් බලා කියා ගැනීම ගැනත් අවධානය යොමූ කළ යූතුයි.


අපි මෙම දරුවා බලන්නට ළමා රෝහලට ගිය අතර දරුවාගේ මවත් පියාත් අත් විඳින දුකවේදනාව අපේ හදවතට දෑනූණා.


සර්වන්ටි කෙනෙක් ළඟ දරුවා තියලා ගිය ලෝකයේ එකම අම්මයි තාත්තයි අපි නෙවෙයිනේ. ඇයි දෙයියනේ අපේ දරුවට මෙහෙම දෙයක් වූණේ කියමින් දරුවාගේ පියා අපත් සමග තවත් බොහෝ දේවල් කතා කළා. දැන් අපට කළ හැක්කේ අද දවසේ වචන හූවමාරුවකින් ඔවූන්ගේ දුක බෙදා ගැනීම පමණි. එහෙත් ඔබට ඔබේ දරුවාගේ ආරක්ෂාව වෙනූවෙන් වඩ වඩාත් සිතිය යූතු කාලය පැමිණ ඇත.


ළමා රෝහලේ අධ්‍යක්ෂ විමල් ජයන්ත මහතා

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment