කාලසර්්ප යෝගයට බියවිය යූතු ද?



උපන් වෙලාව තුළ ග්‍රහයන් ගමන් කළ අන්දම රාශි දොළහට අනූව බලා ඒ අනූව ග්‍රහයන්ගේ පිහිටීම ලකුණූ කොට ජන්ම පත්‍රය සම්පූර්ණ කරයි. අනාගතය මෙමගින් බලාගත හැක. ජ්‍යොතිෂ්‍ය පිළිබඳව අවබෝධයක් තිබීමෙන් ජීවිතයේ අන්ධකාර අපල මඟහරවා ගෙන වාසනාවන්ත ජීවිතයක් ගතකළ හැකිය. ජන්ම පතින් දර්ශනය වන යෝග අතර ග්‍රහ පිහිටීම අනූව පැහැදිලිව දැනගත හැකි යෝගයක් ලෙස කාල සර්ප යෝගය දැක්විය හැක.


කාල සර්ප යෝගය යනූ රාහූට, කේතුට මැදිවී එක් පැත්තකට පමණක් ග්‍රහයන් පිහිටීමයි. මෙහිදි පළමූවන හා හත අතර නවය හා දහය අතර අට හා දෙක අතර හය හා දොළහ අතර ග්‍රහයන් බෙදී සිටී. විශේෂයෙන් දෙක අට අතර යෙදෙන යෝගයත් හය දොළහ අතර යෙදෙන යෝගයත් යහපත් නොවේ. කාල සර්ප යෝගය අසූබව සිටීනම් දියූණූව අඩාල වේ. මූදල් ඉතිරිවීමක් නැත. ඉදිරි ගමන අවූල් කර දැමිය හැක.


කාල සර්ප යෝගය යෙදුණූ ජන්මියෙකුගේ විවාහය අධ්‍යාපනය සමාජ තත්ත්වය දීප්තිිමත් ස්වභාවයක් දැකිය හැකි නොවේ.


එක, පහ, නමය යන රාශිවල දරු පිහිටීම හෝ සෞම්‍ය ග්‍රහයන් පිහිටීම එම දෝෂය දුරු කිරීමට හේතුවේ. එමෙන්ම උචිත රාශිවල ග්‍රහයන් පිහිටීම ද දෝෂ දුරු කිරීමට හේතුවේ. කේන්ද්‍රවල බලවත් ග්‍රහ පිහිටීම ද දෝෂ භංග වීමට හේතුවේ. සෙනසූරු හත්වැන්නේ සිටීම නිසා කාල සර්ප යෝගය යෙදීම නිසාත් විෂ කන්‍යා යෝගයෙන් ඉපදී සිටීමත් වැන්දඹූ යෝගවල ඉපදී සිටීමත් ස්තී්‍ර කේන්ද්‍රයකට සූබ ලකෂණ නොවේ.


විවාහ පොරොන්දම් බැලීමේදී ස්ත්‍රී පූරුෂ කේන්ද්‍ර සමකර බැලීමෙන් මෙම යෝගය දුරු කරගත හැකිය. රාහූ ග්‍රහයා හත අට සිටීමත් රවි ශනි කේතු හත අට සිටීමත් රවි ශනි කේතු එක අට සිටීමත් පිළිබඳව විශේෂයෙන් විමසා බැලිය යූතුය.


මෙම දෝෂ පූරුෂ කේන්ද්‍රයක නැත්නම් සියලු දෝෂ දුරුවේ. රාහූ සහ කේතු බලවත්ව පිහිටා තිබීමද කාල සර්ප යෝගයේ අයහපත් ඵල අඩූවීමද හේතුවේ. දශා අනූවද එහි පල ලැබීමටද වෙනස් විය හැක.


කාල සර්ප යෝගය කේන්ද්‍රයක දිස්වූ පමණින් බියවීමට අවශ්‍ය නැත. වැන්දඹූ යෝගයක් ලෙස සැළකිය නොහැක. දෝෂ තිබේනම් දෝෂ භංග වන පිහිටීම් කේන්ද්‍ර සටහනේ තිබේදැයි පරීකෂා කර බැලිය යූතුය.



ජ්‍යොතිර්වේදී පානදුරේ ඩී. පී. ජයසිංහ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment