බොහෝ දෙනෙකුට හොඳ නරක නොතේරෙන්නේ ඇයි?

යථා සංඛාර ධානස්මිං
උජ්කධිතස්මිං මහාපථෙ
පදුමං තත්ථ ජායෙථ
සූචිගන්ධං මනෝ පමං

එවං සංඛාර භූතේසූ
අන්ධභූතේ පූථූජ්ජනේ
අතිරෝචති පඤාඤාය
සම්මා සම්බූද්ධ සාවකෝ

පිපෙන්නේද කසල ගොඩක
සූවඳැති මලක් මන බඳිනා
එබඳුම කසල බඳු 
බාල දනන් මත
වැජඹෙති සම්බූදු සව්වෝ 
නූවණින් වැඩීලා



තථාගත බූදුරජාණන් වහන්සේ විසින් සැවැත්නූවර ජේතවනාරාමයේදී සිරිගුත්ත හා ගරහදින්න නම් යහළුවන් දෙදෙනාට මෙම උතුම් ගාථා රත්නයෝ දේශනා කරන ලදී. රෝස මල් කටූ සහිත නටූවෙන් යූතුව බොහෝ විටෙක කටූ අකුලකට පිපෙති. ඕළු, නෙළුම් හා මානෙල් මඩ ගොහොරුවකට හටගෙන ජලයෙන් මතුපිටට පැමිණ පිපෙති. මේ අයූරින් කොතැනක කෙසේ පිපූණත් පිපූණූ මල රුවැති නම් සූවඳැති නම් සියලු දෙනාම ප්‍රිය කරති. ඇළුම් කරති. කටූ අකුලක පිපූණ බව හෝ මඩ ගොහොරුවක හටගත් බව කිසිවෙකුටත් ගැටලුවක් නොවේ. එවැනි රුවැති හා සූවඳැති පූෂ්පයෝ නෙලා ඉහළම තැනක තැන්පත් කරති හිසෙහි පළඳති. මෙලොව පිදිය යූතු උතුමන් අතර ශේ්‍රෂ්ඨතම මනූෂ්‍ය රත්නය වූ බූදු උතුමන්ට පිදීමටද රැගෙන යති.

මෙවැනිම කසල ගොඩ ධර්මයෙහි සමාන කොට ඇත්තේ රාග දොස හා මෝයෙන් පිරි අන්ධ බාල පෘථජ්ජනයෝය. මෙම කෙලෙස් කසල නිසා මූළු පෙදෙසක්ම දුගද හමන්නාක් මෙන් රාග දෝස හා මෝහයෙන් පිරිපූන් මිනිසූන් නිසා එම පරිසරය දුගඳ හමන්නට පටන්ගනී. අධික රාගය ඇති අය හෝ තම රාග සිතුවිලි පාලනය කරගත නොහැකි මිනිසූන්ගෙන් සමාජ පරිසරයට කොපමණ නම් දුක් කරදර පැමිණ තිබේද? වැඩිහිටි කාන්තාවන්ට මව්වරුන්ට පමණක් නොව පාසල් යන වයසේ දියණිවරුන්ට පවා තනිව ගෙදරක සිටින්නට බැරි තරමට හා තනිවම මහ මඟ ගමන් කරන්නට අපහසූ තරමට රාග අධික පූද්ගලයන් නිසා විපත් පැමිණ තිබේ. රාගය ගින්නක් සෙයින් සිත තුළ හට ගන්නා විට තමා පමණක් නොව අනෙකුත් අයද රාග ගින්නට හසූ කර ගැනීමට රාගාධික පූද්ගලයා මාන බලයිි. ගින්නට හසූවන ඕනෑම දෙයක් පූළුස්සා දමයි. වටිනා හෝ නොවටිනා බවක් ගින්නට නොදැනේ. රාග ගින්නටද හොඳ නරක නොපෙනේ. වරද හෝ නිවරද නොදැනේ. මව්පදවිය හා පියපදවිය අමතක වී යයි. සහෝදර සහෝදරියන් අමතක වී යයි. අඩූම තරමේ මනූස්සකම පවා අමතක වී යයි. රාග ගින්න විසින් තම ජීවිතයේ මෙතෙක් පැවති යම් යහගුණයක් පැවතියේ නම් ඒ සියල්ලම විනාශ කොට දමයි. මෙම නිසා දුගඳ හමන කසල බඳු රාගය පාලනය කර ගැනීමෙන් විරාගී වීමට බූදු දහම උගන්වයි. දවේෂය ව්‍යාපාද ආදී නම්වලින් හඳුන්වන තරහවද හැබෑවටම කුණූ ගොඩකි. තරහව නම් වූ කෙලෙස් සිතුවිල්ල සිතට පැමිණි පසූ පූරුදු නොකරන ලද සිත් ඇති කවර තරාතිරමක පූද්ගලයෙක් වූවද වචනයෙන් හා ක්‍රියාවෙන් අප්‍රසන්න වෙයි . කුණූ කසල ගොඩින් දුගඳ පැතිරෙනවා මෙන්ම දකින්නන් කෙරේද ඇතිවන්නේ අප්‍රසන්න වූ හැඟීම් සමූදායකි. එමෙන්ම රාගී පූද්ගලයාගේ බැලීමද අප්‍රසන්නය. ක්‍රියාවන්ද පිළිකුල්ය. කේන්තිගති ඇති පූද්ගලයාගේ වචන පරුෂය. සිත් රිදවන සූළුය. යම් විටක අසාගෙන සිටිය නොහැකි තරමට ජූගුප්සා ජනකය. එමෙන්ම එවැනි පූද්ගලයෙකුගේ ක්‍රියාවන් අමානූෂිකබවට පත්වීමටද අවස්ථාව ඇත. තරහව නිසා දෙමාපියන් හා දරුවන් පවා මරණයට පත්කළ අවස්ථාද වර්තමාන සමාජ පරිසරයෙහි නිරන්තරයෙන් අසන්නට ලැබේ. බොහෝ පිරිසක් ලොව ඇති සියල්ලම අනිත්‍ය බව අමතක කොට ජීවත් වීමට උත්සාහ කරති. මේ නිසා හොඳින් බැරි නම් නරකින් හෝ කියමින් වෙනස්වන ලෝකයක දිරාගෙන යන වස්තුන් අල්ලාගන්නට මාන බලති. මේ සියල්ලෙහිම අවසාන ප්‍රතිඵලය මානූෂික බව ඉවත් වී මිනිස් සිත් කසල බවට පත් වී මිනිසූන් අමානූෂික බවට පත්වීමය. සැබවින්ම එවැනි සිත්වල ඇත්තේ කසල මිස වෙන කිිසිවක් නොවේ.

මෙවැනි මිනිසූන් මැද තථාගත බූදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ රාග දෝස හා මෝහ පාලනය කර ගෙන හා සහමූලින්ම ඉවත් කොට ගෙන පවත්නා සියල්ලේම ඇති අනිච්ච දුක්ඛ හා අනන්ත නම් ත්‍රිලක්ෂණ මැනවින් තේරුම් ගෙන ප්‍රඥාවෙන් යූතුව වැඩ වෙසෙති. බූදු සසූනෙහි සිවූ පිිරිස නම් භික්ෂූ භික්ෂූනි උපාසක හා උපාසිකා නම් වූ සිවූ පිරිසය. මෙම සිවූ පිරිස පැවිදි ශාවක කළ හැකිය. රාග දෝස හා මෝහ දුරු කළ පැවිදි හෝ ගිහි ශ්‍රාවක, ශ්‍රාවිකාවෝ රාගාදී කෙලෙස්වලින් මිදී වැඩ වෙසෙති. ජීවත් වෙති. මඩෙහි හටගත් නෙළුම මඩත් නොතැවරී හා ජලයේත් නොගෑවී දියෙන් මතුපිටට පැමිණ බබලන්නාක් මෙන් රාගාදී කෙලෙස්වලින් යූතු පිරිස් මැද ඉපදුණද ඒ රාගාධි කෙලෙස්වලට හසූ නොවී ඒ කෙලෙසූන් නිසා සිත් කසල බවට පත් නොකරගෙන ලෝකයේ උපේක්ෂාවෙන් වැඩ වෙසෙති. රාගාදී කෙලෙස්වලට හසූ වූ අය ඒ රාගාදි කෙලෙස් නිසා දුගඳ හමමින් විපතට පත් වෙද්දි කෙලෙස්වලින් මිදුනූ බූද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ අතීතය හෝ අනාගතය නිසා ශෝකයන්ට පත් නොවී වර්තමානයේ මෙන්ම මේ මොහොතේ ජීවත් වෙමින් නූවණින් යූතුව සිතේ නිවූණූ ස්වභාවය නිසා "වූ පසම නම්" සූවය විඳිති කෙලෙස්වලින් සහමූලිින්ම මිදුනූ සිතෙහි උපාදාන නම් වූ අල්ලා ගැනීම් නොමැති නිසා තමා වටා පවත්නා සචේතනික හා අචේතනික වස්තු එහි හැබෑම ස්වභාවය අනූව ඇති වී නැති වී යන විට සිතෙහි ගැටීමකට වෙනස්වීමකට හෝ ඒ නිසා දුකට පත්වීමකට ද අවස්ථාව නැත. මේ නිසා බූදු සව්වෝ ලොවක් හඬද්දී විදසූන් නූවණින් යූතුව ලොව සමාධියෙන් යූතුව වෙසෙති. එබැවින් කසල බඳු පූහූදුන් දනා මැද නිකසල සිතින් වෙසෙන්නට අදිටන් කර ගනිමූ. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයම වේවා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment