කේන්දරයෙන් ජීවිතයට මඟ පෙන්වීමක් ලබා ගනිමූ



ජ්‍යොතිෂය යනූවෙන් අපි හඳුනාගන්නේ මහ පොළොවේ ජීවත්වන පූද්ගලයන්ගේ අත්දෑකීම් මෙන්ම සිදුවීම් ද කාලය සහ අවකාශය අභ්‍යවකාශයේ ග්‍රහයන්ගේ ගමන අතර සන්නිවේදන හඳුනාගැනීමේ දර්ශනයක්.

ජ්‍යොතිෂය වෙත මනෝවිද්‍යාත්මකව එළඹෙන්නේ නම් බලාපොරොත්තු වන්නේ අනාවැකි පැවසීමක් නොවේ. මූලින්ම අපේ හැසිරීම් සහ ක්‍රියාකලාපයන් අතර ප්‍රතිඵල පිළිබඳව වැටහීමක් ඇති කර ගැනීමටත් ඉන් පසූව අභ්‍යන්තර මටිටමේදී ඒවාට විසඳුම් සොයාගැනීමටත් උනන්දු කරවීමයි.

අපට අපේ කේන්දර වෙනස් කළ නොහැකියි. එහෙත් එය අපට මඟ පෙන්වන ආධාරකයක් ලෙස භාවිත කරන්නට පූළුවන්. එම නිසා ප්‍රවාහයට එරෙහිව නොව ප්‍රවාහය සමඟ අපට ගමන් කළ හැකියි. උදාහරණයක් විදිහට අනේ මම තව පොඩ්ඩක් කල්පනා කළා නම්, ලැබූණ අවස්ථාවෙන් මම වැඩක් ගත්තා නම් වැනි පසූතැවීම් අප අතින් සිදු නොවනූ ඇත.

කාලයත්, ප්‍රවාහයත් කිසිවෙකුටත් නතර කළ නොහැකියි. වැඩක් ආරම්භ කිරීමටත් ක්‍රියාත්මකවීමටත් වඩාත් වැදගත් ලෙස සැලකිය යූතු කටයූතු අත නොගසා නිශ්චලව සිටිය යූතු කාලයන් සහ අවස්ථා මොනවාද යන්න හඳුනා ගැනීමටත් ජ්‍යොතිෂ්‍ය උදව් කර ගැනීමට පූළුවනි.

ජ්‍යොතිශාස්ත්‍රඥයන් මෙම කටයූතු කරනූ ලබන්නේ අහසේ ග්‍රහයන්ගේ චක්‍රය අධ්‍යනයය කරමින් ඒවා ජන්ම කේන්දරය සහ ගෝචර කේන්දරය සමඟ සම්බන්ධ කර සසඳා ගැනීමෙනි. විවිධ ග්‍රහයන්ගේ ශක්තීන් ඔබගේ ජීවිතය හසූරුවන්නේ කෙසේද යන්න තක්සේරු කිරීමේදී අතීතයේ සිදුවීම් අනාගතය කෙරෙහි සම්බන්ධයක් ඇති බව සැලකිය යූතුයි. ග්‍රහයන් කක්ෂය වටා ගමන් කිරීමේදී අපේ ජීවිතවල කුමන සංවේදී කාරණා ඉස්මතු වූනාද ඉස්මතු වන්නේද යන්න හරි හැටි දෑනගැනීමට ජ්‍යොතිෂ්‍යඥයන් කරන්නේ ග්‍රහයන්ගේ පිහිටීම් කේන්දරයේ පිහිටූවා බැලීම වේ.

කේන්දරයක විශේෂ ස්ථාන ලෙස සැලකිය හැක්කේ චනද්‍රයා, රවි උදා ලග්නය සහ අහස මූදුනය. තමන්ගේ කේන්දරයේ එක් භාවයක සිට අනෙක් භාවයට ග්‍රහයන් සංවේදී ස්ථාන සමඟ සම්බන්ධ වූ විට ඔබේ ජීවිතයේ නව නැම්මක් ඇතිවීමට ඉඩකඩ තිබෙන බව ඔබ දන්නවාද? ග්‍රහයෙකු එසේ සම්බන්ධ වූ විට අපගේ අභ්‍යන්තර රිද්මය නවීකරණයට ලක් කරන ශක්ති සමූහයක් ගෝචරවන ග්‍රහබල යටතේ එකතු වේ. මෙවන් ශක්තීන් ඇතැම්විට මානසික සහ අධ්‍යාත්මික වෙනස්කම්වලට ඉඩ සලසයි.

ජනතාව ජ්‍යොතිෂ්‍යයේ පිහිට පැතීමට හේතූන් ගණනාවක් ඇත. කොටසක් පැමිණෙන්නේ තමන් යන ගමන් මඟ නිවැරදි බවට තහවූරුවක් ලබා ගැනීමටයි. තවත් කොටසක් සන්දිස්ථානයකට පැමිණ කුමන මගෙහි යා යූතුදෑයි තීරණයක් ගැනීමට නොහැකිව ජ්‍යොතිෂ්‍ය පිහිට පතයි. තවත් කොටසක් මිත්‍රයෙක්, ආදරය කරන්නෙක්, දෙමාපිය වියෝවක් නිසා ඇති චිත්ත පීඩාව නිසා ජ්‍යොතිෂ්‍යයේ පිහිට පතයි.

තවකෙක් කුතුහලය නිසාද තවත් අය තමන් පිළිබඳ චරිතය දෑන කියා ගැනීමේ උපක්‍රමයක් ලෙසින් පැමිණේ. ආලය, ආදරය කියන කාරණාවලදී නූතන සමාජය තුළ ජ්‍යොතිෂ්‍ය පිටූපස වැටීමට බොහෝ දෙනෙක් පෙළඹේ.

තමන්ට සත්‍ය වශයෙන්ම ප්‍රශ්නයක් තිබෙන බව හෝ කිසියම් ආකාරයකින් තමන් අසාර්ථක වී ඇති බව කිසිවෙකු පිළිගැනීමට කැමති නැත.

කේන්දර දෙකක්වත් පූද්ගලයන් දෙදෙනෙකුවත් එක සමාන නොවන නිසා කේන්දරයක කොතැනින් ආරම්භ කළ යූතු ද යන්න ගැන ජ්‍යොතිෂඥයා දෑනගත යූතු වේ. කේන්දරයක හිමිකරුවාගේ වයස ඉතාම වැදගත් වේ. වයස 30 ඉක්මවා වූ අය සිය සෙනසූරාගේ පළමූ චනද්‍රයා පසූකර සිටින හෙයින් ඊට වඩා අඩූ වයසින් යූක්ත අයට වඩා හැසිරීම් අතින් වෙනස් වේ. එම නිසා වයසින් මූහූකුරායත්ම කේනද්‍රහිමියන් ජ්‍යොතිෂ්‍ය කටයූතුවලට යොමූවීමේද විශේෂයෙන්ම ආදරය, විවාහය යන සූවිශේෂී කාරණාවලදී වැරදි මතවල එළඹ සිටීම ගැන දෙවරක් සිතා බැලිය යූතුය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment