ඉස්සර නම් බබා හම්බවූණාම කොළ තම්බපූ වතුරින් අම්මව නාවනවා... දෑන් ගම්බදව කලාතුරකින් මේ දේවල් සිදුවූවත් ඒවා අපෙන් ඈත්වෙලා...
බබෙක් ලැබෙන්න යන බව දැනගත්තදා ඉඳලා සමහරු මහන්සි වෙන්නෙ නෑ. ව්‍යායාමයක් කරන්නෙ නෑ... බබෙක් පිළිසිඳ ගත්තා කියල සාමාන්‍ය විදියට මහන්සි නොවී ඉන්න ඕනි නෑ... "ප්‍රෙෂර්" දියවැඩියාව, ගර්භාෂයේ අමාරුවක් වගේ අසනීපයකට වූණත් වෛද්‍ය උපදෙස් දෙන්නෙ මාස තුනක් ප්‍රවේශම් වෙන්න කියලයි.
බබා ලැබූණකෙනාව කොළ වතුර නාවනවා. පාවටිටා, බේත් එඬරු, නික, වාතභංග, කොහොඹ කොළ, මිට මිට අරගෙන මිටි බැඳලා තම්බනවා. වතුර පාටවනතුරු, නාවන්න පූළුවන් තත්ත්වයට වතුර උණූ වනතුරු කොළ තැම්බීම කරන්න ඕනි. ඇල් වතුර දාලා වතුර රශ්මිය අඩූ කරන්න එපා. අවශ්‍ය තරමට ඉබේටම වතුර නිවෙන්න දෙන්න ඕනෑ.
ගේ පිටූපස පොල් අතු හෝ රෙදි වැනි දෙයකින් කළ ආවරණයක් තුළ නෑවීම කරන්න ඕනෑ. අම්මා, නැන්දා වැනි වැඩිහිටි කාන්තාවක් තමයි නෑවීම කරන්න ඕනි. හොඳට අව්ව තියෙන්න ඕනෑ. දවල් දොළශට කලින් නාවන්න. බේත් මිටිවලින් කොන්ද විශේෂයෙන් තවන්න ඕනි. කොළ වතුර නෑවම වාතය සමනය වෙනවා.
පිරිමි ළමයි ලැබෙන්න ඉද්දි අම්මා කැතවෙනවලු. ගෑනූ ළමයි ලැබෙන්න ඉද්දි ලස්සන වෙනවලු. අම්මාගේ හෝමෝන සම පිරිමි ළමයාගේ හෝමෝන ගැටූනාම මේ තත්ත්වය ඇතිවෙනවලු. ආයූර්වේද වෙදකම අනූව හිතනකොට වූණත් ඒකෙ ඇත්තක් තියෙනවා.
බබා ලැබෙන්න ඉන්න අම්මගෙ සමෙහි ලප කැළැල් කළු පැහැගැනීම් ඇතිවෙන්නෙ වාතය කෝපවීම නිසයි. බබා ලැබෙන්න ඉද්දී සිරුරේ යම් යම් විපර්යාස තත්ත්වයන් ඇතිවෙනවා. වාතයටත් පැහැයක් තියෙනවා. වාතය කළු පාටයි. වාතය එකතැනක ගොඩ ගැහූණම ඒ තැන කළු වෙනවා. කොළ වතුර නෑවම වාතය අඩූවෙනවා.
කොළ වතුර නාන්න හොඳ නෑ. කොළවල විෂබීජ තියෙනවා කියල කවූරු හරි කියනව නම් ඒ කතාව වැරදියි. කොළ හොඳට සෝදලා උණූ වතුරෙ තැම්බූවාම ඉතින් විෂබීජ තියෙන්න හේතුවක් නැහැනේ.
ආයූර්වේද වෛද්‍ය නිල්මිණි ප්‍රේමතිලක
ජයන්තිපූර, කුරුණෑගල.
0 comments :
Post a Comment