පදිංචිය වෙනස් කරන විට රැහැන් සහිත දුරකතනය වෙනස් කරගන්නේ කොහොමද?

දුරකතන භාවිත කරන ඔබට එය සම්බන්ධයෙන් නොයෙකුත් අවශ්‍යතා ඇතිවනූ ඇත. එවැනි කරුණූ 2 ක් පිළිබඳව අපි අද පැහැදිලි කර ගනිමූ.

දුරකතනය වෙනත් ස්ථානයකට රැගෙන යාම

රැහැන් සහිත දුරකතන භාවිත කරන ඔබට වෙනත් නිවසක පදිංචියට යාමට සිදුවූයේ යයි සිතමූ. එවිට ඔබගේ දුරකතනයද එම ස්ථානයට රැගෙන යාමට සිදුවනූ ඇත.

දුරකතන හිමියා විසින් අදාළ දුරකතන සමාගමට එම ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කළ යූතුය. ඒ සඳහා සකස් කරන ලද විශේෂ අයදුම් පතක් එම කාර්යාලවල පවතී. මෙහිදී විශේෂයෙන් නව නිවසෙහි ලිපිනය පැහැදිලිව සටහන් කළ යූතුය.

ඔබ පැහැදිලිව සඳහන් කළ යූතු තවත් කරුණක් නම්, දැනට භාවිත කරන දුරකතනය විසන්ධි කළ යූත්තේ කවර දිනකද යන්නයි. ඉතාමත්ම ඉක්මණින් පැරණි දුරකතනය විසන්ධි කළ යූතු නම්, එය විශේෂයෙන් සඳහන් කළ යූතුය. එමෙන්ම නව දුරකතනය ලබාදෙන තෙක් පැරණි දුරකතනය පාවිච්චි කළ යූතු නම්, ඒ බව ද දැන්විය යූතුය.

දුරකතනය කිනම් ස්ථානයක තිබූණද එහි බිල ඔබට අවශ්‍ය ලිපිනයකට ගෙන්වා ගත හැකි බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. එබැවින් ඔබගේ දුරකතන බිල ලැබිය යූතු ලිපිනයද සඳහන් කිරීමට අමතක නොකරන්න.

ඔබගේ අයදුම් පත්‍රය ලැබූණ පසූ අදාළ දුරකතන සමාගම නව ලිපිනය අනූව ඔබට රැහැන් සහිත දුරකතනයක් ලබාදීමට හැකිදැයි සොයා බලනූ ඇත. ඒ සඳහා අවශ්‍ය කදදචි තිබේදැයි පරීකෂා කරනූ ලැබේ. කදදචි තිබේ නම්, ඔබට එය පිළිබඳව දන්වා නව ස්ථානයට දුරකතනය මාරු කිරීම සඳහා අවශ්‍ය ගාස්තු පිළිබඳව දැනූවත් කරනූ ඇත. රැහැන් සහිත දුරකතන ලබාදීමට අවශ්‍ය ලඔඔපස නොමැති නම්, රැහැන් රහිත ඡඪඟං දුරකතනයක් ලබා ගැනීමටද ඔබට හැකියාවක් ඇත.

දුරකතනය වෙනත් ස්ථානයකට ගෙනයාමේදී සමහර අවස්ථාවලදී ඔබගේ දුරකතන අංකය වෙනස් වීමට ඉඩ ඇත. එකම ප්‍රදේශය තුළ ස්ථානයකට දුරකතනය රැගෙන යන්නේ නම්, ඔබගේ පැරණි දුරකතන අංකයම නව දුරකතනයටද ලබාගත හැක. නමූත් ස්වීචිය ප්‍රදේශ මාරුවන්නේ නම් අනිවාර්යයෙන්ම දුරකතන අංකය වෙනස් වනූ ඇත. උදාහරණයක් වශයෙන්, නූගේගොඩ ප්‍රදේශය තුළ ස්ථානයක භාවිත කරන දුරකතනයක් එම ප්‍රදේශය තුළම වෙනත් ස්ථානයකට ගෙන යන්නේ නම් දුරකතන අංකය වෙනස් නොවේ. නමූත් එම දුරකතනය මහරගම ප්‍රදේශයට හෝ කෑගල්ල වැනි ප්‍රදේශයකට රැගෙන යන්නේ නම්, අනිවාර්යයෙන්ම නව දුරකතන අංකයක් ලබාගැනීමට සිදුවනූ ඇත.

දුරකතන ස්ථාන මාරුවෙන් පසූව ඔබගේ දුරකතන බිල පිළිබඳව සැලකිලිමත් විය යූතුය. සමහර අවස්ථාවලදී යම් යම් අතපසූවීම් මගින් නව දුරකතන බිල ඔබට නොලැබෙන්නට පූළුවන. එවැනි අවස්ථාවකදී හැකි ඉක්මණින් ඒ බව දුරකතන සමාගමට දැනූම් දිය යූතුය. එසේ නොමැති නම් මාස කිහිපයක බිල එකතු වී ලැබෙන දුරකතන බිල ගෙවීමේදී විවිධ අපහසූතාවලට මූහූණදීමට ඔබට සිදුවනූ ඇත.

දුරකතනයෙහි අයිතිය වෙනත් අයකුට පැවරීම

දුරකතනයෙහි අයිතිය වෙනත් අයකුට පැවරීම පිළිබඳව අපි දැන් සලකා බලමූ.

ඔබගේ පවූලෙහිම කෙනෙකුට හෝ පිටස්තර අයකුට දුරකතනයෙහි හිමිකම පැවරීම සිදුකළ හැක. උදාහරණයක් ලෙස ඔබ නිවස විකුණනූ ලබයි නම් නිවසෙහි ඇති දුරකතනය නිවසෙහි නව අයිතිකරුට පැවරිය හැක. මෙහිදී දුරකතනය වෙනත් ස්ථානයකට රැගෙන යාමක් සිදුනොවේ. දුරකතනයෙහි අයිතිය වෙනත් අයකුට පැවරීම පමණක් සිදුවේ. පවූලෙහිම කෙනෙකුට දුරකතනය පවරන්නේ නම් ඒ සඳහා අයකරන පැවරුම් ගාස්තුව යම් ප්‍රමාණයකින් අඩූවේ.

දුරකතන හිමිකම පැවරීමට අයදුම් කළ හැක්කේ දුරකතනයෙහි වර්තමාන හිමිකරුට පමණි. දුරකතන හිමිකරුගේ අත්සන අදාළ දුරකතන සමාගම විසින් පරීකෂාකර බලනූ ලැබේ. අත්සන නිවැරදි නම් පැවරීම් ගාස්තු වශයෙන් ඔබට යම් මූදලක් ගෙවීමට සිදුවනූ ඇත. ඉන්පසූ දුරකතන සමාගම තමාගේ පරිගණක ජාලයේ අදාල දුරකතනයෙහි හිමිකරුගේ නම වෙනස් කරනූ ඇත.

දුරකතන හිමිකම් අයිතිය වෙනස් කිරීමෙන් පසූ ලැබෙන පළමූ බිල්පතෙහි හිමිකරුගේ නම වෙනස්වී ඇත්දැයි විශේෂයෙන් පරීකෂා කළ යූතුය. එසේ වෙනස් වී නොමැති නම් එය පිළිබඳව දුරකතන සමාගමට දැන්විය යූතුය.

ඉහත කරුණූ දෙක පිළිබඳව ඔබ යම් අවබෝධයක් ලබන්නට ඇතැයි සිතමි. ඉදිරි සතියේදී ඔබගේ දුරකතනයට ලැබෙන නිර්ණාමික ඇමතුම්වලින් ආරක්ෂා වන ආකාරය පිළිබඳව සාකච්ඡා කරමූ.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් ලබාගත් තොරතුරු ඇසූරිනි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment