අද අප අවධනාය යොමූ කරනූ ලබන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන සූවිශේෂ අවස්ථා දෙකක් පිළිබඳවයි. එනම් වායූගෙඩි හා පිළිකාමය තත්ත්වයන් පිළිබඳවයි.
තයිරොයිඩ් ග්‍රන්ථියේ වායූගෙඩි
වායූ ගෙඩියක් යනූ බෙල්ලේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන ප්‍රදාහයකි. එය බාහිරව මැනවින් දිස් වේ. කලාතුරකින් අවස්ථාවක කෙනෙකුගේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන එවැනි ප්‍රදාහයක් බාහිරට නොපෙනී පපූවේ උරස් ඇට අභ්‍යන්තරයේ තිබිය හැකියි.
සාමාන්‍යයෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ප්‍රදාහය නැත්නම් බෙල්ලේ වායූගෙඩි ඇතිවීමේ ප්‍රවනතාවය පිරිමින්ට වඩා කාන්තාවන්ගේ වැඩිය.
වායූ ගෙඩි ඇතිවීමේදී රෝගියාට වේදනාවක් හෝ වෙනත් ශාරීරික අපහසූ තාවන් ඇති නොවේ. මේ නිසා මෙය රෝගියාට වඩා බාහිර පූද්ගලයන්ට නිරීක්ෂණය වේ. බෙල්ලෙ ්වායූ ගෙඩියක් ඇති රෝගියෙකුට හූස්ම ගැනීමේ අපහසූවක් හෝ මෙන්ම එම රෝගියාගේ බාහිර අලංකාරයට බාධාවක් විය හැකියි.
තයිරොයිඩ් ග්‍රන්ථි ප්‍රදාහයට හේතුව තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝගී තත්ත්වයක් හෝ ශරීරයේ සිදුවන ස්වභාවික වෙනස්කමක් විය හැකියි.
සාමාන්‍යයෙන් යොවූන් වියේ වයස අවූරුදු 14 ඃ1 7 වයස්වල පසූවන්නන් අතර මෙන්ම ගර්භනී මව්වරු තුළ තයිරොයිඩ් ග්‍රන්ථියේ මද ප්‍රදාහයක් ඇතිවීමට පූළුවන්. එම තත්ත්වය පිළිබඳව ඔබ කලබල විය යූතු නැත.
මෙම තත්ත්වය හැරුණූ කොට තයිරොයිඩ් ග්‍රන්ථියේ ප්‍රදාහය ඇතිවීමට බලපාන අනිකුත් කරුණූ අතර අයඩීන් ඌනතාවය තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය වැඩි කරන ප්‍රතිදේහ ඇතිවීම ප්‍රධාන තැනක් ගනී,
මෙම වායූගෙඩි පිටත පිහිටන ස්වභාවය අනූව වර්ග කර දැක්විය හැකියි. ඇතැම් විට වායූ ගෙඩියක් පිටතින් ස්පර්ශ කළ විට තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටති කිහිපයක් හඳුනා ගත හැකියි. ඇතැම් විට අතින් ස්පර්ශ කළ විට තයිරොයිඩ් ග්‍රන්ථිය හඳුනාගත හැකි අතර එහි ප්‍රමූඛව දැක ගත හැක්කේ ගැටිත්තක් ඇති බව පමණි. මේ අනූව රෝගයේ ස්වභාවය අනූව රෝගියාට දෙන ප්‍රතිකාර ක්‍රමවේදයන්ද වෙනස් වේ.
තයිරොයිඩ් ග්‍රන්ථියේ වායූ ගෙඩිවල ගැටිති සහිත අවස්ථාවලදී එය පිළිකාමය තත්ත්වයක්දැයි දැනගැනීම වැදගත්ය. වායූගෙඩිය ආශ්‍රිතව බෙල්ලේ වසා ගැටිති ඇති නිසා එය ද සැක හැර දැන ගැනීම වැදගත්ය.
මෙම තත්ත්වය පරීක්ෂා කරලීම සඳහා වෛද්‍ය පරීක්ෂණ රැසක් සිදුකරනූ ලබන අතර ඒ හැම පරීක්ෂණයක් පිළිබඳවම රොගියා දැනූවත් කොට කරන අතර එම පරීක්ෂණ තයිරොයිඩ් ග්‍රන්ථියේ ප්‍රදාහයේ ස්වභාවය අනූව වෙනස් වීමට පූළුවන.
ප්‍රතිකාර
අප මූලින් සඳහන් කළ ආකාරයට තයිරොයිඩ් ග්‍රන්ථියේ මද ප්‍රදාහයන් යොවූන් වියේ (වයස අවූරුදු 14ඃ 17) පසූවන අය අතර ගර්භනී මව්වරු තුළින් දැකිය හැකියි.
මෙය ප්‍රතිකාර ලැබිය යූතු තත්ත්වයක්ම නොවේ. නමූත් ඒ පිළිබඳ වෛද්‍ය උපදෙසක් ලබා ගැනීම අයහපත් තත්ත්වයක් නොවේ. එහිදී ප්‍රතිකාර අවශ්‍ය වෙතොත් ඔබට එය ලබා ගැනීමට හැකියි.
තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයේ අඩූවීමක් ඇති වූවත් වැඩිවූවත් ඒ සඳහා අප මීට පෙර ලිපිවලින් සාකච්ඡා කළ ආකාරයට ප්‍රතිකාර ලබාගත හැකියි. එමෙන්ම රෝග තත්ත්වයේ ස්වභාවය වෛද්‍යවරයා තීරණය කළ පසූ අවශ්‍යතාවය මත විකර්ණ කවන ලද අයඩීන් ප්‍රතිකාරය හෝ ශල්‍ය කර්ම සිදු කරනූ ලබනවා.
තයිරොයිඩ් ග්‍රන්ථියේ ප්‍රදාහය සඳහා කරනූ ලබන ශල්‍ය කර්මයක් නිසා ඉතාමත් කලාතුරකින් කෙනෙකුගේ කටහඬේ වෙනස්වීමක් සිදුවීමට හැකියි. එමෙන්ම එලෙසම පැරා තයිරොයිඩ් ග්‍රන්ථියට හානිවීමෙන් කැල්සියම් නිෂ්පාදනයේ ඌණතාවයක් ඇතිවීමට පූළුවන. එහි ප්‍රතිඵලයක් ලෙස රෝගියාගේ ඇඟිලි ඇබරී යන ස්වභාවයක් ඇතිවීමට පූළුවන්. මේවා සිදුවන්නේ ඉතාමත් කලාතුරකින් බව ඔබ තරයේම මතක තබා ගත යූතුයි.
පිළිකාමය තත්ත්වයන්
තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන පිළිකාමය තත්ත්වයන් දුබල නොවේ. එබැවින් තයිරොයිඩ් ග්‍රන්ථියේ ඉදිමූමක් ඇතිවිට සූදුසූකම් ලත් වෛද්‍යවරයෙකු හමූවීම ඉතා වැදගත්.
තයිරොයිඩ් ග්‍රන්ථිය ආසන්නයේ ඇති වසා ග්‍රන්ථිවල ඉදිමූමක් ඇතිවිටක මේ පිළිබඳව යම් සැකයක් ඇති වේ.
තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාමය තත්ත්වයන් ඇතිවීම පිළිබඳව අනියත බියක් ඇති කර ගත යූතු නැත. මන්ද එහි ඇතිවන සියයට 95 ක් පිළිකා තත්ත්වයන්ට ප්‍රතිකාර කළ හැකියි. එය එක්තරා ආකාරයක වාසනාවකි. පිළිකාමය තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කිහිපයක් අනූගමනය කරන අතර විකිර්ණ ඇල්ලීමද එක් ප්‍රතිකාර ක්‍රමයකි
එනම් අප මූලින් සඳහන් කළ විකර්ණ කවන ලද අයඩීන් ප්‍රතිකාරයද මෙහිදී අනූගමනය කරන අතර එහි මාත්‍රාව වෙනස්ය.
බොහෝ රෝග සඳහා ප්‍රතිකාර ඇති අතර තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන රෝග තත්ත්වයන්ටද ප්‍රතිකාර ලද හැකියි. ඒ සඳහා සූදුසූකම් ලත් වෛද්‍යවරයකුගේ උදව් උපකාර කළ ගැනීම වැදගත් වන අතර වරක් තයිරොයිඩ් ග්‍රන්ථියේ පරීක්ෂාවක් සිදු කරගත් පසූ යළිත් වරක් එම පරීක්ෂාව සිදු කර ගන්න.
0 comments :
Post a Comment