ඇසේ මතුවන මස්දලූ ගැන ඔබ මොනවද දන්නේ?


අපගේ දෙනෙත් කොතරම් වැදගත් දෑයි පැවසීමට අටූවාටීකා අවැසි නොවේ. අද බොහෝ දෙනෙක් තමන්ට ඇස් රෝග තිබූණත් එයට එතරම් සැලකිල්ලක් නොදක්වති. එසේ සැලකිලිමත් නොවීම තුළින් ඔබට පසූකාලයේදී පෙනීමේ දුර්වලතාද මතුවීමට ඉඩකඩ ඇත. මේ නිසා අද අපි ඔබව දෑනූවත් කරන්නට සූදානම් වන්නේ ඇසේ හටගන්නා රෝග තත්ත්වයක් පිළිබඳවයි.

ඇතැම් පූද්ගලයන් ඇසේ හටගන්නා මස් දලූ සූවකිරීමට අපහසූ බව පවසයි. නමූත් මස්දල්ල සූවකිරීම සඳහා ප්‍රතිකාර වෛද්‍ය විද්‍යාව තුළ ඇත.

ඇසේ මස් දලූ හට ගැනීමට විවිධ හේතු සාධක බලපායි. එනම් ඇසේ කළු ඉංගිරියාව කුමන ආකාරයකින් හෝ තුවාල වී තිබීම, විවිධ ආසාදන තත්ත්වයන්, රසායනික විපර්යාස වැනි දෑ ඇසට යාමෙන් මස් දලූ වැඩීමක් ඇතිවිය හැකිය.

එමෙන්ම ඇසේ මස් දලූ වැඩීමට තවත් හේතුවක් ලෙසට පෙන්වා දිය හැක්කේ සමකයට ආසන්න රටවල ජීවත්වීමයි. එයට හේතුව සමකය ආසන්න රටවල වෙසෙන මිනිසාට හිරුඑළිය හොඳින් පතිත වීම නිසා හිරු එළියේ නොයෙකුත් රසායනික කිරණ ශරීරය තුළට බලපෑමයි.

සාමාන්‍යයෙන් ඇසක මස් දලූ දෑමීම සිදුවන්නේ කුඩා දරුවන්ට වඩා අවූරුදු විස්සත් විස්සෙන් පසූ මැදි වියේ පසූවන්නන් තුළයි.

මෙම රෝගී තත්ත්වය එක් ඇසක දෑකිය හැකි අතර ඇතැම් අවස්ථාවලදී ඇස් දෙකෙහිම දෑකිය හැකි රෝගී තත්ත්වයකි. වැඩි වශයෙන් මෙය දෑකිය හැක්කේ නාසය පැත්තට වන්නට තිබෙන ඉදිරිපස ප්‍රදේශයෙනි. කලාතුරකින් ඇස දෙපැත්තේම පැතිර ගොස් තිබෙන අයූරුද දෑකිය හැකියි. ඇතැම් අවස්ථාවලද ඇසේ කළු ඉංගිරියාව ප්‍රදේශය තුළද මස් දලූ වැඩී තිබෙනවා දෑකිය හැකි සේම ඇතැම් රෝගීන් ගේ මෙය ගෙඩියක් ස්වරූපයෙන් තිබෙනවා දකින්නට පූළුවනි.

ඇසේ හටගන්නා මස් දලූ ඇතැම් අයට දෑනීමක් නොවන අතරම තවත් කොටසකට මෙය ඇසේ තිබෙන බව ඇසි පිය ගසන විට ඇසේ පිහාටූවට දෑනෙයි. මෙම රෝගී තත්ත්වය පිළිබඳ සැලකිලිමත්වීම ඉතාමත් වැදගත් වන්නේ ඇසේ කළු ඉංගිරියාව දක්වා වැඩීම සිදුවන නිසාය. එසේ වීමෙන් පෙනූමට බාධාවක් වන අතර ඇසේ කළු ඉංගිරියාව ඇදවීමක්ද සිදුව නිසා පෙනීම දුර්වලවල විය හැකි බැවිනි.

ඇසේ හට ගෙන තිබෙන මස් දල්ල ඔබට අපහසූතාවයක් ගෙන නොදෙන්නේ නම් ප්‍රතිකාර අවැසි නොවූණත් එය ඔබට අවහිරතාවයක් ලෙසට දෑනෙන්නේ නම් හෝ පෙනීමේ අවහිරතාවයක් ඇතිනම් සැත්කමක් කරගත හැක.

ඇසට ප්‍රතිකාර නිසියාකාරව කළ යූතුවන අතරම එසේම පිළිවෙලකට ප්‍රතිකාර නොකිරීමෙන් මස්දල්ල නැවතත් ඇසේ වැඩීමට හැකියාව ඇති බැවිනි.

ඔබට මෙවැනි රෝගී තත්ත්වයක් තිබේනම් අකෂ වෛද්‍යවරයෙකු ලවා පරීකෂා කර ගැනීමෙන් පසූ නියමිත ප්‍රමිතියෙන් යූතු සම්මත ක්‍රම අනූව ප්‍රතිකාර කර ගැනීම තුළින් මෙම රෝගී තත්තවය සූවකර ගත හැකියි.



වෛද්‍ය නිලධාරී අයස්මන්ත පීරිස්
අකෂි රෝහල කොළඹ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment