රස වගේම ගුණ සෞභග්‍යය සංකේතවත් කරන කෙසෙල්

අතීතයේ සිට වර්තමානයේ අපටද සමීප පලතුරක් හැටියට කෙසෙල් හඳුන්වාදීමට පූළුවන්. සෑම නිවසකම වාගේ කෙසෙල් ගසක් වවා තිබෙනූ බොහෝ විට අපට දක්නට ලැබෙයි. ඒ අතර විවිධ වර්ගයේ කෙසෙල් ගස් සිටූවා තැබීම විශේෂයකි.

සිංහලයෙන් රඹ ලෙස හඳුන්වන කෙසෙල්, බනානා, ප්ලාන්ටන් යන ඉංග්‍රීසි නාමයෙන්ද හඳුන්වනූ ලබයි.

ලොවෙහි කෙසෙල් වර්ග 40 ක් පමණ තිබෙන අතර ඉන්දියාවේ වැඩි වශයෙන් වගා කරන පලතුරක් ලෙසට හඳුන්වා දීමට පූළුවන්.

කෙසෙල් පලතුරක් විදිහට අප ආහාරයට ගනූ ලැබූවත් එහි ඖෂධීය වටිනා කමක්ද තිබේ. සිංහල ආයූර්වේදයේ ඔසූ සඳහා යොදා ගනූ ලබයි. අප ආහාරයට ගන්නා පැසූණූ කෙසෙල් ගෙඩිවල සියයට 22 ක් සීනි අන්තර්ගත වන අතර පිෂ්ඨය, මේදය, ශාර පදාර්ථ, විටමින් සී බහූල වශයෙන්ද විටමින් බී, ඛනිජ ලවණ, පොස්පරස්, පොටෑසියම් ආදී විටමින් වර්ග වලිනූත් අනූනය.

එදිනෙදා ආහාර වේලෙන් පසූ කෙසෙල් ගෙඩියක් ආහාරයට ගන්න යැයි පවසන්නේ එහි ආහාර ජීර්ණය පහසූ කරවීමේ මාහැඟි ගුණය තිබෙන බැවිනි.

කෙසෙල් අතුරින් වෑංජනයක් ලෙසට හා ඔසූවක් ලෙස වැඩියෙන් ප්‍රයෝජනයට ගනූ ලබන්නේ අළු කෙසෙල්ය.

වැඩි වශයෙන් පලතුරක් විදියට අප ප්‍රයෝජනයට ගනූ ලබන්නේ ආනමාලූ, කෝලිකුටිටූ, ඇඹූල්, වල් සූවදෑල් වැනි කෙසෙල් වර්ගයන්ය.

ගම්බද ජනයාගේ රසවත් ආහාරයක් ලෙසට කෙසෙල් මූව, කෙසෙල් බඩ පෙන්වාදිය හැක. ඒ වගේම ගුණ ආහාරයක්ද වෙයි.

මදක් පැසූණූ කෙසෙල් ගෙඩි පිටි අයූරින් සකසා විවිධ ආහාර වර්ග නිෂ්පාදනයට යොදා ගනී. ඒ වගේම රසවත් පානයක් ලෙසටත් අතුරුපසක් ලෙසටත් ගත හැක.

විවිධ වර්ගවල කෙසෙල් තිබෙන අතර එම එක් එක් වර්ගවල කෙසෙල් විවිධ රෝග සඳහා ගුණ දායක වේ.

උදාඃ

ආනමාලූ කෙසෙල් ඃ

සීතල ගුණයෙන් යූතු අතර ගෑස්ට්‍රයිටිස් රෝගයට ගුණ දායක වේ.

ඇඹූල් කෙසෙල් ඃ විටමින් සී ලැබෙන අතර මල පිටකිරීම අපහසූ අයට ගුණදායකය.

කෝලිකුටිටූ

ගුණවත් පලතුරක් වන අතර සිරුර පෘෂ්ඨිමත් කිරිමේ හැකියාව ඇත.

හින්දු ජනයාගේ සියලූම සූබ කටයූතු සඳහා කෙසෙල් ප්‍රයෝජනවත් වන අතර අපගේ සිංහල සංස්කෘතියට අනූව ද ප්‍රධාන තැනක් කෙසෙල්වලට ලැබී ඇත.

සිංහල ජනයා කෙසෙල් හඳුන්වන්නේ යස ඉසූරින් පිරුණූ සංකේතයක් හැටියටය.

අපගේ ඕනෑම චාරිත්‍ර වාරිත්‍ර උළෙලකදී කෙසෙල් ඇවරියට මූල් තැන හිමි වී තිබෙන්නේ ඒ නිසා විය යූතුය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment