දරුවන් තුළ ප්‍රබල දේශානූරාගී හැඟීම් ඇති කළොත් ඔවූන් එයින් ලබන ප්‍රති ලාභය ඔබ දන්නවාද?



රටපූරා ආරක්ෂාව තර කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් සිදුවන මාර්ග පරීකෂාවන්වලදී ඇතැම් අය නොසංසූන්වී, මැසිවිලි නගින්නේ ඇයි? දේශානූරාගය අවමවීම නිසාය. අව්ව වැස්ස නොතකමින් දූවිලිකමින් රණවිරුවන් එම පරීකෂාවන් කරන්නේ අපේම ආරක්ෂාව සැලසීමට බව බොහොමයකට නොවැටහේ. මවූ භාෂාව, තම දේශය යන හැඟීම ප්‍රබලව මාපියන් සිය දරුවන්ට අවධාරණය කළේ නම් මෙයට වඩා දේශානූරාගයකින් යූතුව සිතීමට පූරුදුවනූ ඇත.


නමූත් අද තත්ත්වය එයට හාත්පසින්ම වෙනස් වූවකි. මන්ද රට ගැන හැඟීමක් තිබීම අවශ්‍ය යැයි කවූරුත් සිතති. සියලු දෙනාම රට ගැන සිතමින් කටයූතු කෙරේ. තව ද, ඔබේ දරුවන් රටට ණය නැති පූද්ගලයන්ට බවට පත්විය යූතුය ඔවූන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය හා මහා මාර්ග පවා ඉදිවී ඇත්තේ රටෙි ධනයෙන් වීමෙනි. එහෙයින් සෑම පූද්ගලයෙකුම රටට ආදරය කිරීම හා එයට සේවය කිරීම අත්‍යාවශ්‍ය වේ. එසේ නම් ඔබේ දරුවන් තුළ දේශානූරාගයක් ඇති කරන්නේ කෙසේද?

රටට ආදරය කළ යූත්තේ ඇයිි?

තම දරුවන්ට මවූබිමට හා මවූබසට ආදරය කරන්නේ හා සේවය කරන්නන් බවට පත්කිරීම සෑම මාපිය යූවළකගේම වගකීමකි. අද වැඩිහිටියන් තමාට උපත දුන් රටට හා ජාතියට ණය නැති පූද්ගලයන් බවට පත්වන්නේ එසේ කිරීමෙනි. එහෙයින් ඔබ දරුවන්ට සෑමවිටම පැවැසිය යූත්තේ රටට, මවූබසට ආදරය කළ යූතු බවය.

එය ඉගැන්වීම ඇරඹිය යූත්තේ ජාතික ධජයෙනි. එනම්, ජාතික ධජයෙහි වර්ණ සංයෝජනයෙන් කිය වෙන්නේ කුමක්ද? එය නිර්මාණය කළේ කවූද? එලෙසින්ම අපේ ජාතික ගීතය නිර්මාණය කළේ කවූදැයි ඔබ දරුවාට ඉගැන්වීම අවශ්‍යය. (මාපියන්ද එය නොදන්නේ නම් නිදහස් දිනය ආසන්නයේදී ඒ සම්බන්ධයෙන් පළවන පූවත්පත් ලිපි කියවීමෙන් හෝ දන්නා අයෙකුගෙන් තොරතුරු ලබාගැනීම මූලින්ම කළ යූතුවේ.)

මීළඟට ජාතික ගීය වාදනය වෙද්දී එයට ගරු කළ යූතු අන්දම දරුවන්ට ඉගැන්වීම වැදගත්ය. මන්ද මෙය විදේශ රටවල වැසියන් මැනවින්ම දනී.

දරුවෙකු වැඩිහිටියෙකු වූ විටදී හෝ අධ්‍යාපනය ලබද්දී විදේශිකයන්ගේ ඇසූරට පත්වීමට සිදුවූ විටදී එවැනි දේ නොදැන සිටීම ඔහූ හෝ ඇය නිරුවතින් සිටීමට සමාන වේ. මන්ද පිළිවෙළක් ඇති ජාතියක් ලෙසින් තමන්ගේ රටට බොහෝ ආදරය කරනූ ඇත. ඒ සඳහා ඔබට ලැබිය හැකි කදිම උදාහරණය වන්නේ ඔබ දකින වාණිජ හින්දි චිත්‍රපටයක පවා නිබඳවම "භාරතයට ජය වේවා" යන්න සඳහන් වේ. එම ජාතික හැඟීම සැමටම තිබීම අවශ්‍ය වේ.

රටෙි පොදු දේපළ

රටෙි පොදු දේපළ හා පහසූකම් දරුවෙකුගේ වත්කම යැයි හැඟීමක් දරුවන්ට ලබාදීම වැදගත්වේ. මන්ද එම පොදු දේපළ උසස් තත්ත්වයකින් පැවැතුණොත් එයින් සැප විඳින්නේද දරුවන්ය. තව ද උද්ඝෝෂණ, පෙළපාලි ආදී විවිධ දේශපාලනමය විරෝධතාවන් වලදී හා දේශපාලනමය පෝස්ටර් ඇලවීමෙන් පොදු දේපළට සිදුවන හානිය හා අවලක්ෂණවීම් දරුවන්ට වටහා දිය යූතුය. එය ඔබට මඟ තොට යද්දී හෝ රූපවාහිනි ප්‍රවෘත්ති ආදිය තුළින් දරුවෙකුට නිවැරැදිව අවබෝධය ලබාදීමට හැකිය. මන්ද ඒවා,යළි සකස් කිරීමට වැයවන්නේ ද රටෙිම සල්ලි බව ද ඔබට පෙන්වා දීමට හැකිය. දරුවන්ට එසේ රට පිළිබඳව නිවැරැදි දැකීමක් ලබා දුන්විටදී ඔවූන් එය තම රුධිර දහරාවටම අවශෝෂණය කරගනී.

දෙමාපියන්ගේ දෝෂයක්ද?

අද සමාජය සිතන්නේ ඉංග්‍රීසියෙන් කතා කිරීම සමාජ තත්ත්වයක් හිමිවීමක් යනූවෙනි. එයට අමතරව දේශීය දේ "චීයි" කීමද ඉහළ සමාජයට ඇතුළු වීමක් ලෙසිනි. එහෙයින් ක්‍රමයෙන් තරුණ පරපූර උත්සාහ දරන්නේ මවූබිමෙන් හා මවූබසින් ඈත්ව කළු සූද්දන් වීමටය ලංකාවේ තොරතුරු දන්නේ නැතැයි කීමද සූපිරි පංතියකට ඇතුළුවීමක් ලෙසිනි.

තරුණ පරපූර මෙය තේරුම් නොගත්තද එය හීනමානයේ ලකෂණයකි. කිසියම් දුර්වලකමක් වඩා ගැනීමට දරණ වෑයමකි. එම දුර්වල තත්ත්වය ඇත්තේ පවූල තුළමය, සමාජ තත්ත්වය, අධ්‍යාපනය, නැතිබැරිකම් අතර වීමට හැකිය. මන්ද පිරුණූ බූද්ධිමත් පූද්ගලයෙකුට " මම ශ්‍රී ලාංකිකයෙක්. ඒ ගැන මට ආඩම්බරයි" යැයි පැවසීමට හැකිය. එය අංග සම්පූර්ණ පරපූරකින් පැවැත එන්නන්ගේ ලකෂණයකි.

ඉංග්‍රීසි බසින් ඉගෙනීම, අන්තර්ජාලය ඇසූරු කිරීම ආදී දේ කළ ද ඒ සියල්ල ඔබ දරුවන්ට ලබාදිය යූත්තේ දැනූම රැස් කිරීමේ මාධ්‍යයක් ලෙසින් මිසක, අඩූපාඩූ මකා ගැනීමේ උපක්‍රමයක් ලෙසින් හෝ නැති සමාජ තත්ත්වයක් ලැබීමේ ඉනිමඟක් ලෙසින් නොවේ. ඔබ පොළොවේ පය නොගසන දරුවන් තැනීම රටට කළ යූතු යූතුකම් පැහැර හැරීමක් වන අතර, ණයකාරයෙකු ද වීමකි. එහෙයින් ඔබ සැමවිටම දරුවන්ගේ ළමා වියේ සිටම "හොඳ ශ්‍රී ලාංකිකයෙකු වීමේ" අඩිතාලම දැමීම අත්‍යවශ්‍ය වූවකි.

දේශානූරාගී ගීත

අප ළමා වියේදී ගුවන්විදුලිය තුළින් හිමිදිරියේ අසන්නට ලැබූවේ ප්‍රබල හැඟීම් දනවන දේශානූරාගී ගීතයන් වේ. "රත්න දීප ජන්ම භූමි, "මේ සිංහල අපගේ රටයි" වැනි ගීත හිමිදිරියේම ඇසෙද්දී එය අපේ සිරුරෙහි රුධිර දහරාවටම එක්වූයේ යැයි හැඟුණේ එයින් විශේෂිත ප්‍රබෝධයක් ඇතිවීමෙනි. නමූත් අද ගුවන් විදුලිය තුළින් හිමිරිදියේදී අසන්නට ලැබෙන්නේ ද "එකපාර මා මරන්න" එවැනි විරහ පෙම් ගීතයන්ය.

එහෙයින් ඔබට කළ හැකි දේ වන්නේ දරුවන්ට කදිම දේශානූරාගී ගීත ඇතුළත් කැසටි හෝ සංයූක්ත තැටි සවන්දීමට සලස්වා එය විග්‍රහ කරදීමකි. එයට අමතරව බූදු ගුණ ගීත ආදියෙන් දරුවන්ට ලැබෙන හැඟීම අතිප්‍රබලයි. එවැනි නිර්මාණ රසවිඳීමට දරුවන්ට අවස්ථාව සලසාදීමෙන් ඔවූන් තුළ රට ජාතිය පිළිබඳ කදිම ප්‍රබෝධයක් හා හැඟීමක් ඇතිවේ.

රටට, ජාතියට ආදරේ ඇති මිනිසූන්

මීළඟට වැදගත් වන්නේ රටට ඃ ජාතියට ආදරේ ඇති දේශානූරාගයකින් යූතු දරුවන් බිහි කිරීමෙන් දරුවාට ලැබෙන ප්‍රතිඵලය කුමක්දැයි මාපියන් ලෙසින් ඔබ අවබෝධ කර ගැනීමය. මන්ද, දරුවෙකු අංග සම්පූර්ණ හා නිවැරැදි පූද්ගලයෙකු බවට පත්ව, මානසික සැහැල්ලුවකින් යූත් තෘප්තිමත් පූද්ගලයන් බවට පත්වන්නේ දේශානූරාගයක් ඔහූ තුළ තිබීමෙනි. මන්ද, අල්ලස, දූෂණය, විවිධ අක්‍රමිකතාවලින් ඔහූ තොරවූ විටදී සෑමවිටම සිතන්නේ තමා නිවැරැදි පූද්ගලයෙකු සේ කටයූතු කළ බවය. එය ඔහූගේ මනසට ආඩම්බරයක් සේම සැහැල්ලුවක්ද මතු අනාගතයේදී එක්කරයි. රට වෙනූවෙන් නිවැරැදිව සේවය කරන්නන් කෙදිනක හෝ මිය යන්නේ ද ආඩම්බරයෙන් හා ස්වාධීන පූද්ගලයන් සේය. පසූතැවීමක් හෝ දුක්වීමක් ඔවූන්ට ඇතිනොවේ. එම තත්ත්වය ඔබ විසින් දරුවන්ට ලබාදිය යූත්තකි.



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment