පිළිකා නිසාද කොන්දේ කැක්කුම ඇතිවීමට පූළුවන්




ගැහැනූ පිරිමි මෙන්ම ඕනෑම වයස කාණ්ඩයේ පසූවන්නෙකුට කොන්දේ අස්ථි අතරට විෂබීජයක් ඇතුළු වීමෙන් කොන්දේ අමාරුව ඇතිවීමට පූළුවන්.

රෝග ලකෂණ

කොන්දේ අස්ථි අතරට විෂබීජයක් ඇතුළුවීමෙන් ඇතිවන කොන්දේ වේදනාවේදී මෙම ලකෂණ දැකිය හැකියි. එනම් උණූ කෑම අරුචිය, ශරීරයේ අප්‍රාණික ගතිය ඒ අතර ප්‍රධාන තැනක් ගනී. දවස පූරාම දැඩි වේදනාවක් පවතින අතර ඉතා සූළු සෙලවීමකදී පවා ඉතා තියූණූ වේදනාවක් ඇතිවේ. මින් එම රෝගියාගේ රාත්‍රී නින්දට පවා බාධා ඇතිවේ.

විෂබීජයක් ඇතුළු වීමෙන් ඇතිවෙන කොන්දේ කැක්කුම ඕනෑම වයයස කාණ්ඩයක කෙනෙකුට ඇතිවිය හැකි අතර දියවැඩියා රෝගීන්ට අධික ලෙස මත්පැන් පානය කරන අයට මෙන්ම ප්‍රතිශක්තිය අඩූ අයට මෙම තත්ත්වය ඇතිවිය හැකියි. මෙහිදී ීඒචයහකදජදජජමි බැක්ටීරියාවන් කාලය රෝග බැක්ටීරියාවන් රෝගකාරකයන් ලෙස දැක්විය හැකිය.

මෙම තත්ත්වයට හැකි ඉක්මණින් ප්‍රතිකාර ලබාගත යූතුය. නොඑසේ නම් ඉක්මණින් අස්ථි කෂයවීම මෙම ස්ථානවල සැරව ගෙඩි ඇතිවීමෙන් සූසූම්නාවට හානි පැමිණ රෝගීයාගේ දෙපා අප්‍රාණිකවීම වැනි තත්ත්වයන් ඇතිවේ.

පිළිකා රෝග නිසා ඇතිවෙන කොන්දේ අමාරු

මෙම කොන්දේ වේදනාව දැකිය හැක්කේ මහළු වියේ පසූවෙන අය තුළිනි. කොන්දේ පහළ කොටසේ ඇතිවෙන වේදනාව ඇතිවන අතර මෙම තත්ත්වය රාත්‍රිකාලයේදී වැඩිවේ.

මෙයට රුධිරයේ ඇතිවෙන පිළිකා හෝ ශරීරයේ අන් ස්ථානවල ඇතිවෙන පිළිකා කොන්දේ අස්ථිවලට පැතිරීමෙන් වේදනාව ඇතිවේ.

කොන්දට පැතිරෙන පිළිකා ලෙස පියයූරු පිළිකා ත්‍රයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා පෙනහළු පිළිකා සහ පිරිමින්ගේ පූරස්ථි ග්‍රන්ථයේ පිළිකා දැක්වීමට පූළුවන්.

පරිවෘත්තීය සම්බන්ධ හේතු නිසා ද කොන්දේ ආබාධ හා වේදනාකාරී තත්ත්වයන් ඇතිවේ. බොහෝවිට මෙවන් තත්ත්වයන් ඇතිවන්නේ කොන්දට බර එන සේ ක්‍රියාකිරීම හේතු කොටගෙනය. ඊට අමතරව කැල්සියම් ඌණතාවය සම්බන්ධ රෝග නිසා ද මෙවැනි තත්ත්වයන් ඇතිවේ. මෙම වේදනාව කුඩා වියේදී ද කෙනෙකු තුළින් දැකිය හැකි අතර වැඩිහිටි අවස්ථාවලදී එම තත්ත්වය ඉතා විරලය. ඒ නමූත් වකුගඩූ අකර්මන්‍ය වූ රෝගීන්ට, සිරෝසිස් වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වූ අය තුළ මෙවැනි තත්ත්වයන් මතුවිය හැකියි.

ඉහත සඳහන් කළ කොන්දේ කැක්කුම හේතුකාරක දෙකක එකතුවක් ලෙස ද ඇතිවීමට පූළුවන්. උදාහරණයක් දක්වතොත් ඇටකටූ කෂයවීමෙන් හා කොන්දේ ආබාධයක් ඇති අයකුට අසාත්මිකතාවයක් ඇතිවූවහොත් මෙම තත්ත්වයන් උග්‍රවිය හැකියි.

ඉතින් මෙවැනි කොන්දේ ආබාධ හා වේදනාකාරී තත්ත්වයන් ඇතිවූ විට වෛද්‍ය පරීකෂණ මගින් එම ආබාධයට හා වේදනාවට හේතු සොයා ගත හැකිය. ඒ සඳහා කරනූ ලබන සරල රුධිර පරීකෂාවන්ද ඊට මහත් සේ උපකාරී වේ. එය අප කවූරුන් දන්නා ෑීසෘ පරීකෂාවයි.

මෙහිදී වැරදි ඉරියව් නිසා ඇතිවන කොන්දේ ආබාධ හා අස්ථි කෂයවීම නිසා ඇතිවෙන රෝග තත්ත්වවලදී ෑීසෘ අගය ඉහළ නොයයි. ෑීසෘ අගය ඉහළ අගයකට ගන්නේ නම් මෙහිදී තවදුරටත් පරීකෂණ සිදු කිරීමට සිදුවේ. තව ද එක්ස්රේ පරීකෂා මගින් ද කොන්දේ අස්ථින් පරීකෂා කිරීමට සිදුවේ. එය නිගමනය කරනූ ලබන්නේ අදාළ වෛද්‍යවරයාය.

ඒ කෙසේ වූවත් තරුණ වයසේ බොහෝ දෙනකුට ඇතිවෙන කොන්දේ වේදනාවන්ට හේතුව වැරැදි ඉරියව් භාවිතයයි. මෙය බොහෝවිට පරිගණක ආශ්‍රිත රැකියාවල නියූතු අයට කාර්යාලය තුළ රෝද පූටූ භාවිත කරන්නන් එකම ඉරියව්වෙන් බොහෝ වේලා සිටින (ඇඟළුම් සේවක සේවිකාවන්) හා ව්‍යායාම මදිකමද කොන්දේ ආබාධවලට හේතු සාධක වේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment