දියවැඩියාව ඇති නොවන්නට ආහාර පාලනය කරගන්නේ කොහොමද?

සෝසෙඩ් විලියම් කූපර් නමැති ඉංග්‍රීසි ජාතික ලේඛකයා විසින් විවිධත්වය ජීවිතය රස කරයි ලෙස සඳහන් කර තිබේ. ආහාර හූවමාරුව දියවැඩියා රෝගීන් අවබෝධ කර ගැනීම ඉතාම වැදගත් වේ. තමන් දිනපතා ගන්නා ආහාරවල විවිධත්වය ද රස සහ ගුණ තිබීමක් ද රුචිකත්වය ද තිබීම වැදගත් වේ.

ආහාර තෝරා ගැනීමේදීත්, පිළියෙල කිරීමේදී ද විවිධත්වයක් තිබූ විට ආහාර ගැනීමේදී ආශාවක් ඇති කරයි. එවැනි කෙනෙකු උත්සව අවස්ථාවකට, වෙනත් ගෙදරකට පවා ගියවිට දියවැඩියා රෝගය තමන්ට තිබේ යැයි සිතමින් පසූතැවෙනවට වඩා තමන්ට සූදුසූ ආහාර පමණක් තෝරාගෙන සාමාන්‍ය ජනතාව සමග හැසිරීමෙන් තවත් කෙනෙකු බව දියවැඩියා රෝගයෙන් පෙළෙන බව ද වටහා නොගනූ ඇත. උදාහරණයක් විදිහට පලතුරු, සලාද, දියවැඩියාවට හිතකර රනිල බෝග, කැකුළු බත් වැනි දේ ගත හැකිය. බීම සඳහා ස්වභාවික පලතුරු යූෂ, දෙහි, දොඩම් ගත හැකිය.

ආහාර හූවමාරුව සඳහා දියවැඩියා රෝගියෙකුට ගත හැකි ආහාර කොටස් කිහිපයකට බෙදා ඉදිරිපත් කළ හැකි වේ.

කොළ වර්ග

මූරුංගා කොළ, කතුරුමූරුංගා කොළ, තම්පලා, වැල්දොඩම් දළු, තෝරා කොළ, ගොටූ කොළ, කොහිල, කෙකටිය, තෙබූ, බීටිරූටි කොළ, කැරන්කොකු (මේවා කෘමිනාශකවලින් තොර ගත යූතුය.)

ගෙඩි එළවළු වර්ග

කරවිල, මූරුංගා, බණ්ඩක්කා, පතෝල, වැටකොළු, පිපිඤ්ඤා, බෝංචි, තිත් බටූ, බටූ මේවා මගින් රෝගියෙකුට අවශ්‍ය විටමින්, ඛණිජ ලවන ආහාර වේලට ලැබේ. ශක්තිය ද ලැබේ. මෙවැනි එළවළුවලින් එක කෝප්පයක ප්‍රමාණය දිනපතා ආහාරයට එකතු කර ගැනීම සෑහේ. මේවා ද විවිධත්වය ලැබෙන පරිදි ආහාරයට එකතු කර ගත යූතුවේ.

පහතින් හඳුන්වන කාණ්ඩයට අයත් වන්නේ පලතුරු මෙන් ගත හැකි එළවළු වර්ග වේ. මෙයින් ශක්තිය සිරුරට එකතුවේ. කෝප්ප භාගයක දේවල් පිසීමෙන් පසූව කෝප්පයක ප්‍රමාණ ලැබේ. එහි කාබෝහයිඩ්ඩේ්‍රටය ග්‍රෑම් 5 ක් වේ. එයින් ශරීරයට කිලෝ කැලරි 28 ක් ලැබේ.

පලතුරු මෙන් ගන්නා එළවළු

කැරටි, බීටිරූටි, කොස්, ග්‍රීන් පීස්, අළු කෙසෙල්, ළුෑනූ.

දියවැඩියා රෝගීන්ට සූදුසූවන පලතුරු වර්ග. මෙම පළතුරු ග්‍රෑම් පනහක ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් කාබෝහයිඩ්ඩේ්‍රටි ග්‍රෑම් 10 ක් හෝ කිලෝ කැලරි 40 ක ප්‍රමාණයක් ශක්තියක් ශරීරයට ලැබේ.

පලතුරු

කෙසෙල් (ආනමාළු) 1/2

මැංගුස්ටින් කුඩා 2

රඹූටන් 6

දොඩම් (කුඩා) 1

දොඩම් (යූෂ)කෝප්ප 1/2

පැපොල් 1/3

අඹ 1/2

පෙයාස්1

අන්නාසි කැබලි 2 ක්

මිදි යූෂකෝප්ප 1/2

ලෙමන්කෝප්ප 3/4

පහත ලැයිස්තුවේ ආහාර කෑම වේලට එකතු කර ගැනීමෙන් කාබෝහයිඩ්ඩේ්‍රටය ග්‍රෑම් 15 ක් ද ප්‍රෝටීන ග්‍රෑම් 2 ක් ද ශරීරයට ලැබේ. එයින් ශරීරයට කිලෝ කැලරි 68 ක ශක්තියක් ලැබේ.

පාන් (දුඹූරු හෝ සූදු)පෙති එකයි

බනිස් ගෙඩියකින්1/2

නූඩ්ල්ස් · මැකරෝනිකෝප්ප 1/2

ඉදිආප්ප (ලොකු)2

පිටිටූ සෙන්ටිමීටර් 5 ක ප්‍රමාණයෙන්1

අලකෝප්ප 1/4

කේක් (අයිසින්වලින් තොරව)සෙන්ටි මීටර් 3 ප්‍රමාණය

අයිස් ක්‍රීම්කෝප්ප 1

බිස්කටි1

මෙවැනි ආහාර ක්‍රමවේදයකට හූරුපූරුදු වීමෙන් දියවැඩියා රෝගියෙකුගේ සෞඛ්‍ය තත්ත්වය ආහාර මගින් පාලනය කළ හැකිවේ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment