සූබ නැකත හා විවාහය විද්‍යාත්මක පැතිකඩ




නැකත හෙවත් සූබ හෝරාව සමාජ විද්‍යානූකූලව විග්‍රහ කිරීමේ දී එහි වටිනාකම අංශ කීපයක් ඔස්සේ දැක්විය හැකි ය.

පෙරදිග ලෝකයේ මිනිසූන් ලෙස විවාහය අපි දකින්නේ වැඩි වැඩ කොටසක් ඇති දිනයක් ලෙසට යි. යම් වැඩ කටයූත්තක් කරන විට ඒ ගැන සොයා බලා කටයූතු කිරීම පෙරදිග ජනයාගේ සිරිතක්. එතකොට මේ සොයා බැලීම විවාහයක් සිදුවන දිනයේ දී තවත් වැඩි වෙනවා. නෑයෝ එකතු වෙනවා. එදිනට තිබෙන වැඩ බොහොම සංකීර්ණ යි. මේ සංකීර්ණ වැඩ කටයූතු සැලසූම් සහගතව, නියමිත වේලාවේ දී ඉටූ කිරීමයි නැකත්වලින් සිදුවන්නේ. නැකතක් අනූව වැඩ කටයූතු කරන විට එම කටයූත්ත කලින් සිදුවෙන්නෙත් නෑ. ප්‍රමාද වෙන්නෙත් නෑ. අවශ්‍ය වෙලාවට සිදුවෙනවා. මෙය තමයි සමාජීය පැත්තෙන් තියෙන වැදගත් දේ. යම් කාර්යයක් පසූ නොකර කිරීම විවාහය වැනි කටයූත්තක දී ඉතාම ඉහළ යි.

යම් කටයූත්තක් නැකතට අනූව ඉටූ කරනවා කියන්නේ සමාජයේ පවතින සම්ප්‍රදායන්ට ගරු කිරීමක්. එය තමා තමන්ට කරන ගරු කිරීමක් හා තමන් සම්ප්‍රදායට කරන ගරු කිරීමක්.

කුමන අරුතකින් ගත්තත් විවාහය අවස්ථාවේ දී පමණක් නොව අන් කවර අවස්ථාවක දී වූවත් නැකත්වලට අනූව වැඩ කිරීම සම්ප්‍රදායට අනූගත වීමක් ලෙස අපට දක්වන්නට පූළුවන්. නැකතට ඇත්තේ ජ්‍යෙතිෂ්‍ය වටිනාකමක්. මෙය පෙරදිග නක්ෂත්‍ර විද්‍යාවක්. මෙය තාරකා විද්‍යාව නොවෙ යි.

අපට අනාගතය දකින්න බෑ. අවිනිශ්චිත යි. ඒ වගේම මිනිසූන් ගැන නිවැරදිව කියන්නත් බැහැ. මේ පදනමින් තම යි ජ්‍යෙතිෂ්‍ය අපේ සමාජයට එකතු වෙන්නේ. විවාහය වගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක දී ජ්‍යෙතිෂ්‍යයෙහි ප්‍රයෝජන ගන්න මිනිස්සූ පෙළඹෙනවා. ඒ අපි මූලින් කියූ විදියට අනාගතය ගැන හෝ මිනිසූන් ගැන නිවැරදි දැනීමක් ලබන්න බැරි නිසා. නිවැරදි නැකතක් අනූව කටයූතු කිරීමෙන් සියලු දේ සූබ වේවි කියන විශ්වාසයෙන්.

පෙරදිග විද්‍යාව අනූව එනම් ජ්‍යෙතිෂ්‍යය අනූව බැලුවාම නැකත කියන්නේ සූබ වෙලාවක්. දවසේ තියෙන නරක, අසූබ කාල මග හැර සූබ වේලාවක් තෝරා ගැනීම යි මෙහීිදී සිදුවන්නේ.

විවාහය තීරණාත්මක අවස්ථාවක් නිසා මේ කටයූත්තෙ පෙරදිග විද්‍යාව එනම් ජ්‍යෙතිෂ්‍යය අනූව කිරීම හොඳ බව පැරැන්නෝ සිතුවා.

මෙහි දී තවත් පැත්තක් තිබෙනවා. විවාහයක දී බොහෝ විට එකතු වන්නේ නොදන්නා දෙන්නෙක්. එවිට හඳහන් බලනවා. පොරොන්දම් ගලපනවා. මේවායිනූත් සිදු කරන්නේ තමාගේ ජීවිතයට එකතු වෙන කෙනා මොනවගේ ද, ඔහූ හෝ ඇය සමග එකට ජීවත් වෙන්න පූළුවන් ද, විවාහය සාර්ථක වේවිද කියන කාරණා ගැන සොයා බැලීම යි. මේ කාරණාවත් පෙරදිග විද්‍යාවට අයිති යි. ඇවැස්ස විවාහයක දී මේ හඳහන් බැලීම හෝ පොරොන්දම් ගැලපීම සිදු කරන්නේ නෑ. ඇතැම් විට අද සම්ප්‍රදායට අනූව මේ දේවල් කරනවා. නමූත් මේ දෙදෙනා විවාහයට තීන්දු කරලා තියෙන්නේ. ඒ නිසා නොදන්නා කෙනෙකුගේ මෙන් පොරොන්දම් ගැලපෙන්නේ නැතිනම් විවාහය සිදු නොකර තිබෙන්නේ නෑ. දේශීය සම්ප්‍රදාය අනූව නැකත අත් හරින්නේ නෑ. විවාහයකදී පමණක් නොවේ. ඕනෑම සූබ කටයූත්තක දී නැකත් අනූව වැඩ කරන්නට මිනිසූන් උත්සාහ කරනවා.

යොදාගත්ත සූබ නැකතටම විවාහය සිදු කළා. ඒ පෙරදිග විද්‍යාව මිනිසූන් යොදාගත් ආකාරය යි.

විවාහය සම්බන්ධයෙන් බැලුවොත් ජන සමාජය පිළිගන්න විදියට විවාහයක පදනම, ආකෘතිය සමාජය පිළිගත්, අනූමත කළ සම්බන්ධයක්. මෙය සමාජ ව්‍යූහය ඇතිවීමේ පදනම යි. පවූලක් ගොඩ නැගෙන්නේ විවාහයක් තුළින්. පවූල කියන්නේ මූලික සංස්ථාව. නෑයන් අතර බැඳීම, අලුත් නෑකම් ඇතිවීම විවාහය හරහා සිදුවෙනවා. නෑකම්, අපේ ජීවිතයේ ප්‍රබලම සම්බන්ධතා වෙනවා. එහෙම නම් විවාහය කියන්නේ සමාජය ගොඩ නැගීමේ පදනම කියලා අපට කියන්නට පූළුවන්. සමාජයක් ගොඩ නැගීමට මූල් අඩි තාලම දමන දිනයේ, එනම් විවාහය සිදු වෙන දිනයේ නැකත ගැන මිනිසූන් තබාගත් විශ්වාසය ඉතාම ඉහළ යි. එයින් බලාපොරොත්තු වූණේ විවාහයේ ස්ථිර බව යි.


සෑම සමාජයකම විවාහයට පෙර ලිංගික සම්බන්ධකම් පිළිගැනූනේ නෑ. එය තහනම් ක්‍රියාවක් ලෙස යි සමාජය සැලකුවේ. සමාජය විදිමත්ව පවත්වා ගැනීමට යි මේ තහංචිය පනවා තියෙන්නේ. ඒ නිසා විවාහය කියන්නේ පූද්ගලයාගේ ලිංගික අවශ්‍යතා ඉටූකර ගැනීමට සමාජය මගින් දෙන අවසරය ලෙස අපිට සලකන්නට පූළුවන්. මෙන්න මේ කාරණය මත විවාහය පූද්ගලයකුගේ පළමූ ලිංගික අත්දැකීම හා සමග සම්බන්ධ යි. නමූත් මෙය හැම අවස්ථාවකම මේ ආකාරයෙන් සිදුවෙනවා කියලා අපට කියන්න බැහැ.

මෙයින් බලාපොරොත්තු වන්නේ ඊළඟ පරපූර වන, දරුවන් ගොඩනැගීම. එවන් සමාජ ජීවිතයක් ආරම්භයට හොඳ වේලාවක් බැලීම, වස්දොස් නැති කිරීම තම යි පෙරදිග මිනිසූන්ගේ සිරිත. මෙය දැන් සම්ප්‍රදාය වෙලා.

විවාහය දිගුකාලීන සමාජ සම්බන්ධයක්. එය දිගු කාලීනව තබා ගැනීමට එක් එක් සමාජ විවිධ දේ කරනවා. විවාහය කියන්නේ නිකම්ම දෙදෙනෙක් අතර ඇතිවන සම්බන්ධයක් නෙමෙ යි. දෙපාර්ශ්වයක අය අතර, ළඟ ඥාති සම්බන්ධකම් ඇති වීමක්. විවාහයේ දී දෙදෙනෙක් නෙමෙයි එකතු වන්නේ. පාර්ශ්ව කීපයක්. එවැනි සන්ධිස්ථානයක දී නැකත් අනූගමනය කිරීම වඩාත් උචිත දෙයක් ලෙස අතීතයේ පටන් සැලකූවා. එහෙම හිතන්න හේතුව වූණේ මේ හැම දේකටම වඩා වැදගත් වන්නේ විවාහයක ස්ථිර බව නිස යි.

විවාහ වන දෙදෙනා අතර පමණක් නොවෙ යි. මේ ස්ථාවර බව එකතු වූ සියලු පාර්ශ්ව අතර තියෙන්නට ඕන. මේ ස්ථාවර බව පරික්ෂා කරන්නට ඇතැම් ගෝත්‍රික සමාජ තුළ ආහාර පාන, රෙදි පිළි, සත්තු පවා හූවමාරු වූණා. ස්ථාවර බව ඇති කර ගැනීම ඉන් සිදු වූණා. අපි ගෝත්‍රික මටිටමින් ඉහළට ගිය පිරිසක්. ඒ නිසා අපි අපට ස්ථාවරයක් හදාගන්න පූළුවන් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. ඒ නැකැත් බැලීමයි.

ජ්‍යෙතිෂ්‍යයට අනූව නැකත් අඩූ වැඩි වන මාස තිබෙනවා. සූර්යයාගේ හා සූර්ය ග්‍රහ මණ්ඩලයේ හැසිරීම අනූව යි නැකත් යොදා ගන්නේ. අපේ්‍ර්ල් මාසයෙන් ඉර අලුත් ගමනක් අරඹනවා. අලුත් වන අවූරුද්දේ මූල් කාලයේ ඇතැම් විට නැකත් වැඩිපූර යෙදෙන බවක් දැකිය හැකි යි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment