ඇඟිලිකරු පැසවීම


ඇතැම් දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේද ඇඟිලිකරු පැසවීම සහ එයින් අධික වේදනාවක් ද දෑනීම අහන්නට ලැබෙන රෝග තත්ත්වයක්. ඇත්තටම මෙය චර්ම රෝග තත්ත්වයක්ද තියෙන්නේ ඔවූන් තුළ සැකයක් වෙන්නට පූළුවන්.

ඇත්තටම මෙය චර්ම රෝගයක් ලෙස හඳුන්වන්න පූළුවන්. ඇඟිලිිකරු අතර ඇතිවන රක්තයා හෙවත් එග්සිමා අවස්ථාව ද්විතිකව බැක්ටීරියා මගින් ආසාධනය වූ විට තමයි ඇගිලිකරු පැසවීමටත් එයින් වේදනාවක් ඇතිවීමටත් හේතු වෙන්නේ.

ඇඟිලිකරු ආසාධනය කරන බැක්ටීරියාව ශරීරයේ අභ්‍යන්තර පටකවලට ගිහිල්ලා සෙලියූලයිසිස් කියන අත්ඃපා ඉදිමෙන රෝග තත්ත්වය පවා ඇතිවෙනවා. විශේෂයෙන් මෙම තත්ත්වය ඇති වෙන්නේ අතට වඩා කකුලේ. ශරීරයේ අභ්‍යන්තර පටක ඉදිමීමෙන් ඇතිවන මෙම සෙලියූලයිසිස් කියන රෝග තත්ත්වය ටිකක් බරපතල රෝග තත්ත්වයක් ලෙස හඳුන්වන්න පූළුවනි. මෙවැනි රෝගියෙක් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හමූවෙන්න ආවාම ඔහූව නතර කරගෙන ප්‍රතිකාර කරන්න තිබෙන ඉඩකඩ වැඩියි.

නමූත් සෙලියූලයිසින් රෝග තත්ත්වයට බලපාන බැක්ටීරියාව සාමාන්‍යයෙන් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවෙන්නේ නැහැ. නමූත් බොහෝ දෙනෙක් හිතනවා ඇඟිලිකරු පැසවීමට ලක්වෙච්ච රෝගියෙකුගෙන් පිටවන සැරව තවත් කෙනෙකුගේ ස්පර්ශවීමෙන් එම රෝග තත්ත්වයට බලපාන බැක්ටීරියාව බෝ වෙන්න පූළුවනි කියල. නමූත් කිසිම විටෙකත් එවැනි තත්ත්වයක් ඇතිවෙන්නේ නැහැ. එම බැක්ටීරියාව ආසාධනය වූ රෝගියාගේ ශරීරය තුළ පමණයි එම බැක්ටීරියාව පවතින්නේ. මෙයට සාමාන්‍යයෙන් සම්බන්ධ වෙන්නේ ස්ටැප්ලෝ කොකස් කියන බැක්ටීරියාවයි. එය එක් අයෙකුගෙන් තවත් අයෙකුට පැතිරීමක් කරන්නේ නැහැ.

මීට අමතරව තවත් රෝගීන් කොටසක් ඉන්නවා ඔවූන්ගේ නියපොත්ත අවට ප්‍රදේශය පැසවීමට ගන්නවා. මෙතනදී වෙන්නේ නියපොත්ත අපේ සමට සම්බන්ධ වෙලා තියෙන ගම් එක, අපි කියූටිකල් ලෙස හඳුන්වන කොටස විවිධ හේතු නිසා ගැළවෙන්නත්, ආසාධනය වෙන්නත් පටන් ගන්නවා. සමහර අයගේ උපතින්ම මෙම කියූටිකල් එක දුර්වල වෙන්න පූළුවනි. ඇතැම් අයගේ විවිධ හේතු නිසා මෙම කිනූටිකල් කොටස විනාශවෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම දුර්වල කියූටිකල් එකක් තියෙන කෙනෙක් අත වතුරේ දාගෙන ඉන්නවිට, වතුර සම්බන්ධ වෙන කටයූතුවලට සම්බන්ධවීම තුළම උදාහරණයක් විදිහට ගාඩිනින් වගේ රැකියාවල යෙදිලා ඉන්න විට කියූටිකල් එක හානියට පත්වීම නිසා නියපොත්ත සහ නියකන්න අතර හිදසක් මතුවෙනවා. එම ඇතිවෙන්න පූළුවන් හිදැසට බැක්ටීරියා ආසාධනයවීම නිසා නියකන්න ආසාධනය වෙලා පැසවීමට භාජනය වෙන්න පූළුවනි. බැක්ටීරියා ආසාධනයක් නිසා මෙය අධික වේදනාවක් ඇතිවන තත්ත්වයක් වෙනවා වගේම කලක් තිබීම තුළ නියකන්න ඉදිමිලා, රතුවෙලා, සැරව පිටවීම වගේ දෙයක් පවා සිද්ධවෙන්න පූළුවනි. මෙම රෝගයට නිසි ප්‍රතිකාර කිරීමෙන් සම්පූර්ණයෙන්ම සූව කරන්න පූළුවනි. මෙහිදී කරන්න ඕන මූලිකම දේ තමයි රෝගියා තමන්ගේ අතේ කියූටිකල් කොටස හානිවල රෙදි සේදීම, වතුර සම්බන්ධ ක්‍රියාකාරකම්වලින් ඉවත්වීම කල යූතුම වෙනවා. මෙය ටිකක් අමාරු කටයූත්තක් වූණත් අත වතුරේ වැඩිවෙලා දමාගෙන සිටීම මෙම රෝගය සූවවනතෙක්වත් කිරීම ඉතාම වැදගත් වෙනවා.

චර්ම රෝග විශේෂඥ
වෛද්‍ය අසෝක කමලදාස

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment