සූද යාම සිරුර කෙටිටූ වීමට හේතුවක්ද?



සූද යාම සිරුර කෙටිටූ වීමට හේතුවක්ද?

මගේ වයස අවූ. 28 කි. තවම විවාහ වී නොමැත. ටික කලක සිට මට සූද යෑම පවතී. ඇඟ කෙටිටූ වන බවක් ද දැනේ. මේ සඳහා ප්‍රතිකාර ගැනීම අවශ්‍යද? මෙයට විසඳුම කුමක්ද?

ඔබගේ වයසේ කාන්තාවකට සූද යෑම වශයෙන් බහූලව භාවිත වන යෝනි මාර්ගයෙන් ශ්‍රාවය පිටවීම සාමාන්‍ය දෙයකි. යෝනි මාර්ගය සහ ඊට ඉහළින් ඇති ගර්භාෂ ප්‍රදේශය සාමාන්‍යයෙන් තෙත්ව පවතී. මීට හේතුව එම ප්‍රදේශය වැසී ඇති පටක වල ග්‍රන්ථීන් තිබීමත් එම ග්‍රන්ථීන් මගින් ස්‍රාවයන් පිට කිරීමත්ය. මෙය සිදු නොවූනහොත් එම ප්‍රදේශය වියලී යෑමෙන් වේදනාව ඇතිවිය හැක. මෙවැනි ගැටළු ඇතිවීම වළක්වාලීමට ස්වභාවිකවම ඇති කරන ස්‍රාවයන් වැඩි වූ විට පිටතට ගලා ඒම සාමාන්‍ය දෙයකි. මේ සඳහා වෛද්‍ය උපදෙස් සෙවීම අවශ්‍ය නැත.

නමූත් යම් හෙයකින් මීට අමතරව වෙනත් ගැටළු ඇති නම් ඒ සඳහා ප්‍රතිකාර ගත යූතුයි. ඒ නම් මෙම පිටවන ස්‍රාවයේ විශේෂ පැහැයක් හෝ විශේෂ ගඳක් ඇත්නම් හෝ ඒ සමගම යෝනි මාර්ගයේ දැවිල්ලක් හෝ කැසිල්ලක් ඇත්නම් මෙය විෂබීජ ආසාදනයකින් සිදු වූවක් විය හැක. මෙවැනි රෝග ලක්ෂණ ඔබට ඇත්නම් වහාම ප්‍රතිකාර ලබාගත යූතුයි.

ඔබගේ ඇඟ කෙටිටූ වීම කිසිසේත්ම සූද යෑමට සම්බන්ද දෙයක් නොවේ. ඇග කෙටිටූ වීම පැහැදිලිවම දැකිය හැකි ප්‍රමාණයට සිදුවේ නම් හෝ ශරීරයේ බර ක්‍රමයෙන් අඩූ වේ නම් වෛද්‍යවරයකු හමූ වී එයට හේතුව සොයා බැලීම කල යූතුයි.

විවාහ වී වසර හතරකි තවම දරුවන් නොමැත
වයස අවූ( 33 වන මට දරුවන් නොමැත. විවාහ වී අවූරුදු 4 කි. එක වරක් ගැබ් ගැනීමක් සිදුවිය. මාස 2 කදී එය ගබ්සා විය. ඉන්පසූ මගේ මාසික ශුද්ධ වීම අපිළිවෙල වී ඇත. මම දැන් දරුවකු බලාපොරොත්තුවෙන් සිටිමි. ඔසප් අපිළිවෙල බැවින් නැවත දරුවකු ලැබීමට නොහැකි වේද? ගැබ්ගෙන එය නැතිවීම නැවත සිදුවිය හැකිද?

ඔබගේ ඔසප් වීම අපිළිවෙල වීම කෙතරම් කලක් තිස්සේ ඇත් ද යන්න ඔබගේ ප්‍රශ්නයේ සඳහන් වී නැත. ගැබ් ගැනීමක් සිදු වී එය නැති වූ අලුත ඔසප් වීම අපිළිවෙල වීම සාමාන්‍ය දෙයකි. ගැබ් ගැනීමට පෙර ඔසප් වීම පිළිවෙලට සිදු වූයේ නම් ඒ පිළිබඳ බිය විය යූතු නැත. මාස කීපයක් යන වට එය නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වේ. එනම් ගර්භනී මවකගේ ශරීරයේ සිදුවන හෝමෝන වෙනස් කම් නිසා ඇයගේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බ පිටවන්නේ නැත. ගර්භය ඉවත් වී ටික කලක් යනතුරු මෙම හෝමෝන ශරීරයේ සාමාන්‍ය තත්ත්වයට පත් වන්නේ නැත.


නමූත් මෙය සිදු වී දැන් වසර කීපයක් නම්, එනම් වසර ගණනාවක්ම ඔසප් වීම අපිළිවෙල නම් බලා සිටීම යෝග්‍ය නොවන්නේ ඔබ වයස් ගතවන බැවිනි. එබැවින් වෛද්‍යවරයකු හමූ වී ප්‍රතිකාර ගැනීම සූදුසූ වේ. කෙසේ වෙතත් ඔබට වරක් ගැබ් ගැනීමක් සිදු වූ කාන්තාවක් බැවින් දරුවකු ලැබීමට නොහැකි මඳසරු තත්ත්වයක් ඔබට නැත. එනම් ඔබගේ ශරීරයේ ගැබ් ගැනීම සම්බන්ධව සරු තත්ත්වයක් ඇති බව ඔප්පූ වී ඇත. එබැවින් ඔබ කල් නොහැර දරුවකු ලැබීමට උත්සාහ කල යූතුය. තවද වරක් ගර්භයක් නැති වූ පමණින් එය නැවත නැවත සිදුවිය යූතු නැත. එබැවින් ඔසප් වීම යථා තත්ත්වයට පත් කරගෙන ගැබ් ගැනීමට උත්සාහ කල යූතුයි. ගැබ් ගැනීමක් සිදු වූ විට වෛද්‍යවරයකු හමූවීම පමා නොකර සිදු කල යූතුයි.


අප විවාහ වී වසර 2 1·2 ක් පමණ වේ. මගේ වයස අවූ( 31 කි. තවම දරුවන් නොමැත. පළමූ වසර 1 1·2 තුළ අප දරුවකු පිළිබඳ උනන්දු වූයේ නැත. නමූත් දැන් වසරක පමණ කාලයක සිට උත්සාහ කලද දරු පල නොමැත.
වසරක පමණ කාලයක් උත්සාහ කිරීමෙන් පසූ දරුඵල නොමැති නම් එය ගැටලු සහගත තත්ත්වයකි. එබැවින් වෛද්‍යවරයකු හමූවීමට යා යූතුයි. ඔබගේ වයස සලකා බලන කල ඔබ දරුඵල ලැබීමට සූදුසූ වයසේ පසූවන නමූත් ප්‍රතිකාර ගැනීම පමා කිරීම අනූවණ ක්‍රියාවකි. දරුඵල නොමැති කම හෙවත් මඳ සරු භාවයට හේතුන් කාන්තාව තුළ ඇති ගැටලු තුළ ඇති ගැටලු හෝ මේ දෙදෙනාගේම ගැටලුත් විය හැක. බොහෝ විට ඉතාම සරල ප්‍රතිකාර ක්‍රමයකින් මෙම ගැටලු විසඳා ගත හැකි වේ. සමහර අවස්ථාවල දෙපාර්ශවයේම කිසිම ප්‍රශ්නයක් නොමැති වූවද දරුඵල නොමැති අවස්ථා දැකිය හැකිය. මේ සඳහා ද විකල්ප ප්‍රතිකාර ක්‍රම ඇත. එබැවින් ඔබේ ගැටලුව වෛද්‍යවරයකු හමූ වී සාකච්ඡා කිරීම වහාම කළ යූතුය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment