ගැස්ට්‍රයිටීස් නිසාම ඇතිවන තවත් රෝගී තත්ත්වයක්

අද සමාජයේ බහූල ලෙස පූද්ගලයන් අතර මානසිකව පීඩාදෙන ගැස්ට්‍රයිටීස් (ආමාශගත දැවිල්ල) රෝගය දෑකිය හැකිය. ආමාශ දැවිල්ල වැළඳීමට පෙර එන අනතුරු හැඟවීම් ලෙස බඩපූරවා දැමීම, ආහාර ගැනීම අපහසූවීම, වමනය, ඔලුව බරගතිය, නිතර නිතර ක්ලාන්ත ගතිය වගේ දැනීම, ඇඟට අපහසූව, මළපහ කිරීමේ වෙලාව වෙනස්වීම, අනූන්ව නොරුස්සනා ගතිය දෑකිය හැක.

කුමක්ද මේ ආමාශගත දැවිල්ලට හේතුව.

මේ සියලු දේට හේතුව නම් කලට වෙලාවට ආහාර පාන නොගැනීම සහ අනවශ්‍ය කල්පනාවයි. ආමාශය තුළ නිතර හිස්වූවිට ආමාශය තුළම නිපදවෙන යූෂයක් වන හයිඩ්‍රොක්ලෝරීන් අම්ලය හිස් ආමාශය තුළ වැඩියෙන් ශ්‍රාවය වේ. ඒ හේතුවෙන් ආමාශය තුළ උෂ්ණත්වය වැඩිවීම නිසා ආමාශයට හානිවීමට වැඩි ප්‍රවණතාව ඇතිවේ.

ඒ හේතුවෙන්ම පමණද ආමාශගත දැවිල්ල ඇතිවන්නේ.

කලට වේලාවට ආහාර පාන නොගැනීම එක් හේතුවක් පමණයි. තව ද අප රෝගාබාධවලට ගන්නා සැර ඖෂධ වර්ග නිසා, තෙල් අධික ආහාර භාවිතය නිසා, සැර අධික ආහාර, කෝපි නිතර පානය, මධ්‍යසාර, දුම්පානය, අධික වෙහෙස, අධික දුක, අධික තරහා, ප්‍රමාණවත් තරමට ජලය පානය නොකිරීමත් මේ සඳහා හේතුවනවා.

ආමාශගත දැවිල්ල හේතුවෙන් කලක් යනවිට මූහූණපෑමට සිදුවන ආබාධ අනිවාර්යයෙන්ම ආමාශ තුවාල සහ කුඩා බඩවැල සහ යන ඒවාට මූහූණ දීමට සිදුවේ.

ඉන්පසූ තවත් වේදනාකාරී තත්ත්වයකට කලක් යනවිට මූහූණපෑමට සිදුවේ. ආමාශයට අඩූවන ආහාර පාන හේතුවෙන් ආමාශය තුළ තිබිය යූතු තෙතමනය අඩූවීමත් සමග ආමාශය තුළින් පිටකරන අපද්‍රව්‍ය වේලීමකට පත්වේ. ඉන්පසූ ගුද මාර්ගය දක්වාද අසහනකාරී තත්ත්වයක් උදාවේ. ගුද මාර්ගයද නොයෙකුත් විෂමතාවලට භාජනය වේ. ගෙඩි සහ තුවාල ඇතිවී (වේදනාවක් ඇතිව හෝ නැතිව) ලේ වහනය වීමක් සිදුවිය හැකිය.

මෙයින් මිදීමට අප පිළිපැදිය යූතු ක්‍රියාමාර්ග මොනවාද?

ගැස්ට්‍රයිටීස් (ආමාශගත දැවිල්ල සහ අර්ශස්) වලින් මිදීමට නම් තමා තමන්ව හොඳින් බලාගත යූතුය. මානසික පීඩනවලින් ඉවත් විය යූතුයි. අනවශ්‍ය කල්පනාවලින් මිදිය යූතුය. කලට වේලාවට ආහාර පාන ගත යූතුය. ඉතාම පිරිසිදු සැර අඩූ, තෙල් අඩූ ආහාර වර්ග ගත යූතුයි. නිතර කෙඳි සහිත එළවළු, පලා වර්ග, පිරිසිදු ජලය වැඩිපූර පානය කිරීම, දිනපතා පලතුරු හෝ පලතුරු යූෂ, කැඳ, කිරි බිස්කටි වැනි සූළු ආහාරයක් එක්කර ගැනීම ඉතාම වැදගත් බව මතක තබාගන්න.

ඒ වගේම ආමාශගත දැවිල්ල, අර්ශස් අමාරුව, අතුරු ආබාධයක් නොමැතිව චීන කටූ ප්‍රතිකාර මගින් නිටිටාවට සූවකළ හැකිය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment