තනි දරුවා සමාජයට හිරිහැරයක්ද?


පවූලක තනි දරුවෙක් හැදී වැඩීම දරුවා ආත්මාර්ථකාමී වෙන්න හේතු වෙනවා කියන කාරණයයි අද අපි සාකච්ඡා කරන්නේ.

තනි දරුවෙක් පවූලක ඉන්නවා කියන්නේ එම දරුවා ගැන දෙමවූපියන් සොයනවා බලනවා වැඩියි. නමූත් දරුවන් කිහිප දෙනෙක් ඉන්න පවූලක නම් එම තත්ත්වය කිහිප දෙනෙක් අතර බෙදී යනවා.

තනි දරුවෙක් පවූලක සිටින විට එම දරුවා විවාහපත් වූ විටත් අලුතින් පවූලක් ගොඩ නගන විටත් දෙමාපියන් තමන්ගේ දරුවා ගැන වඩාත් සැලකිල්ලෙන් සොයා බලනවා.

තනි දරුවා වීම තුළත් ඔහූට දෙමවූපියන්ගෙන් වැඩි සැලකිල්ලක් ආදරයක් ආරක්ෂාවක් වගේම භෞතික දේවල්වල පවා ප්‍රමාණාත්මකව වැඩියෙන් ලැබෙනවා.

අපට ඕනෑම දෙයක් කතා කරන්න වෙන්නේ සංසන්දනාත්මකවනේ. එම නිසා තනි දරුවෙක් පවූලක හැදී වැඩීම තුළ දරුවා ආත්මාර්ථකාමී වෙන්න තියෙන සම්භාවිතාව ඉහළයි.

පවූලක සාමාජිකයන් සංඛ්‍යාව ඉහළ වෙන තරමට හැමදෙයක්ම බෙදා හදාගෙන පාවිච්චි කරන්න පූරුදු වෙනවා. නමූත් තනි දරුවා සිටින පවූලක නම් ඇඳුම් අරගෙන දුන්නත් එයාට විතරයි. පොත්පත් කෑම බිම සියල්ලම එම දරුවාට විතරයි. එම පූරුදුවීම තුළ ඔහූ යම් දවසක සමාජය තුළදී පවා ඔහූට වැඩි සැලකිල්ලක් ලබා ගන්න උත්සහ කිරීමක් දකින්නට පූළුවන්. එම තත්ත්වයන් තමයි අපි විසින් තනි දරුවා ආත්මාර්ථකාමී කියන ප්‍රකාශය ගැන කතා කරන්නේ.

දරුවා මෙතනදි කරන්නේ තමන්ගේ නිවස තුලදි හැමදෙයක්ම තනියෙන් භුක්තිවිඳීමෙන් ලැබූණූ පූරුද්ද ඔහූ ඉගෙන ගන්නා පන්ති කාමරයේදී , නැත්නම් සමාජය තුළදීත් එහෙමත් ප්‍රයෝජනයට ගන්නට පෙළඹීමයි.

උදාරහණයක් විදිහට අපි මෙහෙම හිතමූ. වයස අවූරුදු දොළහක දහතුනක දරුවෙක්ට හැම සතියකම දෙමාපියන් විසින් ගෙනවිත් දෙන පලතුරු පාර්සලය තනියෙන් කනවා කියලා. නමූත් පන්තියේදී ලැබෙන තනි වෙරළු ගෙඩිය වූණත් ඔහූට බෙදී හදාගෙන කෑමේ පූරුද්දක් නැහැ. ඔහූ බලන්නේ ලැබූණ ගමන් තනියෙන් කටෙි දාගන්නයි. පාසලෙන් පටන්ගන්න මෙම තත්ත්වය ඔහූ සමාජ ගතවීම තුළදී පවා තිබෙන්නට පූළුවන්.

මෙතනදී තනි දරුවෙක් ඉන්න පවූලක දෙමාපියන් එම දරුවාට දක්වන වැඩි කැමැත්ත සහ ආදරය නිසා හැමදෙයක්ම වැඩියෙන් සහ තනිව භුක්ති විඳින්න අවස්ථාව දෙනවා. නමූත් දරුවා හූරුව ලබන්නේ තනියෙන් කටයූතු කරන්න නිසා සාමජය තුළදී සහයෝගය කියන ගුණාංග ඔහූ නොදන්නවා විය හැකියි. එහෙමත් නැතිනම් හූරුවක් නැතිකම වෙන්න පූළුවන්.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment