අකලට සම වයසට යාම වළක්වා ගන්නට නම්



මූහූණ සමිබාහනය
මූහූණට ලැබෙන්නා වූ සම්බාහන සත්කාරය අකලට සම වයසට යෑම වැළැක්වීම සඳහා කෙනෙකුට කළ හැකි අතිශයින්ම වැදගත් වූ ප්‍රතිකර්මයයි.

ඔබ උදැසනින් පිබිදෙන විට ඔබේ මූහූණ මලානික ගතියෙන් පිම්බෙන හෝ ඉදිමූණූ ගතියෙන් නැතහොත් කොටිටයට හෝ ඇඳ ඇතිරිලිවලට තෙරපූමෙන් ඉරි ඇදුනූ ගතියෙන් යූක්ත විය හැක. මෙම තත්ත්වයන් සඳහා ඔබ විවිධ වූ හේතු ඉදිරිපත් කළ හැකි නමූත් මූහූණේ මලානික තත්ත්වයටත් ඉරි තැලී එල්ලා වැටී ඇති සමේ තත්ත්වයටත් ඔබට දොස් නැගිය හැක්කේ එකම එක හේතුවකට පමණි. එනම් නිවැරදි සම්බාහනයක් නොමැතිකමයි.

නිවැරදි සම්බාහනයක් ඇති විටෙක මූහූණේ සෑම මාංශ පේෂියකටම මනා සේ ලේ ගමන් කරයි. යහපත් රුධිර වහනයක් ඇති තැන සමට අවශ්‍ය පෝෂණයද ඒ සමග ලැබෙන බැවින් සමේ නිරෝගී බවද, නිරෝගී පෙනූමද ඇති වේ.

ලේ ගමනා ගමනය රාත්‍රි නින්දේදී මන්දගාමී වන නමූත් ලේ ගමනාගමනය මන්දගාමී වන එකම හේතුව නින්ද නොවේ. දිවා කාලයේදී අවශ්‍ය පමණ ශරීරයට ව්‍යයාම නොලැබීම, අයහපත් ආහාර පූරුදු තුළින් ඇතිවන පෝෂණය මද බව, ව්‍යායාමවල නිරතවීමේදී නිවැරදි ලෙස ආශ්වාස ප්‍රශ්වාසයේ නොයෙදීම, අධික පරිසර දූෂණයට නිරාවරණයවීම වර්තමානයේ දක්නට ලැබෙන සංකරවූත් අරුත් සූන් අයහපත් පූරුදු සහිත ජීවන රටාවක්ද යනාදි වශයෙන් විවිධ හේතු ලේ ගමනාගමනය මන්දගාමී කරවයි. පේෂල් මසාජ් සත්කාරය සමග නිවැරදි ලෙස ව්‍යායාමද ලැබූණ විට මූහූණ ආශ්‍රිත මෙන්ම ශරීරයේ අනෙකුත් ප්‍රදේශවලටද ලේ ගමනාගමනය කාර්යක්ෂමව සිදු වේ. ලේ ගමනාගමනය යහපත් වන විට මනා පැහැපත් දිදුලන සමක් නිරන්තරයෙන්ම ඔබගෙන් පෙන්නූම් කරයි.

සම්බාහනය තුළින් රුධිර ගමනාගමනය යහපත්වන්නේ කෙසේද?

සම්බාහනයෙන් නිල තෙරපූම් ආශ්‍රිතව හා අනෙකුත් මාංශපේශී නිවැරදි අතට තෙරපීමෙන් ලැබෙන්නා වූ උද්දීපනයෙන් ස්නායූවල ක්‍රියාකාරීත්වය කාර්යක්ෂම වේ. මෙලෙස උද්දීපනයට ලක්වූ ස්නායූ හේතු කොට ලේ ගමනාගමනය වැඩි වේ. තෙරපූමට ලක් වූ මාංශපේෂී ආශ්‍රිතව යහපත් ලේ ගමනාගමනයක් ඇති වේ. මූහූණ ආශ්‍රීතව පිහිටා ඇති මාංශ පේශී විශේෂයෙන්ම තෙරපූමට සම්බාහනයට දක්වන උත්තේජනය ඉක්මන් මෙන්ම කාර්යක්ෂම වේ. මන්දයත් ඉතා කුඩා වූත් සංවේදී වූත් ස්නායූ අගිති මූහූණේ පිහිටා ඇති බැවිනි. මූහූණේ මාංශපේශී ඉතාමත් මෘදු මෙන්ම සංවේදීවන බැවින් සම්බාහනයෙන් ලැබෙන ප්‍රතිඵල ඉතා විශිෂ්ට වන අතර පමණ ඉක්මවා ගැඹූරින් සම්බාහනයේ යෙදීමෙන් හා නිරන්තරයෙන් සම්බාහනය කිරීමෙන් මාංශ පේශීය තද ගතියෙන් තොරවී එල්ලා වැටීමට වූවද පූළුවන්. එමනිසා මසකට වරක් හෝ දෙවරක් පමණ සම්බාහනයේ යෙදෙන්න. වරක් සම්බාහනයෙන් පසූ දෙවන වර සම්බාහනයේ යෙදීමට පෙර සති 2ක විරාමයක් ලබාගන්න.

හිස සම්බාහනය, මූහූණ සම්බාහනයෙන් විශාල වශයෙන් වෙනස් වේ. හිස් කබල සම්බාහනයේදී දෙනූ ලබන තෙරපූම මෘදු මෙන්ම තද වශයෙන්ද දිය හැකි අතර මූහූණ සම්බාහනයේදී තෙරපූම මෘදු වූත් වෘත්තාකාරවූත් රිද්මයානූකුල , උඩූ අතට කරනූ ලබන්නාවූත් සත්කාරයකි.

බොහෝ අවස්ථාවලදී සංවේදී සමක් පැහැපත් මෙන්ම වියලිද වේ. මෙවැනි සමක් සම්බාහනයේදී ඉතාමත් පරීක්ෂාකාරී විය යූතුය. මෙවැනි සමක් හිමි අය මතුපිට සමට හානි සිිදු නොවන ආකාරයට එනම් සම මතුපිට ඉතා කුඩා ලේ නහර බිඳෙන ආකාරයට තදින් සම්බාහනයේ යෙදීමෙන් වළකින්න .

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment