කාන්තාවන්ටම විශේෂිත වූ බාතෝලියන් ඇබ්සිස්

අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කාන්තාවන්ගේ බාහිර ලිංගේන්ද්‍රිය ආශ්‍රිත රෝගයක් ගැනයි.

බහූලවම කාන්තාවන්ගේ දැකිය හැකි රෝගයක් තමයි බාතෝලියන් ඇබ්සිස් රෝගය ( තත්ත්වය නැතහොත් බාතෝලින් සිස්ටි ලෙස හඳුන්වන රෝග තත්ත්වය.

කාන්තාවගේ බාහිර යෝනි මාර්ගයේ විවරය දෙපස තියෙනවා. ලේවියා මයිනෝරා සහ ලේවියා මැජෝරා කියලා හඳුන්වන තොල් දෙකක් වැනි අවයවයක්. විශේෂයෙන්ම මෙහි ඇතුළත බාහිර ලිංගේන්ද්‍රියේ තෙතමනය ඇති කරන ශ්‍රාවයක් නිකුත් කරන ග්‍රන්ථියක් පිහිටා තිබෙනවා. මෙය හරියට ස්වේද ග්‍රන්ථියක් වගෙයි. සමහර අවස්ථාවල මෙම ග්‍රන්ථිය අවහිරවීමකට ලක් වෙන්න පූළුවන්. මෙම අවහිරතාවයට විවිධ හේතුන් බලපාන්න පූළුවන්.

බැක්ටීරියා ආසාදනයක් හෝ වෙනත් අවහිරතාවයක් මෙයට බලපාන්න පූළුවනි. සියයට අනූවක් පමණ මෙම ග්‍රන්ථිය අවහිර වෙන්න බලපාලා තියෙන්නේ බැක්ටීරි ආසාදන තත්ත්වය කියලයි අපි හඳුනාගෙන තියෙන්නේ. මෙසේ අවහිරවීමෙන් ගෙඩියක් ඇති වෙනවා. මෙම ගෙඩිය නිසා අධික වේදනාවක් ඇති වෙනවා. සමහර අවස්ථාවල සැරව පවා පිටවෙන්න පූළුවන්.

මෙතනදී වෛද්‍යවරුන් කරන්නේ ශල්‍යකර්මයකට භාජනය කරලා එම ග්‍රන්ථිය විවර කරලා තබා ගැනීමයි. මෙම ශල්‍ය කර්මය ඵ්රිමචස්කසි්එසදබ දත ඊ්රඑයදකසබ කහිඑ ලෙස අපි හඳුන්වනවා.


මන්ද ලිංගික සංසර්ගය පහසූ කරන්න මෙම ශ්‍රාවය වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් මෙම තත්ත්වය මූලික අවස්ථාවේ තියෙනවා නම් වෛද්‍යවරයා දෙනූ ලබන ප්‍රතිජීවක ඖෂධ මගින් තත්ත්වය පාලනය කළ හැකියි.

අවූරුදු හැටපහට වැඩි කාන්තාවන්ට මෙම තත්ත්වය ඇති වෙනවා නම් වෛද්‍යවරු වඩාත් සැලකිලිමත් වෙන්නේ පිළිකාමය තත්ත්වයන් වළක්වා ගත යූතු නිසයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

2 comments :

  1. මේක ඇබසිස් නෙමේ ඇබ්සස් අනික සිස්ටි නෙමේ සිස්ට්

    ReplyDelete
  2. අනික ලේවියා නොවේ ලේබියා

    ReplyDelete