විදුලිබිල අඩු කරන රහස් -ආහාර පිසීමට ලාබම ඉන්ධනය කුමක්ද?

domestic electricity cost
monthly electricity bill is calculated formula
විදුලි අය ක්‍රමය



නිවසක වැඩිම බලශක්ති පරිභෝජනයක් සිදුවන්නේ නිවසේ මූළුතැන්ගෙයි නැතිනම් කුස්සියේ බව ඔබ මොහොතකටවත් සිතුවාද? විදුලි බලය, දර එල්. පී. ගෑස් මෙන්ම භූමිතෙල් යන සියලු බලශක්ති මූළුතැන්ගෙයි දක්නට ඇත. එමනිසා එය බලශක්ති ගබඩාවකි. එසේනම් නිවසක බලශක්තිය සංරක්ෂණය ඇරඹිය යූත්තේ කුස්සියෙන් නොවේද? එසේ සිතන විට නිවසේ විදුලි බිල අඩූකර ගැනීමේ ප්‍රධාන වගකීම ඇත්තේ ගෘහනිය සතුව බව ඔබට වැටහෙනූ ඇත.

ලංකාවේ තවමත් භාවිත බල ශක්තිවලින් වැඩි කොටස එනම් සියයට 53 ක් දර ඉන්ධනය. එසේ වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ආහාර පිසීම හා භාවිත කරන බලශක්තිය දර වීම නිසාවෙනි. එමෙන්ම ආහාර පිසීම කාර්යය සඳහා ලාබදායකම ඉන්ධන දරය. විදුලි බලය යනූ එල් පී ගෑස් සහ භූමිතෙල්වලට වඩා ආහාර පිසීම සඳහා වැඩි වියදම් ඉන්ධන ප්‍රභවයකි. එය තේරුම් ගැනීම සඳහා අපි ජලය ලීටරයක් උණූ කිරීම සඳහා වැයවන බලශක්ති වියදම උදාහරණය ලෙස ගණනය කර බලමූ.

ජලය ලීටරයක් උණූ කිරීම සඳහා විදුලි බලය යොදා ගතහොත් ඒ සඳහා විදුලි බලය 0ග1425ණඋය (කිලෝ වොටි පැය) වැය වේ. එම විදුලි බලය සඳහා වැයවන මූදල ගණනය කිරීම සඳහා ඒ ඒ නිවාසවල විදුලි වැයවීම අනූව ඔවූන් අයත් විදුලි බල කාණ්ඩය විමසා බැලිය යූතුය.

ආහාර පිසීම සහ ජලය රත් කිරීමේ කාර්යය සඳහා විදුලි බලය යොදා ගන්නා නිවසක විදුලි ඒකක ප්‍රමාණය අනිවාර්යයෙන්ම ඒකක 90 ට වඩා වැඩි වේ. එමනිසා ඉහත විදුලි අය ක්‍රමයේ ඒකක 91 සිට 180 දක්වා විදුලි ජනන කාණ්ඩයට අයත් නිවසක ජලය ලීටරයක් උණූ කිරීම සඳහා යන වියදම ගණනය කළ විට එය රු. 3.25 කි. එමෙන්ම ඒකක 90 ත් 60 ත් අතර විදුලි ඒකක ඇති නිවසක ජලය ලීටරයක් උණූ කිරීම සඳහා යන විදුලි වියදම ශත 0.89 කි.

අනෙක් අතට විදුලිය වෙනූවට එල්පී ගෑස්, ජලය රත් කිරීම සඳහා යොදා ගතහොත් ඒ සඳහා එල් පී ගෑස් 13 ග ක් වැය වේ. එය මූදල්මය ලෙස ගණනය කර බලමූ. වර්තමානයේ එල් පී ගෑස් සිලින්ඩරයක මිල 1,309.00 කි. එම සිලින්ඩරයේ එල් පී ගෑස් 12ග5නට ඇත. ඒ අනූව ජලය ලීටරයක් උණූ කිරීම සඳහා වැය වන්නේ රු. 1.36 කි.

මීට අමතරව ජලය ලීටරයක් උණූ කිරීම සඳහා දර භාවිත කළහොත් දර සඳහා යන වියදම ද අපට ගණනය කර බැලිය හැක. දර සඳහා යන වියදම දර භාවිත කරන ලිප් වර්ගය අනූව වෙනස් වේ. සාම්ප්‍රදායික ගල් තුනේ ලිප සහ අනගි ලිප මෙන්ම වර්තමානයේ නර්ඩ් ආයතනයෙන් හඳුන්වා දී ඇති දර වායූ ලිප සහ ජීව ඉන්ධන බත් පිසිනය ආදී ඕනෑම ලිපක් ගතහොත් ජලය ලීටරයක් උණූ කිරීම සඳහා වැය වන්නේ සත ගණනකි.

දර භාවිත කර ආහාර පිසීමේදී භාවිත කළ හැකි කාර්යකෂම දර උඳුන් වර්ග පිළිබඳ මීළඟ කලාපයකින් විමසා බලමූ.

ඒ අනූව දැන් ඔබට තේරුම් ගත හැකියි. තම නිවසේ ආහාර පිසීම සඳහා විදුලිය භාවිත කිරීම කොතරම් අකාර්යකෂම කාර්යයක්ද යන්න. මේ නිසා නිවසේ ආහාර පිසීම සහ ජලය උණූ කිරීම සඳහා දර හෝ එල්.පී. ගෑස් භාවිතයට ගැනීම ඔබේ ආර්ථිකයට යහපත් වේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment