සම පිරිසිදු කිරීමෙන් පසූ ටෝනර් වර්ගයක් භාවිත කිරීමේ වැදගත්කම



ටෝනර් වර්ගයක් භාවිත කොට සම ටෝන් කිරීමේ වැදගත්කම ගැන මෙතරම් ගැඹූරින් කාන්තා පූවත්පතක ලිපියක් පලවීමේ ප්‍රථම අවස්ථාව මෙය බව ප්‍රථමයෙන්ම මා නොබියව කිව යූතුයි. සම ටෝන් කිරීම ගැන ශ්‍රී ලාංකීය රූපලාවන්‍යයේදී සාකච්ඡා කෙරෙන්නේ නැති තරම්ය. ශ්‍රී ලාංකේය රූපලාවන්‍ය වනාහි හූදෙක්ම මනමාලියන් ඇන්ද වීමට හා කොණ්ඩා මෝස්තර දැමීමට පමණක් සීමා වී ඇත. රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සම රැකගැනීමට හිමි වන සූවිශේෂ ස්ථානයේ සම පිරිසිදු කිරීමෙන් පසූ ටෝනර් භාවිතය කෙතරම් ප්‍රමූඛ තැනක් හිමි විය යූතුද යන්න මෙම ලිපිය කියවා අවසාන කරන විට ඔබට පැහැදිලි වනූ ඇත.



සම රැක ගැනීමේ දෛනික වතාවත්වලදී අත්‍යවශ්‍යයෙන්ම අනූගමනය කළ යූතු ප්‍රධාන කාර්යයන් 3 කි.

ක්ලෙන්ස් කිරීම

ටෝනර කිරීම

මොයිස්චරයිසර්

එහෙත් කාන්තාවන් බහූතරය ක්ලෙන්ස් කිරීමට හා මොයිස්චරයිසර් භාවිතයට පූරුදු වී ඇති නමූත් ටෝනර් භාවිතය සම්පූර්ණයෙන්ම අතහැර දමා ඇත. ඇත්තෙන්ම ටෝනර් භාවිත කිරිමෙන් ඔබේ සමට ලැබෙන ප්‍රතිලාභ මොනවාදැයි ඔබට හඳුන්වාදී ඒ සඳහා ඔබව යොමූ කිරීම මෙම ලිපියේ අරමූණයි. සම රැක ගැනීමේ ක්‍රියාවලියේ ඉතාම වැදගත් කොටසක් වන සම ටෝන් කිරීම අත්හැර දෑමීමෙන් අප සිදු කරගනූ ලබන්නේ විශාල වූ අවැඩකි. අප කවූරුත් දන්නා පරිදි සම පිරිසිදු කරගැනීම, සෞඛ්‍ය සම්පන්න ඉතා සූන්දර සමකට ප්‍රථමයෙන් ඉවහල් වන කාරණාවයි. නමූත් සමේ තැන්පත්ව ඇති තෙල් කුණූ දූවිලි සහ අප භාවිත කරනූ ලැබූ මේක් අප් ඇතුළු සියලු ද්‍රව්‍ය ක්ලෙන්ස් කිරීමෙන් යම් පමණකට ආරක්ෂක පටලයක් ලෙස ක්‍රියා කරන ස්වභාවික ඇසිඩ් ගතියෙන් යූක්තවන තත්ත්වයද ඉවත් කරනූ ලබයි. අපේ සම ස්වභාවයෙන්ම ආම්ලික ගතියෙන් යූක්ත වේ. ක්ලෙන්ස් කිරීමෙන් පසූව ඕනෑම සමක් සබන්වල හෝ ෆේස්වොෂ් වර්ගයක අඩංගු වන භාෂ්මික ගතියෙන් යූක්ත වේ. එලෙස වූ පසූ සමේ ඡ්‍ය සමබරතාවයට හානි පැමිණේ. මෙවැනි තත්ත්වයක් ඇතිවූ විට සමේ ඡ්‍ය සමබර තාවය ඇතිකර ගැනීමට අමතර ක්‍රියාවලියක සමට නිරතවීමට සිදුවේ. මෙහිදී ටෝනර් කිරීම මගින් එම තත්ත්වය පාලනය කොට පහසූකරවන ටෝනර් භාවිතයෙන් සමේ ඡ්‍ය සමබරතාවය ඉතා ඉක්මනින් නැවත ඇති කරවයි. ඉහතින් සඳහන් කරනූ ලැබූවේ ටෝනර් භාවිතය ප්‍රථමයෙන් ඇරඹීමට බලපෑ හේතු කාරණාවයි. අප කවූරුත් දන්නා පරිදි සමේ භාෂ්මික බව ඉහළ යාමෙන් සම අධික ලෙස වියළීමටත් සම රළුවීමටත් නොයෙක් ආකාරයේ සංවේදිතාවන්ටත් ලක්විය හැක. මෙම ආකාරයෙන් සමට බලපාන සියලු ව්‍යාකුලතා ටෝනර් භාවිතයෙන් මගහරවා ගත හැක.

නමූත් වර්තමානයේදී නව සොයා ගැනීම්වලට අනූව ටෝනර භාවිතයෙන් ඉතා අත්‍යවශ්‍ය කරණා 4 ක් සපූරා ගත හැක.

1. ටෝනර් භාවිතයෙන් සමේ සිදුරු ගැඹූරින් පිරිසිදු කළ හැක.

ටෝනර් භාවිත කිරීමෙන් සමේ සිදුරු දක්නට ලැබෙන එනම් ක්ලෙන්ස් කිරීමත් පසූව වූවත් ඉවත්ව නොගිය මේක්අප්, කුනූ, දූවිලි තෙල් මැරුණූ ෙසෙල, අනෙකුත් නිෂ්පාදන භාවිතයෙන් සම මතුපිට ඉතිරි වූණ දේ. ඉතා ගැඹූූරින් පිරිසිදු කොට ඉවත් කරනූ ලබයි. ලංකාවේ බහූලව කියැවෙන මිථ්‍යාවක් වන ටෝනර් සමේ විවර වූ සිදුරු නැවත වසනූ ලැබේ. යන්න ටෝනර් භාවිතයෙන් සිදුනොවන අතර එසේ සිදුනොවන්නේ ටෝනර් භාවිතයෙන් රෝම කූප සහිත සිදුරුවල විවර වීම හෝ වැසීම සිදුකිරීම සඳහා මාංශ පේෂීී එම සිදුරුවල අඩංගු නොවන බැවිනි. (යමක් විවර වීමට හෝ වැසීමට එම විවරය හෝ විවෘත වීම ආශ්‍රීතව මාංශ පේශී පිහිටා තිබිය යූතුයි) නමූත් රෝම කූප සහිත සිදුරු පෙනූමෙන් කුඩා කර පෙන්වීමට හැකියාවක් ඇත්තේ ඒ ආශ්‍රිත වටපිටාවේ මනා කොලජන් ඉලාස්ටින් වල උදව්වෙන් පමණි.

විශේෂයෙන්ම පයිප්ප වතුරෙන් මූහූණ පිරිසිදු කිරීමේදී එම වතුරේ අඩංගු ෆ්ලෝරයිඩ් සෝඩියම් , ක්ලෝරින්, යන අපද්‍රව්‍ය සමේ තැන්පත් වීමට පූළුවන්. එසේ තැන්පත් වන අපද්‍රව්‍ය සමෙන් ඉවත් කිරීමට ටෝනර් භාවිතය ඉවහල් වේ. එම අපද්‍රව්‍ය ඉවත් නොවූවහොත් සමේ සිදුරු වැසීගොස් සම මතුපිටට ස්වභාවික තෙල් පැමිණීම වළක්වා, සම අධික වියළි තත්ත්වයකට පත් කෙරිය හැක. දිගින් දිගටම ටෝනර් භාවිත නොකොට මොයිස්චරයිසර් භාවිත කළ හොත් සමේ ගැඹූරින් ඉතිරි වූ අපද්‍රව්‍ය තව තවත් ගැඹූරට තල්ලු කර හරින බැවින් සමේ සිදුරු අවහිර වීමෙන් ලප හා පලු දෑමීම්, කුරුළෑ ද ඇක්නිි, වයිටි හෙඩ්ස්, බ්ලැක්හෙඩ්ස්, සම රළු වැටීම්, කී්‍රම් වර්ග සමට උරා නොගැනීම වැනි උපද්‍රවයන්ට සම ලක්වීමට පූළුවන්.

2. දෙවැනි කාරණාව වන්නේ ඉහතදී සාකච්ඡා කළ පරිදි සමේ ඡ්‍ය සමබරතාවය රැක ගැනීමය

3 . ටෝනර් භාවිතයෙන් සමේ තෙතමනය රැක දෙන අතර මනාසේ සමේ ෙසෙලවල ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යෑමටද ඉවහල්වේ.

4. ක්ලෙන්ස් කිරීමෙන් පසූව ටෝනර් භාවිත කිරීමෙන් සමේ ඉන්පසූව කරනූ ලබන සත්කාර හා ප්‍රතිකර්මයන්වලට අදාල සියලු ද්‍රව්‍ය සමට උරාගැනීම පහසූ කරයි. සමට පිටතින් ලබාදෙන පෝෂණය වඩා ගැඹූූරින් සමට උරාගෙන එම ද්‍රව්‍ය කාර්යක්ෂම ලෙස සම තුළට ගෙන යයි.

විවිධ වර්ගයේ ටෝනර් වර්ග වෙළෙඳ පොළේ දක්නට ලැබෙන අතර වඩා හොඳ ටෝනර් වර්ගයක් තේරීමේදී ඇල්කොහොල් අඩංගු නොවන වර්ගයක් තේරීමට වග බලාගන්න. ස්වාභාවික ශාකසාර අඩංගු ටෝනර් වර්ග ඉතා යෝග්‍ය වේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment