දෑත ලස්සනට තබාගන්නේ කොහොමද?


දෑත් යනූ යූවතියකගේ පිරිසිදුකම මෙන්ම සූන්දරත්වයද කියාපාන අංගයක් බව අප කවූරුත් දන්නා කරුණකි. නමූත් බොහෝ යූවතියන් තම මූහූණට දක්වන සැලකිල්ලෙන් බිඳක්වත් තම ශරිරයේ අනෙකුත් අංගයන් කෙරෙහි නොදක්වයි. එයට අයත් අංගයක් ලෙස අපට දෑත්ද හඳුන්වා දිය හැකියි. එයට හේතුව දෑත් කෙරෙහි අන් අයගේ වැඩි අවධානයක් යොමූ නොවන්නේ යැයි සිතනා බැවිනි. නමූත් වර්තමානය වන විට බොහෝ ක්‍රම මගින් තම දෑත් සූන්දර කර ගැනීමේ අවස්ථාව කාන්තාවට ලැබී ඇත. එහිදී දෑත් සඳහා මෙනිකියූ වැනි දේවල් හඳුන්වා දෙන්නට පූළුවන.

මෙනිකියූූ ලෙස හඳුන්වා දෙන්නේ රූපලාවන්‍ය ආයතනයකින් කරගත හැකි දෑත් සඳහා වන විශේෂ සත්කාරයක් වන අතර එවැනි දේ සඳහා යොමූවීමට අවශ්‍ය පහසූකම් තමන්ට නොමැති නම් ඒ වෙනූවට තමන්ට නිවසේදීම දෙඅත් සඳහා විශේෂ සැලකිල්ලක් දෑක්විය හැක.

කාන්තාවන් වශයෙන් බොහෝ විට ගෙදර දොර කාර්යන්හිදී දෙඅත් වියලීමේ අවස්ථාවන් බොහෝ සෙයින් වැඩි බව අප කවූරුත් හොඳින් දන්නා කරුණකි. මන්ද රෙදිපිළි සේදීමේදී ඉවූම් පිහූම් කටයූතුවලදී බොහෝ දුරට සැර සබන් වර්ග, රෙදි සෝදන කුඩූ වැනි දේවල්වල ඇති විවිධ රසායනික ද්‍රව්‍ය නිසා දෙඅත් වියලීමට ලක් වේ. එසේම නිතරම ජලයෙහි දෙඅත් රැඳී පැවතීම නිසා අත් වියලීමට මෘදු ගතිය නැතිවීමට ලක් වේ. ඉවූම් පිහූම් කටයූතුවලදී යූවතියකගේ නියපොතුවල විවිධ කහට වර්ග බැඳීමේ හැකියාව වැඩියි. මේ සඳහා අපට සෑම විටම නිවසේ මූළුතැන්ගෙයි වැඩපල ඉවර වූ පසූ ඉවත දමන දෙහි ලෙල්ලක් වැනි දෙයකින් නියපොතු ටික අතුල්ලා මදින්නේ නම් නියපොතුවල අලංකාරය රඳවා ගැනීමේ හැකියාව පවතී. එසේම රෙදි සේදීමේදී හැකි සෑම විටම දෙඅත්වලට ග්ලවූස් දෙකක් පැළඳ ගැනීමට හැකියාව ඇත්නම් බොහෝ වටී. මන්ද රසායනික ද්‍රව්‍යවලට දෙඅත් නිරාවරණය වන්නේ නම් එය බොහෝ දුරට අත්වල වියලීමට ප්‍රධාන හේතුවක් වන බැවිනි.

අත් සෝදා ගන්නා සෑම විටම වියලි රෙදි කඩකින් අත් දෙක හොඳින් තෙත මාත්තු කර ගැනීමෙන් අත් වියලීම බොහෝ දුරට අවම කරගත හැක. මන්ද අත්වල වතුර රැඳී පැවතීම නිසා අත් වියලීම රැළි වැටීමට ඇති ඉඩකඩ බොහෝ දුරට වැඩි නිසාය. හැකි සෑම විටකම අත්වල මොයිස්චර්රයිසර් ක්‍රිම් එකක් ආලේප කරගැනීමේදී දෙඅත් වියලීමෙන් වළක්වා ගැනීමට හැකියාව පවතී. තම නියපොතු නිසියාකාරව කපා පිරිසිදුව තබා ගත්නේ නම් එය අත්වල අලංකාරයට විශාල පිටිවහලකි. දෙඅත් සූන්දරව තබාගැනීම යූවතියකගේ මෙන්ම කාන්තාවකගේ ලස්සන තව තවත් වැඩි කරන්නක් බව අමතක නොකළ යූතුය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment