ගෙවත්තට කතුරුමූරුංගා පැළයක්


ඈත අතීතයේ පටන් ආහාරයට ගන්නා කතුරුමූරුංගා අයත් වන්නේ රනිල කුලයටය. වටිනා ඖෂධ ගුණයකින් ද, වැඩි පෝෂණ ගුණයකින්ද යූත් පලා වර්ගයකි. මූඛය දෙපස පැලීම, වේදනාකාරී බිබිලි මූඛයේ හටගැනීම වළකාගැනීමට ආහාරයට ගත් සැණින් ප්‍රතිඵල පෙන්වන පලා වර්ගයකි. බඩ වියළීම වලක්වන ගුණයක් ද මෙම පලා වර්ගය සතුව පවතී. මැල්ලුමක් ලෙස ද, දළු කොළ සම්බෝලයක් ලෙසද, කිරි හොදිවලට දමා වෑංජනයක් ලෙස ද සකස් කරගත හැකියි. රොටී, පිටිටූ, වඩේ ආදිය සකස් කරන විට සිහින්ව ලියා එක්කර ගැනීමෙන් එම ආහාරවල පෝෂණ ගුණයද ඉහළ දමාගත හැක. කොළ තෙලෙන් බැද ආහාරයට එක්කර ගැනීමටද පූළුවන. අනෙකුත් පලාවර්ග සමග සංසන්දනය කිරීමේදී වැඩි ශක්තිය ප්‍රමාණයක්, ප්‍රෝටීන් ප්‍රමාණයක්, මේදය ප්‍රමාණයක් හා කැල්සියම්, පොස්පරස් වැනි ඛණිජ හා කැරොටින්, තයමින් වැනි විටමින වර්ගත් අන්තර්ගත වේ.


සූදු හා රතු මල් සහිත කතුරු මූරුංගා වර්ග දෙකකි. කොළ මෙන්ම මල් ද ආහාරයට සකස් කරගත හැකිය. අප රටෙි බොහෝ ප්‍රදේශවල වැවෙන හෙයින් ගෙවත්තක කතුරු මූරුංගා ගහක් හෝ දෙකක් ඉඩ ඇති පරිදි වගා කරගැනීම යෝග්‍යයය.

සිටූවීම කරනූ ලබන්නේ බීජ මගිනි. මෝරා කහ පැහැති වූන කරල් වියලුණූ අලුතම බීජ ලබාගත යූතුය. ගස්වල වියළී කල්ගතවූ කරල්වල ප්‍රරෝහන ශක්තිය ඉතා අඩූය. බීජ කරලින් වෙන්කර වගාවේ සිටූවීම අවශ්‍යය. වෙනම බඳුනක බීජ සිටූවා පැළ ලබාගෙන සිටූවීම යෝග්‍යවේ. මෙම පැළ සෙ. මී. 15ඃ20 පමණ උස්වූ පසූ ස්ථීර බිමේ සිටූවීම සූදුසූය. තවානකින් ගලවා පැළ සිටූවන්නේ නම් මූල්වලට හානි නොවන ලෙසට පැල ගලවා ගැනීම අවශ්‍යය.

කතුරුමූරුංගා පැල සිටූවීම සඳහා සෙ. මී. 45ං45ං45 ප්‍රමාණයට වල කපාගැනීම අවශ්‍යවේ. මෙම වලවල් ගොම හෝ කොම්පෝස්ටි පොහොර සමග මතුපිට පස් කලවම්කර පූරවාගත යූතුය. මෙහි පැලය සිටූවා ගෙන දින කිහිපයක් ආවරණය කර ගැනීම අවශ්‍යය. ඉන්පසූ ක්‍රමයෙන් හිරු එළියට නිරාවරණය කළ යූතුවේ. හිරුඑළිය ප්‍රියකරන කතුරුමූරුංගා ශාක හොඳින් හිරුඑළිය වැටෙන ස්ථානයක සිටූවීම වැදගත්ය. බොහෝ දෙනෙක් මෙවැනි ගසක් සිටූවන විට වැට මායිමට සිටූවති. එය ගැටලුවලට හේතුවන බැවින් වැට මායිම්වල සිට මීටර් 1 1/2 ත් පමණ ඈතින් සිටූවීම වැදගත්ය. බහූවාර්ෂික ශාකයක් වන කතුරුමූරුංගා ශාක කප්පාදු කර මනා පාලනයක් ඇතිව සිටූවා ගැනීමෙන් වැඩි කාලයක් පවත්වා ගත හැක. උස්ව හැදෙන ගස්වලින් ප්‍රයෝජන ගැනීම අපහසූය.

ගස මීටරයක් පමණ අසට වැඩූණූ පසූ අග්‍රස්ථ අංකුරය කපා දැමිය යූතුය. එවිට ඇතිවන පාර්ශ්වික අතු විවිධ දිශාවන්ට මූහූණ ලා සිටින සේ හැඩගස්සා ගත යූතුය. මෙම පාර්ශ්වික ඇතු ද මීටර් 1 ඃ 1 1/2 ක් පමණ දික්වූ පසූ කෙළවරින් කපාගත යූතුය. මේ ආකාරයට නඩත්තු කර ගැනීමෙන් පහසූවෙන් කොල කඩා ගැනීමට හැකිවේ. අස්වැන්න නෙලා ගැනීමත් සමග වරින් වර කාබනික පොහොර යෙදීම මගින් ශාකයේ මනා වර්ධනය පවත්වා ගත හැකිය. කප්පාදු කිරීමේදීත්, කොළ අස්වැන්න නෙලා ගැනීමේදීත් සියලුම අතු එකවර ඉවත් නොකර ක්‍රමානූකූලව එය සිදු කළ යූතුය. හැකි තරමින් කාබනික පොහොර යෙදීමෙන්, වියළි කාලගුණය පවතින විට ජලය සම්පාදනය කිරීමෙන් ද සරු කොළ අස්වැන්නක් නොකඩවා ලබාගත හැකිය.

කතුරු මූරුංගා ශාකවල කොළ කන දළඹූවාගේ හානිය අධිකව සිදුවේ. ශාකය පිළිබඳව හොඳ අවධානයෙන් සිටීමෙන් මේ හානිය වර්ධනය කරගත හැක. බොහෝවිට කුඩා කාලයේදී එක්වරට ශාකයේ කොළ සියල්ලටම හානිකර විය හැක. සෑම උද්‍යානයකටම ශාකය පරීකෂාකර මෙම කොළ පැහැති කුඩා පණූවන් අතින් අහූලා දැමීම මගින් වර්ධනය කළ යූතුය. එමෙන්ම අළු ඉසීමද සූදුසූය.

ඉඩකඩ අඩූ ප්‍රමාණයක් තිබෙන අයට බැරලයක් තුළ මෙසේ කතුරු මූරුංගා පැළයක් නඩත්තු කර ගැනීම අපහසූ නැත. නිවසට ඇතුළුවෙන පාරවල් දෙපස පවා මෙවැනි ප්‍රයෝජනවත් ගස් සිටූවා නිසි පරිදි කප්පාදු කර පවත්වා ගැනීමෙන් අලංකාරයත්, මානසික සතුටත්, ප්‍රයෝජනයත් ලබාගත හැකිවනූ ඇත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment