කුඩා කල නොදැන ගත් උපත් පාලන පෙති දැන් සිරුරට අගුණ වේවිද?

what to do if you've taken an extra contraceptive pill by accident?
Female birth control pills are intended to prevent contraception in women



ප්‍රශ්නය

වෛද්‍යතුමනි මෙම ගැටලුව මටත් මගේ නැගණියටත් පොදු වූ එකකි. මගේ දෑන් වයස අවූරුදු 19 කි. නැගණියගේ වයස අවූරුදු දාහතකි. අප දෙදෙනා අතර ඇති වයස් පරතරය අවූරුදු එකහමාරක් පමණ වේ.

වෛද්‍යතුමනි අපට ඇති ගැටලුව මෙයයි. අප කුඩා කාලයේදී එනම් වයස අවූරුදු දෙකේදී හා එකේදී වැරදීමකින් පවූල් සැලසූම් ගිලින පෙති කා ඇත. අපට මෙය මැතකීදී දෑන ගන්නට හැකිවූයේ අපේ මව මේ පිළිබඳ පැවසීම නිසයි.

ඒ පිළිබඳ දන්නවා ප්‍රතිකාර ගැනීමට ගිය විට වෛද්‍යවරයා පවසා ඇත්තේ ඒ මොහොතේ වමනය කරවීමට තිබූ බවකි. අප දෙදෙනාම වැඩිවියට පත් වීමප්‍රමාද විය හැකිබවය. එහෙත් වෛද්‍යතුමනි අප දෙදෙනා වැඩිවියට පත් වූයේ වයස අවූරුදු දහහතරේදී හා දහතුනේදී ය.

වෛද්‍යතුමනි දෑන් මට තවත් ගැටලුවක් පැන නැගී ඇත. එනම් මගේ ලිංගේන්ද්‍රය ද කුඩාවට පිහිටා තිබීමයි. එසේ වීමට හේතුව මා කුඩා කළ කෑ පවූල් සැලසූම් පෙතිවල බලපෑමද?

කල්පිටියේ දිල්රුක්ෂි

පිළිතුර

කුඩා දරුවන් සිටින දෙමාපියන් හා වැඩිහිටියන් තමන් භාවිතයට ගනූ ලබන ඖෂධ ඉතා සැලකිල්ලෙන් හා ප්‍රවේශමෙන් පරිහරණය කිරීමට වග බලා නොගැනීම පිළිබඳ ඇතිවන අනිටූ ඵල විපාකයට මේ කදිම නිදසූනකි.

කුඩා දරුවන් අතට හසූවන ඕනෑම දෙයක් කටට දමා ගනී. ඒ ඔවූන්ගේ ස්වභාවයයි. ඒ නිසා විශේෂයෙන් වැඩිහිටියන්ගේ ඖෂධ ආරක්ෂා සහිතව තබා ගැනීමට වග බලා ගත යූතුය. ඒවා ආරක්ෂිත බහලුම්වල තබා ගත යූතුය. වෙනත් රටවල නම් ඖෂධ බහූලුම් දරුවන්ට පහසූවෙන් විවෘත කිරීමට නොහැකිවන අයූරින් පිළියෙල කර ඇත. ලංකාවේ එවැනි තත්ත්වයක් නැති නිසා දෙමාපියන් හා වැඩිහිටියන් තම ඖෂධ ආරක්ෂා සහිතව තබා ගැනීමට වඩ වඩාත් සැලකිලිමත් විය යූතුය.

පවූල් සංවිධාන ගිලින පෙති ඇසූරුමේ ඇති සූදු පාට පෙති හෝමෝන පෙතිවන අතර දුඹූරු පැහැ පෙති 7 සීනි තැවරූ යකඩ අඩංගු පෙතිය.

මෙහි විශේෂ වූ ගුණයක් හෝ අගුණයක් නැත. දුඹූරු පැහැති පෙති වල අඩංගු සිනි නිසා ඔබලාට එය කෑමට සිතීම අරුමයක් නොවේ.

හෝමෝන පෙතිවල ක්‍රියාකාරිත්වය බලපාන්නේ එය ගෙන දින කිහිපයකට පමණි. මින් බොහෝ කාලයක් බලපෑම් ඇති කරන්නක් නොවන වග තරයේම මතක තබා ගත යූතුය. එම නිසා ඔබ කුඩා කල ගත් එම ඖෂධය පිළිබඳ අනියත බියක් ඇති කරගත යූතු නැත.

යෝනි මාර්ගයේ කුඩා වීමක් සිදුවී ඇතැයි ඔබ පැවසූවත් ඔබේ වයසේදී එවැන්නක් සිදුවිය නොහැකිය. ඒ පිළිබඳ සැකයක් ඇති කර නොගෙන දෛනික කටයූතුවල යෙදෙන්න.

ප්‍රශ්නය

වෛද්‍යතුමනි මම විසි එක් හැවිරිදි තරුණියක්මි. කාලයක් තිස්සේ පැවතුණූ සූද යෑමේ රෝගී තත්ත්වය දෑන් උග්‍ර වෙමින් පවතියි. මෙය මට මහත් ගැටලුවකි. වෛද්‍ය ප්‍රතිකාර ගත්තද එහි අඩූවක් දක්නට නොලැබේ.

සූද යෑමේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයකැයි මා අසා ඇතත් බියක් දෑනේ.ප්‍රතිකාර ගැනීමට හැකි මගක් කියන්න.

බණ්ඩාරගම සිතාරා

පිළිතුර

සූද යෑමේ තත්ත්වයේදී ඝන ස්වභාවයෙන් පිටවීම, පෙන සහිත ශ්‍රාවයක් වීම, දුගදක් ඇතිවීම සහ ලේ මිශ්‍රිත ස්වභාවයක් ඇතිවීම, යෝනි මාර්ගය අවට කැසීමක් ඇතිවීම, මෙවැනි ලක්ෂණ ගණනාවක් දෑකිය හැකිය.

සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි දියරයක් පිටවීමත් මෙවැනි ආසාදනයක ලක්ෂණය.

ඒ කෙසේ වූවත් විශේෂයෙන් දුඹූරු පැහැති ශ්‍රාවයක් පිටවීමත් සංසර්ගයකින් පසූ දුගදක් ඇතිවීමත් ඊ්කඔෑසෘෂ්ඛ ඪ්ඨෂභධීෂී නම් රෝගයේ ලක්ෂණයකි.

මීට අමතරව කලාතුරකින් ගොනෝරියා වැනි සමාජ රෝගවලදී ඉතා දුගදකින් යූතු ශ්‍රාවයක් පිටවන අයූරු දැකිය හැකියි.

මේ සියලු රෝග ලක්ෂණ හා රෝග තත්ත්වයන් ඖෂධ මගින් සාර්ථක ලෙස සූව කර ගත හැකියි.

ඉතා කලාතුරකින් සමහර දිලීර තත්ත්ව සඳහා මාස තුනක් සිට හය දක්වා වැනි දීර්ග කාලයක් ඖෂධ භවිතයට ගැනීමට සිදු වේ.

ඔබේ සහකරුටද මෙම රෝග තත්ත්වය වැළඳීමට ඉඩකඩ ඇති බැවින් ඔහූටද ප්‍රතිකාර කළයූතු වේ. එහෙයින් ප්‍රතිකාර ගැනීමේදී ඔබ දෙපළම ප්‍රතිකාර ගැනීම වැදගත්ය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment