ලැබෙන දරුවන් සංඛ්‍යාව කේන්දරයෙන් බලා ගතහැකි බව ඔබ දන්නවාද?




බැඳපූ යූවළකගෙන් එක් අයකුගේ කේන්දරයෙහි පෙන්නූම් කරන දරුවන් සංඛ්‍යාව අනෙකාගේ කේන්දරයෙහි පෙන්නූම් කරන දරුවන් සංඛ්‍යාවම නොවීමට ඉඩ තිබේ. එබැවින් එක් අයකුගේ කේන්දරයෙන් පමණක් දරුවන් සංඛ්‍යාව තීරණය කිරීම ඉතාම දුෂ්කරය. ඊට අමතරව පූරුෂයකුගේ කේන්දරයෙහි පෙන්නූම් කරන දරුවන් සියලු දෙනාම ඔහූගේ විවාහක බිරියගෙන් හෝ එකම භාර්යාවකගෙන් හෝ ලැබෙන දරුවන් නොවිය හැකිය. එලෙසම කාන්තාවකගේ කේන්දරයෙහි පෙන්නූම් කරන දරුවන් සියලු දෙනාම විවාහක සැමියාගෙන් පමණක් හෝ එකම සැමියකුගෙන් පමණක් හෝ ලැබෙන දරුවන් නොවිය හැකිය. ගබ්සාවීම සහ ගබ්සා කිරීම ආදියද පිළිසිඳ ගැනීමේ උපත් ලෙසින් සළකයි.

සාමාන්‍යයෙන් දරුවන් සංඛ්‍යාව තීරණය කළ යූත්තේ පස්වැන්නෙහි සිටින ග්‍රහයන්ගෙන් ද පස්වැන්නාධිපති සමග සිටින ග්‍රහයන්ගෙන් ද පස්වැන්න සහ පස්වැන්නාධිපති දකින ග්‍රහයන්ගෙන් ද ගුරුගෙන් පස්වැන්නෙහි සිටින ග්‍රහයන්ගෙන් ද ගුරු සහ ගුරුගෙන් පස්වැන්නේ අධිපති ඇසූරු කරන සහ දකින ග්‍රහයන්ගෙන් ද ආදී වශයෙනි. දරු සම්පත් සංඛ්‍යාව තීරණය කිරීමේදී වඩාත් ප්‍රබල සාධකය වන්නේ ලග්නයේ සඳුගෙන් සහ ගුරුගෙන් පස්වැනි රාශිවල අධිපතීන්ගෙන් වඩාත්ම ශක්තිමත් ග්‍රහයාය. ඉහතින් සඳහන් කරන ලද රාශි සහ ග්‍රහයන් සමග සංයෝග වූ හෝ ඒවා දකින හෝ පාපී ග්‍රහයන් නිසා ගබ්සා කිරීම සහ ගබ්සාවීම අකාලයේ දරුවන් මියයාම ද සිදුවීමට ඉඩ තිබේ.

සාමාන්‍යයෙන් ගබ්සාවලට සහ ගබ්සාවීම්වලට වගකිව යූත්තේ පාපී අඟහරු සහ පාපී සෙනසූරු වේ. පීඩනයට පත් කේතු සහ රාහූ පස්වැන්නෙහි සිටින විට ද අත්වන ප්‍රතිඵලය ඊට සමානය. ග්‍රහයන් උදාසීන වූ විට හෝ සතුරු නිවාසවල සිටින විට හෝ සතුරු ග්‍රහයන්ට සංයෝගව හෝ සමස්තව සිටින විට හෝ දරුපල රහිතවීමත් දරුවන් අකාලයේ මියයන බවත් පෙන්වයි.

දරුවන් සංඛ්‍යාව පස්වැන්නාධිපති පසූ කර යන ග්‍රහයන් අතර අංශක සංඛ්‍යාවට සහ ඔහූ අත්පත් කරගෙන සිටින අංශක සංඛ්‍යාවට හෝ සමාන වන්නේය. මේවායෙන් පූරුෂකාරක ග්‍රහයන්ට පූරුෂ කාරකයන්ගේ දෘෂ්ටි අනූව පිරිමි දරුවන් සංඛ්‍යාව පෙන්වන අතර ස්ත්‍රී කාරක ග්‍රහයන්ගේ එම තත්ත්වය අනූව ගැහැනූ දරුවන් සංඛ්‍යාව පෙන්නූම් කරයි. පස්වැන්න සහ පස්වැන්නාධිපති ඇසූරු කරන සහ දකින ග්‍රහයන් සංඛ්‍යාවටද දරුවන් සමාන වන්නේය. මෙම කාරණය තීරණය කිරීමේදී ලග්නයෙන් සඳුගෙන් පස්වැනි රාශිවලින් වඩාත්ම ශක්තිමත් රාශිය සැළකිල්ලට ගත යූතුය. ඒවායින් පූරුෂකාරක ග්‍රහයන් පිරිමි දරු සංඛ්‍යාව පෙන්වයි. ස්ත්‍රීකාරක ග්‍රහයන් ගැහැනූ දරු සංඛ්‍යාව පෙන්වයි. එසේම ඔත්තේ රාශිවල සිටින ග්‍රහයන් සංඛ්‍යාව ගැහැනූ දරු සංඛ්‍යාවට සමාන වනූ ඇත.

එය ගණනය කළ යූත්තේ පස්වැන්න සහ ඒවායේ අධිපතින්ගෙන් වඩාත්ම ශක්තිමතා ඇසූරු කරන සහ දකින ග්‍රහයන්ගෙනි. එලෙසම දරවකුගේ ස්ත්‍රී පූරුෂභාවය නවාංශක කේන්ද්‍රයෙහි ග්‍රහ පිහිටීම අනූව වෙනස් වේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment