දුක, පීඩාව ඇතිවන්නේ සෙනසූරු ලැබීමෙන් ද?





ජීවිතය නිසල දිය දහරක් ලෙස අර්ථ දෑක්විය නොහැක. විටෙක හැල හැප්පීම්වලට භාජනය වෙමින්ද තවත් විටෙක ජයග්‍රහන ප්‍රශංසා ලබමින්ද ගලා ගෙන යයි.


නමූත් පෙරදිග සංස්කෘතියක ආභාසය ලබා ඇති අප රටෙි ජනතාව පරාජිත ස්වභාවයන් තමන්ගේ ජීවිතයට එක්වීමේදී එය තමන්ගේ කේන්දරයේ ඇති අපල තත්ත්වයන් නිසා යැයි විශ්වාස කරයි. බොහෝ දෙනා මෙම තත්ත්වයන් සෙනසූරු ග්‍රහයාගේ බලපෑම නිසා සිදු වෙන්නේ යැයි විශ්වාස කරති.


ග්‍රහලෝකයන්ට අධිපති ලෙසින් කටයූතු කරන අනෙක් සෑම ග්‍රහයන්ටම වඩා සෙනසූරු තුළ විශේෂත්ව ඇත. බ්‍රහස්පති හෙවත් ගුරුට වඩා පමණක් ප්‍රමාණයෙන් කුඩා සෙනසූරු තෙතමනය අඩූ ග්‍රහයෙක් ලෙස හඳුන්වයි. එමෙන්ම බරෙන් සහ ඝනත්වයෙන් ඔහූ අඩූය.


සෙනසූරු ග්‍රහයෙක් හැටියට හොඳ නොහොඳ කරන අතර වැදගත්ම ප්‍රශ්නය හැටියට අපට ගත හැක්කේ අපේ රට සෙනසූරුට යටත් කුම්භ රාශිියට අයත් වන නිසා ලෝකායතන ජ්‍යොතිෂයේ සඳහන් වන අන්දමට කුම්භ රාශියට සෙනසූරුගේ බලපෑම හේතුවෙන් ලංකාවේ දේශපාලනය තුළ යම් පැහැදිලි වෙනස්වීම් මේ කාලයේ සිදුවන බවයි.


නමූත් අපි සෙනසූරුව හඳුන්වන්නේ ඔහූට වෙන් කර තිබෙන ගතිගුණ පැහැදිලිව ඇති ග්‍රහයෙන් වශයෙනි. දිළිඳුබව, අසහනකාරි බව, කෙළවරක් නොමැති දුක, ආයූෂයට බාධා පැමිණවීම, කම්මැලි සොබාවය, අධෛර්යට පත් කිරීම, බලාපොරොත්තු සූන් කරවීම, ශරීරය කෙටිටූ කිරීම, ශරීරය දුර්වර්ණ කිරීම සෙනසූරුගේ අහිතකර බලපෑම් වේ. එමෙන්ම සූබ කටයූතු ද තිබේ. ඒ සඳහා සෙනසූරු බලවත්ව සූබ දෘෂ්ඨි ලැබ හොඳ තැනක සිටිය යූතුය. දුක් විඳීමේදී එය දරා ගැනීමේ ශක්තිය ලබාදීම, පිරිමැස්මෙන් කටයූතු කිරීමට පූහූණූ කිරීම, ආත්ම දමනය ඇති කිරීම, ආගමික භක්තිය ඇති කරමින් පැමිණිය හැකි ආපදා විපත්ති ආදියට මූහූණ දීමට කල් ඇතිව සූදානම් කිරීම වැනි සූබ කාරණා සෙනසූරු ඉටූ කරයි.


සෙනසූරුගේ බලපෑම කේන්දරයෙන් කේන්දරයට වෙනස්වන අතර බලවත් වූ සෙනසූරු කේන්දරයක බලවත් තැනක සිටින විට එම පූද්ගලයා සත්‍යවාදීන් ලෙස කටයූතු කරන්නට කැමැත්තක් දක්වයි. පූණ්‍ය කටයූතුවල නිරතවීම, භාවනායෝගීවීම, චිත්ත ඒකාග්‍රතාව, සන්සූන් මනසක් ඇති කිරීම, ඉතාමත් කල්පනාකාරීව කටයූතු කිරීමට පූරුදු වීම, අසරණයන්ට සංග්‍රහ කිරීම, ධනය වැය කිරීම පාලනය සෙනසූරු බලවත් කේන්දරයක හිමි තැනැත්තෙකුට උරුම වේ.


සෙනසූරුට හිරුගේ පූතා යැයි පවසයි. මේ තත්ත්වය නිසා ස්වර්ගයේ හෝ අපායේ යතුර ඔහූ සතුවේ යැයි පවසයි. සෙනසූරු උසස් ලෙස පිහිටි විට එම තැනැත්තා රාජ්‍ය පාලකයෙකු, විශාල ධනයකට හිමිකරුවෙකුවේ වාසනාව තිබේ. සෙනසූරු පහත් වූ විට එම තැනැත්තා කාලකණ්ණියකු, පාපතරයෙකු, අදහැමි ජීවිතයක් ගත කරන්නෙකු බවටද පත් වේ.


දළ කේන්දරයෙන් ප්‍රකාශ කරන උච්ච ස්වක්ෂේත්‍ර මිත්‍ර, සතුරු, නීච ආදී රාශි පිළිබඳව නොව එසේ සිටින්නේ යැයි සඳහන් රාශිය තුළම සෙනසූරු සිටින්නේ දෑයි දෑන ගැනීම වැදගත් වේ. භාවස්ථූට ග්‍රහස්ථූට සහිත භාව කේන්දරයෙන් මෙම කරුණූ දෑන ගත හැකියි.


විශේෂයෙන් රාශි හෙවත් ලග්න දොළහ තුළදී සෙනසූරුගේ බලපෑම එකකට එකක් වෙනස් වේ. එවිට දෑන් සෙනසූරු ගමන් කරන්නේ කුම්භ රාශිය හෙවත් හත්වැන්නේ. සෙනසූරු කුම්භ රාශියට අධිපති ග්‍රහයා ලෙසයි හඳුන්වන්නේ. ජ්‍යොතිෂය අනූව මේෂ රාශියේ සිට මීන රාශියට රාශි දොළහ ගැනීමේදී කුම්භ හත්වැනි රාශියට එනවා. මේෂ රාශිය ගැන සැලකිලිමත් වීමේදී පස්වැන්නේ ගමන් කරන්නේ සෙනසූරුයි. මෙම රාශිවලට සෙනසූරු බලපෑම ගැන කතා කිරීමේදී බිළිඳු, බාල, තරුණ ලෙස කොටස් තුනකට කඩා සෙනසූරුගේ බලපෑම ඉදිරිපත් කළ යූතුයි. එම නිසා අපි පොදුවේ සෙනසූරුගේ බලපෑම කතා කළත් ඔහූ සෑම විටම කරදරකාරී ග්‍රහයෙකු ලෙස හඳුන්වාදීමක් තවමත් ජ්‍යොතිෂය තුළ හඳුන්වාදිය නොමැති බව කිව යූතුය. එය රාශි දොළහ අනූවත් පූද්ගල කේන්දරයේ බලපෑම අනූවත් වෙනස් වේ. ජ්‍යොතිෂය යනූ මඟ පෙන්වීමක් මිසක එය මත්තේ සිට තම තමන්ගේ ජීවිත ගැන තීරණ ගැනීමක් නොවන බව මතක තබා ගැනීම වටී.



විජයසිරි විද්‍යාරත්න

ප්‍රධාන කාර්යාලය, පංචිකාවත්ත පාර,

(ටවර් රඟහල අසල) මරදාන, කොළඹ 10

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment