මානසික ගැටලු සහ මානසික රෝග ගැන කතා කරන විට වසර කිහිපයකට පෙර සහ අද තත්ත්වය සංසන්දනය කර බලන විට අද වන විට මානසික රෝග හා මානසික ගැටලු බහූලව දකින්නට ලැබෙනවා. එයට හේතුන් කිහිපයක්ම තිබෙනවා. එකක් තමයි එදාට වඩා අද මිනිසූන් දියූණූයි. සෑම දෙයක් ගැනම හොඳ දෑනූමකින් යූක්තයි. ඉස්සර මිනිස්සූන්ට මානසික ගැටලුවක් තිබූණත් එළියට ආවේ නැහැ. අද වන විට මිනිසූන්ගේ දෑනූවත්කම නිසා ඔවූන් වෛද්‍යවරුන් සහ මනෝ වෛද්‍යවරුන් වෙත යොමූවෙනවා.
අනෙක් කරුණ තමයි මිනිසූන්ගේ ජීවන රටාව වෙනස් වී තිබීම.
පීඩනය, දිළිඳුකම නිසා මානසික බලපෑම ගොඩක් දුරට ඇති වී තිබෙනවා. සෑම විටෙකම මිනිසූන් පීඩනයෙන් අසහනයෙන් සිටින්නේ. මේ හේතුන් නිසා මානසික ගැටලු සහ රෝග වැඩිවෙලා තිබෙනවා. මේ නිසා අද අපට මානසික රෝග සහ මානසික ගැටලුවලට ලක් වූ අය වැඩි වැඩියෙන් දකින්නට ලැබෙනවා.
මේ සෑම අවස්ථාවකදීම මනෝ වෛද්‍යවරයකෙු හැටියට ඖෂධ ලබාදීමෙන් ප්‍රතිකර්මයක් කරන්න අවශ්‍ය නැහැ. ඇතැම් අවස්ථාවලදී අපට පූළුවන් ඔවූන් සමග කතා බහ කරලා උපදේශන වගේ ක්‍රම මගින් මේ සඳහා විසඳුමක් සොයන්නට. ඒ සඳහා උදාහරණයක් හැටියට මාළඟට පැමිණි එක් දෑරිවියක් පිළිබඳ සඳහන් කරන්නම්.
මේ දෑරිවියට වයස අවූරුදු 15 වයි. මෙවර අපොස සාපෙළ විභාගයට පෙනී සිටින්නට සූදානමින් සිටින දෑරියක්. මැය ජීවත් වූණේ ඇගේ මවත් සමග පියා විදේශගත වෙලයි සිටියේ. ඇයට එක් සොහොයූරෙක් සිටියා ඔහූ ජීවත් වූණේ වෙනත් නෑදැ නිවසක. මේ දුවයි අම්මයි පමණයි නිවසේ ජීවත් වූණේ. ගැටලුව මතු වූණේ පියා විදේශගතව සිට නැවත නිවසට පැමිණියායින් පසූවයි. මට ඔවූන්ව හමූ වන විට පියා විදේශගතව සිට පැමිණ මාස දෙකක් පමණ කාලයක් වෙනවා. මේ මාස දෙක ඇතුළත මේ දෑරිවියගේ අසාමාන්‍ය ක්‍රියාකාරකම් දක්නට ලැබිලා තිබෙනවා. මූලින්ම දක්නට ලැබූණ වෙනස්කම තමයි මේ දෑරිය මව සමග සහ පියා සමග කතාබහ කිරීම අඩූ කිරීම. විශේෂයෙන් පියා සමග. තරහකින් වෛරයකින් පියා දිහා ලබන්නේ. ඊටත් වඩා වෛරයකින් මවට සලකන්න තරම් වෙනස්වෙලා තිබෙනවා.
දෙමාපියන්ට විශේෂයෙන් ප්‍රශ්නය වූණේ මෙම දරුවා පාසල් යෑම නතර කිරීමයි. මේ දෙමවූපියන් දරුවාව මා ළඟට රැගෙන ආවෙත් ඒ හේතුව නිසයි. පාසලේ සහ සමාජයේ යම් ගැටලුවක් තිබේද කියා සොයා බැලුවද වෙනත් කිසිම ගැටලුවක් දක්නට ලැබිලත් නැහැ. මේ දෙමාපියන් සමග කතා කිරීමේදී මට දැනගන්නට ලැබූණා මේ දරුවා මවගේ රාත්‍රි ඇඳුම පවා කතුරකින් කපලා දාලා තිබෙන බව. රාත්‍රියේදී දෙමාපියන් නින්දට යන්නට කලින් මේ දරුවා ගිහින් නිදාගන්නවා. ඒ පියා ඇඳට ඒමෙන් වළක්වා ගැනීම සඳහා. මේ දරුවා කොහෙත්ම කැමති වූණේ නැහැ මවයි පියයි එකට ඉඳගෙන කතා බහ කරනවටවත්. මේ සෑම දෙයකින්ම මට වැටහී ගියේ මේ දරුවා සිතුවා පියාගේ පැමිණීමත් සමග ඇයට මවගෙන් ලැබූණ ආදරය කරුණාව නැතිව යයි කියලා. මවගේ ආදරය බෙදිලා යයි කියලා. මෙය තමයි මෙතනදී ප්‍රධානතම ගැටළුව වී තිබූණේ.
මේ තත්ත්වය නිසා දෙමවූපියන් ලොකු පීඩනයකට ලක්වෙලා තිබූණා. මේ පියා තීරණය කර තිබූණා නැවත විදේශගත වන්නටත්. මේ දෙමව්පියන් තවම තරුණයි.. වසර කිහිපයක් විදේශගත වී නිවසට පැමිණියායින් පසූ ඔවූනොවූන්ට පෞද්ගලික ජීවිතයක් තිබිලා නැහැ. ඔවූන්ගේ ලිංගික ජීවිතයට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබූණා මේ දරුවා.
මා විශේෂයෙන් මෙතනදී බැලු දෙයක් තමයි මෙම දරුවා මානසික රෝගයකට ලක් වෙලා තිබෙනවාද කියන එක. විශේෂයෙන් විශාදය වැනි රෝග ලක්ෂණයක් එසේ නම් ඖෂධ මගින් ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වන නිසා. නමූත් මේ දරුවගේ එවැනි රෝග ලක්ෂණයක් පෙන්නූම් කළේ නැහැ. මේ දරුවාගේ හැසිිරීමට ප්‍රධානතම හේතුව වූයේ සිතුවිලි. විශේෂයෙන් ආවේගකාරි සිතුවිලි. මෙයට ඖෂධ අවශ්‍ය වන්නේ නැහැ.
උපදේශන මගින් කරුණූ වටහාදීලා සිතුවිලි සහ චර්යාව වෙනස් කිරීම මගින් මේ ප්‍රශ්නයට විසඳුම් සොයන්නට පූළුවන් කියන තීරණයේ සිටියා. විශේෂයෙන් බූදුදහම මගින්. ඒ නිසා මම මේ දරුවා දම්ිරිවි පදනමේ උපදේශිකා අයිරාංගනී කොඩිතුවක්කු මහත්මියට යොමූ කළා. එතැන් සිට අයිරාංගනී මහත්මිය අප සමග කතා කළා.
ඔව්. මෙම දරුවා මා වෙත එන විට දරුවා සහ දෙමාපියන් මානසිකව ඇද වැටී සිටියේ. පියා අවූරුදු තුනක් විදේශගත වී පැමිණ සිටියේ. මේ දරුවා මා සමග කතා කිරීමේදී ගොඩක් ඇඬූවා. මම පොඩි කාලෙ ඉඳන් තනියෙන් හිටියේ. අම්මා, තාත්තා ආව දා ඉදන් මට ආදරේ නෑ කියල මට හිතුණා ඇය පැවසූවා.. ඒ විතරක් නොවේ මේ දරුවාගේ ගැටලුවට බොහෝ කරුණූ බලපාලා තිබෙනවා. මේ දරුවා අවූරුදු අටෙිදී වැඩිවියට පත්වී තිබූණේ. එදා සිට මේ මව මේ දෑරිවිය අනවශ්‍ය ලෙස ආරක්ෂා කිරීම, අනවශ්‍ය ලෙස කොටූකර තබා ගැනීම කරලා තිබෙනවා. සමාජයට යන්න නොදී අනවශ්‍ය ලෙස කොටූකර තබා ගැනීමත් මේ දරුවාට බොහෝ ලෙස බලපාලා තිබෙනවා. අඩූගානේ නවකතා පොතක්වත් රූපවාහිනියවත් මේ දරුවා බලන්නේ නැහැ. පාසලේවත් යාළුවන් සමග වැඩි ඇසූරක් පවත්වා නැහැ. මේ සෑම දෙයකටම වඩා ඇය මව සමග සමීපව සිටියා. පියා පැමිණීමෙන් පසූ මවගේ අවධානය දරුවාගෙන් ගිලිහීයාමත් සමග මේ දරුවා වෙනස්වීමට පටන් ගත්තා. ගෙදර දොරේ වැඩක්වත් මේ මව විසින් දරුවාට කරන්න දීලා නැහැ. ඒකාකාරි කරුණූ වටහා දීමෙන් යම්තාක් දුරට දරුවා හොඳ මාර්ගයට ගැනිමට මට හැකියාව ලැබූණා. නමූත් මම දෙමාපියන්ට වටහා දුන්නා මේ දරුවා සීයට සීයක්ම සූවයි කියලා කියන්න බැහැ. දරුවාව සතුටෙන් තැබීමට දෙමව්පියන් දෑනගන්න ඕනේ. මන්ද මේ දරුවාගේ සිතුවිලි යටගිහින් පසූකාලයක මතුවන්නට ඉඩ තිබෙනවා ඒ නිසා දෙමාපියන් දෑනගත යූතුයි දරුවාට සූදුසූ වටපිටාවක් සැකසීමට කියා. මෙයින් අප කාටත් හොඳ අවබෝධයක් ලබා ගැනීමට පූළුවන්. එනම් තම දරුවා අනවශ්‍ය විදිහට ආරක්ෂා කිරීමට, අනවශ්‍ය විදිහට කොටූ කිරීම දරුවාට සමාජය සමග ගැටීමට නොදීම තුළින් පසූවට බොහෝ ගැටලුවලට අප කාටත් මූණදීමට සිදුවන බව.
විශේෂඥ මනෝ වෛද්‍ය
පූෂ්ප කුමාර කඳපොළආරච්චි
0 comments :
Post a Comment