ඔබේ සම ආරකෂා කරන මොයිස්චර්්රයිසර්් ක්‍රීම්



කාර්යබහූල රැකියාවල නියූතු බොහෝ තරුණ තරුණියන්ට අද තම රුව ආරකෂා කරගැනීමට පවා කාලවේලාවක් නොමැති වී තිබේ. කෙසේ නමූත් මේ සියලුදෙනාම රූපලාවන්‍ය කෙරෙහි නැඹූරුවීමේදී මූලිකවම පෙළඹෙන්නේ තමාට වඩාත් පියකරු සමක් ලබාගැනීමටයි. මෙම නිසාම තම සමේ තෙතමනය රඳාපවත්වා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වී තිබේ. මේ සඳහා බොහෝ තරුණ තරුණියන් විවිධ ආලේපන වර්ග භාවිතා කරයි. මෙහිදී සමෙහි තෙතමනය රදාපවතින තම සමට සූදුසූ ආලේපන වර්ග භාවිත කිරීමට සිදුවේ. මෙහිදී විශේෂයෙන්ම මොයිස්චර්යිසර් ක්‍රීම් වර්ග ආලේපනයට බොහෝ දෙනා පෙළඹී සිටියි.



සමෙහි උෂ්නත්වය පාලනය කිරීමට මෙන්ම තෙතමනය රඳවා ගැනීමට මෙය දිනපතා පාවිච්චි කිරීම කළ යූතුය. මොයිස්චරයිසර් භාවිතා කිරීමේදී තමන්ගේ සමට වඩාත් උචිත දේ පාවිච්චි කිරීමට වගබලාගත යූතුය. මේ සඳහා ඔබට අත්හදා බැලීමක් ලෙස විවිධ වර්ග කිහිපයක් ටික කාලයක් භාවිතා කළ හැකිය. මේ අනූව තෝරාගත් මොයිස්චරයිසර් අඩංගු ද්‍රව්‍යයක් හෝ ක්‍රීම් වර්ගයක් තෝරාගත හැකියි.



මොයිස්චරයිසර් වලින් කෙරෙන ප්‍රධාන කාර්ය වන්නේ සමෙහි ඇති තෙතමනය රදවාගැනීම හෝ වියළි සමක්, මූදු සමක් බවට පත් කරගැනීමයි. මේ නිසාම මොයිස්චරයිසර් පාවිච්චි කිරීමේදී බොහෝ ප්‍රමාණයක් සමෙහි තැවරීම තුළින් අධික ලෙස තෙල් ගතියක් ඇතිවීමට ඉඩකඩ තිබේ. එමෙන්ම මෙමගින් සමෙහි කුරුළෑ හට ගැනීමට ද ඉඩ තිබේ. මේ නිසාම සමට උචිත පරිදි ස්වල්පයක් ආලේප කරන්න.


මොයිස්චරයිසර් එකක් හෝ වෙනත් ක්‍රීම් එකක් තොරා ගැනීමේදී ෆේෂල් එකක් සිදුකිරීමේදී හෝ වෙළෙඳපොලෙන් ක්‍රීම් වර්ගයක් තෝරා ගැනීමේදී ඔබට යහපත් ප්‍රතිඵල ලබාගැනීමට නම් පහත දැ අඩංගු දෑයි ඔබ සැලකිලිමත් විය යූතුය. විශේෂයෙන්ම ඛනිජ, විවිධ ශාඛ කොටස් හිරු එළියත් සම ආරකෂා කරන ද්‍රව්‍ය හා බාහිර පරිසරයෙන් සම



රැකගන්නා ද්‍රව්‍ය අඩංගු දෑයි සැලකිලිමත් වන්න. මීට අමතරව මෙම ද්‍රව්‍යද අඩංගු වීම සමෙහි පෝෂණයට මෙන්ම ආරකෂාවටද උපකාරී වේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment