සමේ වර්ගය අනූව සූදුසූ වන්නේ කුමන වර්ගයේ සබන්ද?



සාමාන්‍ය සමක් සඳහා මෙහිදී විශේෂයෙන්ම මතක් කළ යූතු වන්නේ මූහූණ හැර ශරිරයේ අනෙකුත් ප්‍රදේශ පිරිසිදු කිිරීම සඳහා පමණක් සබන් භාවිත කළයූතු බවයි. ඡ්‍ය අගය සමබර අගයක් ගන්නා සබන් වර්ගයක් මෙවැනි සමක් සහිත අය සඳහා සූදුසූ වන අතර, කෝමාරිකා හා විටමින් ෑ වර්ගයක් අඩංගු සබන් වර්ගයක් තෝරා ගත හැක. සමේ පවතින තෙතමනය එලෙසම පවත්වාගෙන යාම සඳහා සූදුසූ තෙතමන කාරකයක් අඩංගු සබන් වර්ගයක් පමණක් භාවිත කරන්න. මෙවැනි සබන් වර්ගයක් වෙළෙඳ පොළෙන් පහසූවෙන් සොයාගත හැක.


තෙල් සහිත සමක් සඳහා සූදුසූ වන්නේ කුමන වර්ගයේ සබන්ද?


තෙල් සහිත සමක් යනූ විශේෂ අවධානයක් යොමූ කළ යූතු තත්ත්වයක් සහිත සමකි. මෙවන් තත්ත්වයක් ඇති අය වෙළඳ පොලෙන් කුමන හෝ සබන් වර්ගයක් තෝරා ගන්නවාට වඩා සම පිළිබඳ විශේෂ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ගැනීම උචිතය. මන්ද මෙවැනි තත්ත්වයන් සඳහා විශේෂිත සබන් වර්ග එනම් ඵැාසජ්එැා ිද්ච වර්ග ඔහූ හෝ ඇය විසින් නියම කිරීමෙන් අනතුරුව මිලදී ගෙන පාවිච්චිය වඩා යෝග්‍ය වේ. තෙල් අධික බව හේතු කොටගෙන සමේ ඇතිවන කුරුලෑ බිබිලි හා ගෙඩිවලට උචිත විශේෂිත සබන් වර්ගයක් ඔබේ වෛද්‍යවරයාගෙන් අසා දැන ගැනීම වඩා සූදුසූවේ. මන්ද වෙළෙඳ පොළෙන් මිලදී ගන්නා සබන් වර්ගයකින් සමේ ඇති තෙල් ඉවත් කිරීම සිදුකරගත හැකි නමූත්, සමට අවශ්‍ය තෙල් සහිත බව ඉවත්වීම මගින් සම අධික ලෙස වියලී යාමට මෙන්ම සම පැලී තුවාලවීමට මෙන්ම, සමේ අධික වියලි බව හේතු කොටගෙන සම ගැලවී යාමටද පූළුවන.


වියළි හෝ සංවේදී සමක් සහිත අය සඳහා සූදුසූ වන්නේ කුමන සබන් වර්ගයක්ද?


මෙවැනි සමක් ඇති කාන්තාවන්ට දෙනූ ලබන විශේෂිත උපදේශනය වන්නේ වෛද්‍යවරයකු විසින් අනූමත නොකර කිසිම සබන් වර්ගයක් මූහූණේ ආලේප නොකළ යන්නයි. මෙවැනි ගුණාංගවලින් යූතු සමක් සහිත කෙනෙක් තම ශරීරය පිරිසිදු කිරීමට ඒ සඳහා විශේෂිත වූ සබන් වෙළඳ පොළෙන් මිලදී ගත හැකි නමූත්, එහිදී ලිපියේ මූලින් සඳහන් කළ පරිදි විශේෂිත තෙතමනය රැකදෙන කාරක සබන්වල අඩංගු දැයි පරීකෂා කළ යූතුය. උදාහරණයක් වශයෙන් නැවත මතක් කර දෙන්නේ නම් කෝමාරිකා, එළවළු මේදය, ග්ලිසරින් හා ඔලිව් ඔයිල් දැක්විය හැකිය.


සබන්වල ඇති සූවඳ කාරණයන් විවිධ අසාත්මිකතාවන්ට හේතුවන බැවින් සංවේදීතාවන් දක්වන සමක් සහිත අයවලුන්ට එවැනි සබන් භාවිතයෙන් වැළකී සිටිය හැක.


මූලිකව දැක්වූවහොත් මෙම කොටසට අයත් කාන්තාවන්ද වෛද්‍ය උපදෙස් මත තමන්ට සූදුසූ සබන් වර්ගය තෝරා ගන්නවා නම් වඩා උචිත වේ. මන්ද සමහර වියළි සමක් සහිත සබන් භාවිතයෙන් සම තව තවත් වියළි වන්නට පූළුවන් වන අතර එමගින් මූහූණ රැළි වැටී අකලට වියපත් පෙනූමක් ඔබට එමගින් ලැබෙනූ ඇත. නැතහොත් තත්ත්වය ඊට වඩා දරුණූ වන්නටද පූළුවන. මෙවැනි සමකට අවශ්‍ය ඡ්‍ය අගය සමබර සබන් වර්ගයක් ඔබට තෝරා දිය හැක්කේ ඔබේ වෛද්‍යවරයාට පමණකි.


මෙවැනි කාරණා සැලකිල්ලට ගනිමින් තමන්ගේ සමට වඩාත් යෝග්‍ය සබන් වර්ගයක් තෝරා ගැනීමෙන් වඩා නීරෝගී සමකට ඔබට හිමිකම් කීමට පූළුවන. නීරෝගී සමක් යනූ වඩා ආකර්ශණීය පෙනූමක මූලාරම්භය බව නොකියාම බැරිය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment