සතුටින් සිටින ප්‍රිතිමත් ගැහැනියක් වීමට අනූගමනය කළ යූතු ක්‍රම දහයක්


සාර්ථක හා ප්‍රීතිමත් දිවියක් අපේක්ෂා කරන සෑම 
ගැහැනියක් තුළම අනිවාර්යයෙන්ම තිබිය යූතු ශුභවාදී චින්තන

නොසතුටෙන් හා සිත් පීඩාවෙන් කල් ගෙවද්දී ඔබේ ප්‍රයෝජනයට කාලය ගතවන්නේ අනවශ්‍ය දේ ගැන කල්පනා කිරීමටය. එයින් සිදුවන්නේ සාර්ථකත්වය හා ප්‍රීතිමත් සබඳතා වෙනූවෙන් කාලය වැය කිරීමට නොහැකි වීමය. උනන්දුව ගිලිහී යෑමෙන් රැකියාව, අධ්‍යාපනය හා සබඳතා දුර්වලවේ. එය කොන්වීමකට හේතුවකි. තව ද සිතේ සතුට නොමැති වූ විටදී "ඔබට හැඟෙන පොදු හැඟීම වන්නේ " මටමයි වෙන්නේ යන්නයි. එය ඔබ තුළ අශුභවාදී චින්තනයක් කරවා පසූගාමී ඊර්ෂ්‍යාවෙන් පිරි දොම්නස් චරිතයක් බවට පත්කෙරෙ.


එහෙයින්, සාර්ථකත්වය කරා යෑමට හා ප්‍රීතිමත් ගැහැනියක වීමට නම් ඔබ සෑමවිටම සතුටෙන් සිටින ප්‍රීතිමත් ගැහැනියක් වීම අවශ්‍යය. ඒ සඳහා මෙම උපක්‍රම 10 අනූගමනය කරන්න. මෙම උපක්‍රම ලොවට හඳුන්වා දුන්නේ ඇමෙරිකාවේ ඡැබ ඹ සංවිධානයට අනූබද්ධිත ශුභවාදී චින්තනය පිළිබඳව මනෝ විද්‍යාඥයෙකු වන මාර්ටින් සෙලිග්මාන්ය.

ශුභ වාදීත්වය

යමක් පවසමින් සිටීම ක්‍රියාත්මක වීමට වඩා අසීරුය. එහෙයින් බොහෝ අය අශූභවාදී දේ දොඩමින් තමාගේ සතුට අත්හරී. නමූත් ඒ වෙනූවට කළ යූත්තේ සතුට තම ජීවිතයට ළංකර ගැනීමට සියලු දේ ශුභවාදීව දැකීමය.

ජීවිතය දෙස ශුභවාදීව බලා සතුටෙන් කල් ගෙවීමට බොහෝ ක්‍රම වෙති. එම ක්‍රම අතුරෙන් ඉහළින්ම ඇත්තේ ඔබ තුළ වූ හැකියාව හා දක්ෂතාව පිළිබඳව ඔබ තුළම කදිම තක්සේරුවක් තිබීමය. එවිට ඔබ, ඔබ පිළිබඳව සිතන්නේ මෙලොවට වටිනාකමක් හිමි අයෙකු සේය. ඒ සමගම ඔබ කළ යූත්තේ ඔබේ ජීවිතය බොහෝ බලාපොරොත්තු හා ප්‍රාර්ථනාවන්ගෙන් පූරවා ගැනීමය. එවිට ඔබට ආදරය කිරීමට හෝ ලැබීමට හැකියාව ලැබේ. බොහෝ උනන්දුව හිමි, සෑම දෙයක්ම සම්බන්ධයෙන් කුතුහලයක් ඇති අයෙකු බවට පත්වේ. ජීවිතයේ විවිධ දේ සම්බන්ධයෙන් පෙර නොවූ ආශාවන් ඇතිවේ. ඔබේ, ඔබට හැකියාවක් හා ශක්තියක් දෙන පිළිතුර "ඔව්" යන්න නම් ඔබ සැබෑම ප්‍රීතිමත් පූද්ගලයෙකි.

ලැබෙන ආශිර්වාදය

ජීවිත පිළිබඳව අධ්‍යයනය කළ විද්වත්හූ කළගුණ සැළකීම් හා කෘතඥතාවක් ලැබීම වැදගත් යැයි නොසළකති. නමූත් ඒ සම්බන්ධයෙන් කළ අධ්‍යයනයකින් සනාථ වී ඇත්තේ බොහෝ අය ජීවිතයේ අඩක් පූරවාගෙන ඉතිරියට අන්‍යයන්ගේ උදව්වලට ඉඩ තබාගෙන සිටින බවය. එයට අමතරව උදව්වලින් වැඩි තෘප්තියක් ලැබීමට ප්‍රිය කරන බවය. නමූත් එයට වඩා ප්‍රීතියක් ලැබෙන්නේ ඔබේ ජීවිතය අන්‍යයන්ගේ උදව්වලින් තොරව සාර්ථකත්වයට පත්කර ගත් විටදීය. "මම අනූන්ගේ උදව් උපකාර මත යැපෙන්නේ මොකටදැ"යි යන්න ඔබේ ජීවිතයේ තේමාව කරගන්න.

ඔබට හිමි ශක්තිය හඳුනාගන්න

අන්‍යයන්ගේ උදව් මත ජීවත් නොවී සිටීමට ඔබට හිමි ශක්තිය කෙතරම්දැයි නිබඳවම විමසා බලන්න. මනෝ විද්‍යාත්මක මතය වන්නේ අප සැමම උපදින්නේ බොහෝ ශක්තීන් සමගය. එම ශක්තීන් හඳුනා ගැනීමට අවශ්‍ය දිරිමත් කිරීමද අපට ලැබේ. නමූත් ඒ කිසිවකින් අප ප්‍රයෝජනයක් නොගනී, එහෙයින් අද සිටම කාර්යාලයේදී ඕනෑම රාජකාරියක් බාරගෙන එය ඉටූ කිරීමට ඇති ශක්තිය මැන බලන්න. මන්ද කාර්යාලයේදී අභියෝග සඳහා අවශ්‍ය ශක්තිය ඔබට නොමැති නම් ඔබට ඇත්තේ අසතුටෙන් පිරී දිවියකි. යම් රාජකාරියක් ඉටූ කිරිමට ශක්තියක් ඇතැයි සිතුනොත් ඔබේ සිත පසූගාමී වීමද වළකී.

ශුභවාදී සිතිවිලි 3 ක්

සෑම දිනකම නින්දට යෑමට පෙර ඔබ ඉහතදී දැක්වූ ශූභවාදී චින්තන 3 ක් කිහිප වරක්ම මෙනෙහි කරන්න. එයින් ඔබට සූව නින්දක් හිමිවේ. එයට අමතරව බොහෝ ක්‍රියාශීලී අවදිවීමක් ද හිමිකර දේ.

යෙදීමට බිය වූ දේ

පර්යේෂණ වාර්තා පෙන්නූම් කර දෙන පරිදි බොහෝ කතුන් අසතුටට පත්වන්නේ ප්‍රිය නොවූ කටයූතු හා සබඳකම්වල යෙදීමෙනි. එහෙයින් ඔබ යෙදීමට ප්‍රිය වූ දේ ලැයිස්තුවක් සකස් කරගන්න. එයින් එක් දෙයක් උදේ වරුවේද, තවත් එකක් දහවලේදී ද, තවත් එකක් දවස අවසානයේදී ද කරන්න. උදාහරණයක් ලෙසින් කාර්යාලයට යන උදේ වරුවේ ප්‍රියතම ග්‍රන්ථයක කොටසක් කියවන්න. කාර්යාලයේදී කෑම පැයේදී මඳකට එළියට යන්න. නොමැතිනම් රූපවාහිනිය නරඹන්න. රාත්‍රියේදී ප්‍රියතම ගීත කිහිපයකට සවන් දෙන්න. මිතුරියක සමග දුරකතනයෙන් කතා කරන්න.

අශුභවාදී දේ සිදුවීම

අප ජීවිතවල අශුභවාදී දේ සිදුවීම වැළැක්වීම අසීරුය. ඒ සමගම කළ යූත්තේ ඒවා සිතින් පළවා හැරීමට කටයූතු කිරීමය. ඒ සඳහා මෙම උපක්‍රම 4 අනූගමනය කරන්න.

1. සිතට දුක් දෙන හැඟීම හඳුනා ගැනීම.

2. එයට ඔබ මූහූණ දුන් ආකාරය අධ්‍යයනය කරන්න. එය අන් අයෙකුට සිදුවූවහොත් ඔබ ලබාදෙන උපදේශයද සිතට නගාගන්න.

3. එම අශුභවාදී සිතිවිලිවලින් ඇතිවන විපාකයන් හඳුනාගන්න.

4. එය අමතක කර දැමීමට හැකි සූන්දර හැඟීමක් බලහත්කාරයෙන් සිතට ගන්න.

එවිට ඔබට එම අශුභවාදී සිතිවිලිවනින් මිදීමට අවශ්‍ය ශක්තිය හිමිවේ.

සිත - කය

වැඩසටහන

සිතේ සතුට වර්ධනය කර ගැනීමට ඔබට විශේෂිත සිත - කය සම්බන්ධයෙන් වූ වැඩසටහනක යෙදීමට සිදුවේ. එය අවශ්‍ය වන්නේ ඔබේ සිත ප්‍රබල දුක්බර වීමකට පත්ව තිබේ නම් පමණි. ඒ සඳහා භාවනාවෙහි යෙදීම හෝ යෝගී ව්‍යායාමවල යෙදීම ඵලදායී වේ.

ප්‍රීතිමත් මිනිසූන් අතරට

ඔබේ දවස ගෙවෙන්නේ බොහෝ අසතුටෙන් හා දුක්බරව නම් ඔබ කළ යූත්තේ ප්‍රීතියෙන් කල් ගෙවන්නන් සමග මිතුරුව ඔවූන් අතරට යෑමය. එවිට ඔබ ද ප්‍රීතිමත් ගැහැනියක බවට පත්වේ. එයට අමතරව පර්යේෂණ වාර්තා පෙන්වා දෙන අන්දමට විකට චිත්‍රපට නැරඹීම හා රසවත් සරල ග්‍රන්ථ හා සඟරා කියවීමද සතුට ඉහළ යෑමට හේතුවකි.

අශුභවාදී පූද්ගලයන්ගේ ඈත්වීම

දිගින් දිගටම අශුභවාදීව සියලු දෙය දෙස බැලීමෙන් ප්‍රබල මානසික ආතතියක් ඇතිවේ. එසේ අශුභවාදී හැඟීම් හා මානසික ආතතිය වර්ධනය කරන ප්‍රබලතම සමීපතමයන් වන්නේ නිතරම කෑ කෝ ගසන කාර්යාල ප්‍රධානීන් හා සෑම දෙයකදීම දොස් නගන සැර පරුෂ සැමියන්ය. එහෙයින් මෙහිදී ඔබ කළ යූත්තේ ඔවූන් පවසන දෙය හා හැසිරීම් නොතකා සිටීමය. එවිට ඔවූන්ට ඔබේ සතුට විනාශ කිරීමේ ඉඩක් නොලැබේ.

සතුට ඇති තැන සෙවීම

සතුට ඇත්තේ කොහිද? ලෝක ප්‍රකට යෝග ගුරුවරයෙකු වන යෝගී සාද්ගුරු පවසන අන්දමට එය ඇත්තේ "ඔබ තුළමය." ඔහූගේ වදන්වලින් පවසයි නම් "ඔබට ලෝකය වෙනස් කිරීමට නොහැකි වූවද, ඔබට ඔබව වෙනස් කිරීමට හැකිය.

එහෙයින් අවධානය යොමූ කළ යූත්තේ විවිධ තත්ත්වයන් හා පසූබිම් සඳහා ඔබ ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? යන්නය. එනම් ඔබ කෝපයෙන් ප්‍රතිචාර දැක්වූවහොත්, ඔබ බලගන්වන්නේ වෛරයයි. නොමැති නම් ඔබේ සිතේ නොසංසූන්තාවයි. එවිට බොහෝ තැන්පත්ව ප්‍රතිචාර දැක්වූවොත් එයින් ඔබ බලගන්වන්නේ ඔබමය. එනම් සතුටය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment