ගැහැනූන් වැඩි විහිළු කරමින් සිනාසෙනවිට පිරිමින්ට තරහ යන්නේ ඇයි?




කාර්යාලයේදී, බස්රියේදී දුම්රියේදී හෝ අතරමඟදී තම මිතුරියන් සමග විවිධ විහිළු තහළු කළද බොහෝ පිරිමින් එසේ තම බිරිඳ හෝ පෙම්වතිය ඉදිරියේ හැසිරෙන්නේ කලාතුරකිනි. බොහෝ පිරිමින් සිතන විදිහට තම පෙම්වතිය හෝ බිරිඳ ඉදිරියේ යම් ප්‍රමාණයකින් ගාම්භීර නොවූණොත් ඇයට තමාගේ වටිනාකමක් නොදෑනේ. දෙවනූව ඇය දක්වන කීකරුකමද ගිලිහේ.


එහෙයින් තම බිරිඳ ඉදිරියේ හැසිරෙන ආකාරයට හාත්පසින්ම විරුද්ධ ආකාරයකට බොහෝ පිරිමින් ඇගෙන් තොර වූ විටදී හැසිරේ. යම් බිරිඳකට හදිසියේ එය දක්නට ලැබූණොත් ඇය එයින් පූදුමයටද පත් වේ.




නමූත් සෑම ගැහැනියකම ප්‍රිය කරන්නේ තම සැමියා හෝ පෙම්වතා සමග ඉතාමත් විනෝදජනක ලෙස කාලය ගෙවීමටය. සැමියා ඇයට කරන විහිළු බොහෝ වැදගත් වන්නේ එවිට ඔහූට සමීප වීමට හෝ සැහැල්ලුවෙන් සිය සබඳතාවන් දෙස බැලීමට ඇයට හැකි වන නිසාය. එසේ නොමැතිව බොහෝ බැරෑරුම් බවක් අඟවමින් ගාම්භීර වීම හෝ පණ්ඩිතයෙකු සේ ඔහූ හැසිරෙද්දී සිය සබඳතාව දුරස් වීමක් සේම ඔහූ යම් දෙයකින් අමනාපයක් ඇති කර ගනීවිදෑයි සියූම් සැකයක් හා බියක් බිරිඳ හෝ පෙම්වතියකට ඇති වේ. එහෙයින් යම් සැමියෙකු තම බිරිඳ සමග සූහදශීලීව විහිළු තහළු කරමින් කල් ගෙවීම ඔහූගේ අඹූ සැමි සබඳතාවට අගයක් එක් කිරීමකි.




මෑතකදී "හාස්‍ය හා ලිංග භේදය" යනූවෙන් සමීක්ෂණයක් බටහිර රටවල අඹූ සැමියන් සම්බන්ධයෙන් පැවැත්වූ අතර එහි අදහස වූයේ අඹූසැමියන් අතර විනෝදය හා සැහැල්ලුව ඇති විටදී එය ඔවූන්ගේ සබඳතා විශිෂ්ටත්වයට පත් කරන්නේද යන්න විමසා බැලීමය. එම සමීක්ෂණය මෙහෙයවූයේ කැනඩා සරසවියේ පරිනාමය හා මිනිස් හැසිරීම් යන අධ්‍යාපන පීඨය මගිනි. එම සමීක්ෂණයේදී හෙළිවූ එක් කරුණක් කතුන්ගේ අවධානයට යොමූ විය යූත්තකි. එනම් පිරිමින් තමා සමග බොහෝ විහිළු තහළු කරන, සිනාමූසූ මූහූණින් කවටකම් කරන කතුන්ට බොහෝ ප්‍රියවන නමූත් එවැන්නියක් තම ජීවන සහකාරිය බවට පත් කර ගැනීමට එකඟ නොවන බවය. එහෙයින් එය සෑම යූවතියක විසින්ම අවබෝධ කර ගත යූතුය. බොහෝ යූවතියන් සිතන්නේ පිරිමියෙකු සමග වැඩිපූර දඟකාරකම් පෑමෙන් ඔහූගේ ආදරය ලැබීමට හැකි බවය. එය වැරදි අදහසක් බව මෙම සමීක්ෂණය ආරම්භයේදීම සනාථ වී තිබේ.




විහිළු තහළු හා සිනාවෙන් කල් ගෙවන්නියන්ට පිරිමින් අකැමැති ඇයි?

ලෝක ප්‍රකට ඉන්දීය මනෝ වෛද්‍යවරයෙකු හා මිනිස් සබඳතා උපදේශකයෙකු වන විජේ නාගස්වාමි පවසන අන්දමට පමණට වඩා විහිළු තහළු කරන හා සැවොම සමග සිනාමූසූ මූහූණෙන් කවටකම් කරන කතුන්ට පිරිමින් ප්‍රිය නොවන්නේ සැමවිටම විහිළු කිරීම පිරිමින්ට අයිති දෙයක් වීම හා ගැහැනූන් යනූ විහිළු අගය කරන්නියන්ය යන සිරිතට අනූවය. එනම් පිරිමින්ට අවශ්‍ය වන්නේ විහිළු තහළු කරන්නත් හා කතුන්ව සිනාගන්වන්නත් තමන් යැයි තම බිරියන් අවබෝධ කර ගනූ දැකීමටය. ගැහැනූන්ට අයිති රාජකාරිය සේ පිරිමින් දකින්නේ ඔවූන් පවසන දෙයට හිනැහීම පමණි. එහෙයින් අඹූ සැමි සබඳතාවෙහි හාස්‍යය පදනම් වන්නේ එක්තරා රිද්මයක් අනූවය. ඒ පිරිමින් හාස්‍ය සම්පාදනය කරන්නා වන අතර ගැහැනිය සිනාවීමෙන් එය පෝෂණය කරන්නිය වන්නීය. නමූත් එයට පමණට වඩා ගැහැනිය හිනැහේ නම් පිරිමින් සිතන්නෙ හාස්‍ය සම්බන්ධයෙන් ඇය තමාට වඩා ඉදිරියට ගොස් ඇතිබවය. එමෙන්ම එවිට පිරිමින්ට හැඟෙන්නේ හාස්‍ය සම්පාදනය කිරීමේදී ඇය තමාට සමාන යන්න බවය.




එයට තවත් හේතුවක් බලපානූ ඇත. පිරිමින් යම් විහිළුවක් හෝ සිනා උපදවන හාස්‍යය කතාවක් ගැහැනියකට පවසන්නේ ඇගේ සිනා ගැන්මේ හෝ ඇයව අනූරාගයෙන් මත් කිරීමේ අරමූණෙනි. එහෙයින් ගැහැනූන්ද පිරිමින් සමග පමණට වඩා හිනැහීම ඔහූව වරදට පෙළඹවීමේ උපක්‍රමයක් සේ භාවිත කරන්නක් යැයි පිරිමි සිතති.




එකිනෙකට වෙනස් වූ විහිළු

ගැහැනූන් සහ පිරිමින් ප්‍රිය කරන විහිළු හාස්‍ය ජනක කතාබහ එකිනෙකට වෙනස් වේ. ඇතැම් අසභ්‍ය දේ පවසනූ ඇසීමටත් ද්විඅරුත් ඇති දේ ඇසීමටත් ඇතැම් කතුන් ප්‍රිය වූවද තවත් සමහරක් ඉදිරියේ එවැනි දේ පැවසූවොත් ඇය අසීරුවට පත් වේ. එමෙන්ම පිරිමින්ද තම පෙම්වතිය හෝ බිරිඳ සමග හාස්‍යජනක දේ පැවසීමකදී පමණට වඩා ප්‍රතිචාර දෑක්වීම හෝ එයින් වින්දනයක් ලැබීම ප්‍රිය නොවීමටද ඉඩ තිබේ. මෙම පදනම මත පිරිමින් හා ගැහැනූන් අනූමත කරන විහිළු තහළු විශේෂය තීරණය කළ යූත්තේ ඔහූ විසින් වන අතර ඔහූගේ එහි ප්‍රියතාව සම්බන්ධයෙන් සෑම ගැහැනියකටම අවබෝධයක් තිබිය යූතු වේ.




එහෙයින් පිරිමියෙකු ගැහැනියක් ඉදිරියේ කරන විහිළුවක හෝ හාස්‍යජනක දෙයක් පැවසීමකින් අපේක්ෂා කරන දේ අවබෝධ කර ගනිමූ. "සැමවිටම පිරිමියෙකු කතුන් ඉදිරියේ විවිධ විහිළු තහළු කරන්නෙ සෙසූ පිරිමින් සමග තරග කිරීමේ මාධ්‍යක් ලෙසිනි. එසේ නොමැති නම් ගැහැනියකගේ සිත දිනා ගැනීමට හෝ ඇයව වසඟ කර ගැනීමේ වූවමනාවෙනි. එසේ නම් ඔබේ සැමියා සෙසූ කතුන් ඉදිරියේදී පමණට වඩා විහිළු කරද්දී එහි යටි අරමූණද යම් ප්‍රමාණයකින් අවබෝධ කරගන්න. එයට අමතරව එම පදනම මත ඔබ පමණට වඩා සෙසූ පිරිමින්ගේ විහිළුවලට ප්‍රතිචාර දෑක්වීමද ඔබේ සැමියා අනූමත නොකරන්නක් බවද අවබෝධ කරගන්න.




නමූත් ගැහැනියකට තම සැමියා හෝ පිරිමියෙකු සමග කරන විහිළුවක් හැඟෙන්නේ එය සබඳතා තහවූරු කරන්නක් ලෙසිනි. එමෙන්ම මෙහිදී පිරිමින් අවබෝධ කර ගත යූත්තේ ගැහැනූන් විහිළු යැයි දකින්නේ හෝ එය වින්දනය කරන්නෙ පිරිමින් විහිළු යැයි හෝ හාස්‍යජනක යැයි සිතන දෙයට නොවන බවය. උදාහරණයක් ලෙසින් කී්‍රඩා තරගයකින් පසූව ක්‍රිඩාගාරයේදී හෝ ඇඳුම් මාරු කරගන්නා ස්ථානයකදී පිරිමින්ගේ සිනාවක ඇත්තේ උද්දාමය තරගකාරිත්වය හා උද්වේගකර බවය. නමූත් ඒ අයූරෙන්ම ගැහැනූන් ඇඳුම් මාරු කරන කාමරයකිින් නැගෙන සිනාවක ඇත්තේ සබඳතාවන් පිළිබඳව අදහසකි. නොමැති නම් හදබැඳි පිරිමියෙකුට සම්බන්ධ කතාවකින් පැන නගින සිනාවකි.




එහෙයින් ගැහැනියකගේ විහිළු තහළුවක හෝ උස් සිනාවක ගැබ්ව ඇත්තේ සමීපතාවෙහි සලකුණකි.


ඇය යම් පිරිමියෙකුට වඩාත්ම සමීප නම් විහිළු කිරීමද වැඩි වේ. මෙම පසූබිම බොහෝ පිරිමින්ට හැඟෙන හෙයින් පමණට වඩා විහිළු කිරීමට හෝ පිරිමියෙකු පවසන දෙයට හිනැහීමට ගියහොත් ඔහූ අනවශ්‍ය ලෙසින් සමීපවීමට වෙර දරන බවද සෑම ගැහැනියකම අවබෝධ කරගත යූතු වේ.



බිරිඳටත් වඩා පෙම්වතියට

ගැහැනියකගේ විහිළු තහළු, සිනාමූසූව පිළිගැනීම පිරිමියෙකුට ඇති ඇගේ අයිතිය පිළිබඳව යම් අදහසක් ඇති කරන්නකි. තම පෙම්වතිය පිරිමින් පිරිසක් මධ්‍යයේදී සිනාසීම හා විහිළු තහළු කිරීම ඔහූ අනූමත නොකරන්නෙ එහෙයිනි. එහෙත් එම පෙම්වතියම බිරිඳක ලෙසින් තමාට අයිති වූ විටදී එම අමනාපය ඉස්මතු නොවේ.


තමා ලබන ආදරය පිළිබඳව විශ්වාසයක් හෝ සෑහීමකට පත්වීමක් තිබේ නම් යම් බිරිඳක හෝ සැමියෙකු විහිළු තහළු කිරීම හා උස් හඬින් සිනාසීම අවියක් ලෙසින් භාවිත කිරීමට උනන්දු නොවේ. මන්ද බොහෝ කතුන් එය භාවිත කරන්නේ පිරිමින්ට සමීපවීමේ අවියක් ලෙසින් වන එම තත්ත්වයම පිරිමින්ද අවබෝධ කරගෙන සිටී. එහෙයින් සෑම ගැහැනියකම පිරිමින් සමග විහිළු තහළු කිරීම හා සිනාසීම සීමාවකට යටත් කර ගැනීමට සිදු වේ. විශේෂයෙන්ම ගැහැනියකගේ හාස්‍යය, විහිළු කිරීම හා උස් හඬින් සිනාසීම ආදිය අති පෞද්ගලික සබඳතාවන්ට සීමා කිරීම හා එය එකිනෙකා සම්බන්ධයෙන් වෙනස් කිරීම සූදුසූය. තම සැමියා සමග බොහෝ විහිළු තහළු කරන්නියක එසේ අන් පිරිමින් ඉදිරියේ නොකිරීම සැමියාගේ ආදරය යහමින් ලැබීමට හේතුවකි.




Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment