රටක සංස්කෘතිය විනාශ වූවහොත් එහි වැඩි බලපෑමක් ඇති වෙන්නේ එම රටෙි ජීවත්වන ජනතාවටයි. ජාතියක් හැඳින්විය හැකි ප්‍රධානතම ලකෂණය ලෙස එම ජාතිය සතු සංස්කෘතිය සලකන්නේ ඒ නිසා වෙන්නටත් පූළුවනි.
අපේ රට පිළිබඳ කතා කිරීමේදී පෞඩ සංස්කෘතියට උරුමකම් කියන බව නම් රහසක් නොවේ. එම නිසා අපේ සමාජය තුළ ඉෂ්ඨ සිද්ධ වෙන සියලුම සූබ කටයූතු සඳහා සංස්කෘතික ලකෂණ සහ ජ්‍යෙතිෂ්‍ය කාරණාවන් එකතුවන බව පෙනේ.
අපේ සමාජ ක්‍රමය තුළ විවාහය තවමත් මංගල කාරණාවක් ලෙස සලකයි. අපේ රටෙි ආවාහ විවාහ සිදුවන අවස්ථාවේ ප්‍රධාන තැනක් ගන්නා පෝරුවේ සිරිත් විරිත් කවදා කොහොම පටන් ගත්තාදෑයි අපට හරිහැටිම පැවසිය නොහැකි වේ.
එදා බෞද්ධ සාහිත්‍යයේ සිද්ධාර්ථ කුමාරයාගේ විවාහය තුළ ද පෝරුවක් තිබූ බව සඳහන් වේ. පෝරුවට නැංවිය යූත්තේ චරිතවත් කන්‍යාවන්ය. එසේ නොවන ලලනාවන් ද පෝරුවට නංවන අවස්ථා ඕනතරම් තිබේ.
මෙකී පෝරුව සකස් කිරීමේ නීති රීති රාශියක් තිබේ. විවාහ උත්සවය පවත්වන ශාලාවේ හෝ නිවසේ වම් පැත්තේ පෝරුව ඉදිකිරීම සූදුසූ වේ. මනාල යූවළ පෝරුවට නැංවීමත් පෝරුවෙන් බැස්සවීමත් මනාළ යූවළට ගැලපෙන නැකතකින් සිදුවිය යූතුය. විවාහයට නැකත් නියම කරගත් පසූ එම දිනයට කලින් හයවැනි දිනයේ හෝ නවවැනි දිනයේ යෙදෙන සූබ මොහොතකින් පෝරුව තැනීම කළ යූතු වේ. විවාහ සිරිත් විරිත් නිම කිරීමෙන් පසූ හයවැනි දිනයෙන් පසූව එළඹෙන ඉරටිටෙි දිනයක පෝරුව එම ස්ථානයෙන් ඉවත් කිරීම කළ යූතු වේ.
පෝරුවේ තැබීම නැතහොත් නැංවීම යන්නෙන් අදහස් කරන්නේ මනාළ යූවළ සාමාන්‍ය ප්‍රමාණයට වඩා උස් ස්ථානයකට නැංවීමයි.
ඒ සඳහා අපේ පැරැන්නෝ කිරි වෘක්ෂයක ලීවලින් හෝ රන් රිදී පිත්තල තඹ තහඩූවලින් හෝ උස් වේදිකාවක් තනා ඒ මත පැදුරක් එලා ගොක් රැහැන් ආදියෙන් ද සරසා පෝරුව සකස් කළ බවට උදාහරණ තිබේ. පසූව තම තමන්ගේ ආර්ථික සහ සමාජ තත්ත්වයට සරිලන පරිදි කලාත්මක ආකාරයට පෝරුව නිමකර තිබේ.
මනාල යූවළ උස් තැනක තබා සම්මත සිරිත් විරිත් පවත්වන්නේ ඇය පතිනියක් වීමේ වරම ලබන නිසාය. මනාලියට ගෞරවාන්විත තත්ත්වය ලබාදිය යූතු නිසාය.
පෙර දවසේ කොතරම් ආර්ථික දුෂ්කරතා තිබූණද එම විවාහයට අදාළ පවූල්වල ශක්ති ප්‍රමාණයෙන් වත්කමේ හැටියට අලුත් පෝරුවක් සකස් කිරීම සිරිතකි. එසේ කිරීමෙන් ඔවූන් බලාපොරොත්තුවන්නේ අලුත් කටයූත්ත අලුත් තැනක විය යූතු නිසාය.
මනාලියට වේල් දෑමීම අපේ සංස්කෘතියට බටහිරින් එකතුවූවක් ලෙස පිළිගන්නට සිදු වේ. නමූත් එහි තේරුමක් තවමත් සිතා ගන්නට නොහැකි වේ.
පෝරුව දෙපස පොල්තෙල් දෑමූ පූන්කලස් තැබීම, පොල් තෙල් පහන් වැටි දෑල්වීම තුළ වැදගත් තේරුමක් තිබේ. නිසි සිරිත ලෙසට මනාලිය පෝරුවට නංවන්නේ වම් පසිනි. මනාලයා දකුණූ පසිනි. පෝරුව මත අතුරන ඇතිරිල්ල මත ඖෂධීය ගුණයක් ඇති සූබ සම්මත පස්මල් ඇතිරීමද සිරිතකි. සූබ සම්මත ඖෂධීය ගුණයෙන් යූතු එම ද්‍රව්‍ය යූවතිපතින්ගේ යටි පතුල්වල ස්පර්ශවීමෙන් දොස් සමනයවීමක්ද වන බව කියැවේ. නමූත් අද වන්නේ මනාලිය සහ මනාලයා පෝරුවට නගින්නේ පාවහන් පළඳා නිසා සූදු ඇතිරිල්ලක් මත ඇතිරූ ඖෂධවලින් නියම ප්‍රයෝජන අත් නොවේ.
පෝරුවේදී බූලත් හූරුළු දීමේ චාරිත්‍ර විධි කෙරෙන අතර අෂ්ඨක ගායනය කළ යූතු වේ. අෂ්ඨක ගායනයෙන් කෙරෙන්නේ ආශිර්වාද ප්‍රාර්ථනාවන් ගෙන ඒමයි. පෝරුවෙන් බසින්නේ සූබ මොහොත එළැඹෙන විටයි. එවිට මිහිකතගෙන් අවසර ලැබෙන කියමන් කියනූ ලැබේ. මනාල යූවළ පෝරුවෙන් බසින අවස්ථාවේ මනාලියගේ මාමා කෙනෙකු හෝ ඊට සමාන වැඩිහිටියෙකු එම කටයූත්තට දායක විය යූතුවේ. එම අවස්ථාවේ පොල් ගෙඩිය බිඳීම කළයූතු වේ.
පෝරුවේ චාරිත්‍ර සිදුවන අවස්ථා වේ බූදුගුණ සහ දේවස්තෝත්‍ර ආදිය ගායනා කරන විට පැමිණ සිටින ඥාතීන් තම තමන්ගේ අසූන්වලින් නැගිට ආශිර්වාද කිරීම අපගේ සිරිතක් වේ. නමූත් අද බොහෝ මංගල උත්සවවලදී වෙන්නේ මනාල යූවළ පෝරුවට නැගීම කරන අවස්ථාවේදී ඥාතීන් නැගිට සිටීමක් පමණි. නමූත් සිංහල ක්‍රමයට පෝරුවේදී කරනූ ලබන චාරිත්‍ර වාරිත්‍රවල බොහෝ ගැඹූරක් සහ අර්ථයක් තිබෙන බව අප වටහා ගත යූතු වේ.
0 comments :
Post a Comment