අඩූ වියදමකින් කෑම මෙිසයට වෙනසක්

පිලිස්සූ කරවල මිරිස් සම්බෝලය

කුටිටි කරවල වර්ගයක් ගෙන හොඳින් සෝදා තෙත ඉවත් කර දර ලිපෙහි නම් කෙසෙල් කොළයක ඔතා තද රස්නයේ අඟුරුවලින් වසා පූළුස්සා ගන්න. මිරිස්ද එසේම කරන්න.
දර ලිපක් නොමැති නම් ගෑස් ලිපේ පූළුස්සා ගත යූත්තේ තූරක රඳවා ගින්නෙහි පූළුස්සා ගැනීමෙන්ය.

මිරිස් ද මෙසේ පූළුස්සා ගැනීම වඩාත් හොඳය.

කරවල ග්‍රෑම් 100

වියළි මිරිස් කරල් 7ඃ8

පූළුස්සා ගත් කරවල සහ මිරිස් හීනියට අඹරාගන්න. මෙයට තමන් කැමති නම් හීනියට ලියාගත් ළුෑනූ, අමූමිරිස් එක්කර දෙහි යූෂ දමා කෑමට ගන්න.




පහසූවෙන් සොයාගත හැකි කොළ වර්ගවලින් විවිධ මැල්ලුම් වර්ග පිළියෙල කරගත හැකියි. සාමාන්‍යයෙන් ඔබ මැල්ලූමක් පිළියෙල කරන විට යොදාගන්නා කොළ වර්ග එක මිටට ගෙන ලියාගැනීමට පූරුදු වී සිටිය යූතුය.

මැල්ලුමක් ලියන විට එකම අතකට ලියා ගන්න.

එයින් කොළවල කහට ගතිය නැති වී යන අතර මැල්ලුමේ ප්‍රියමනාප බවක් ඇති වේ.

එසේම මැල්ලුම් මලවන විට පියනකින් වසා පිසින්නටත් එපා.

එය කොළ පැහැය නැති වී යාමට හේතුවකි.

ලිපෙන් ඉවතට ගත් විගස දෙහි යූෂ දමන්නත් එපා.

කතුරුමූරුංගා කොළ සහ කරපිංචා දළු මැල්ලූම

අවශ්‍ය ද්‍රව්‍ය

කතුරුමූරුංගා කොළ ටිකක්

කරපිංචා දළු 10 ක් පමණ

රතුළුෑනූ ගෙඩි 5 ඃ 6

කහ ටිකක්

පොල් ස්වල්පයක්

මිටිකිරි තේ හැඳි 1

අමූමිරිස් කරල් 2

සාදන ක්‍රමය

කතුරුමූරුංගා කොළ හොඳින් සෝදන්න. වතුර බේරෙන්නට හැර සිහින්ව ලියාගන්න. කරපිංචා දළුත් සිහින්ව ලියාගන්න. ඉන්පසූ ලියාගත් ළුෑනූ, අමූමිරිස්, ලුණූ, කහ සහ පොල් හොඳින් මිශ්‍රකර කතුරුමූරුංගා සහ කරපිංචාවලට එක්කරගන්න.

හටිටියක් ලිප තබා එය සමාන්‍යයෙන් රත්වී ගෙන එන විටදී සකස් කරගන්නා ලද කතුරුමූරුංගා මිශ්‍රණය මෙයට එක්කර හොඳින් හැඳිගාන්න. මැලවී ගෙන එන විට මිටිකිරි තේ හැන්ඳක් එක්කර ලිපෙන් ඉවතට ගෙන හොඳින් හැඳි ගා දෙහි යූෂ එක්කරගන්න. නැවත මද වේලාවක් පියන ඇර තබන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment